සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පෘථිවිය සහ සෙසු ආකාශ වස්තූන් සූර්යයා වටා පරිභ්‍රමණය වන බව උපකල්පනය කරමින් සාදන ලද නක්ෂත්‍ර ආකෘතිය සූර්යකේන්ද්‍රීය වාදය නම් වේ. පෘථිවිය වටා සෙසු ග්‍රහයින් ආසන්න

සූර්යකේන්ද්‍රීය වාදය

  • මුල් පිටුව
  • සූර්යකේන්ද්‍රීය වාදය

පෘථිවිය සහ සෙසු ආකාශ වස්තූන් සූර්යයා වටා පරිභ්‍රමණය වන බව උපකල්පනය කරමින් සාදන ලද නක්ෂත්‍ර ආකෘතිය සූර්යකේන්ද්‍රීය වාදය නම් වේ. පෘථිවිය වටා සෙසු ග්‍රහයින් ආසන්න වෘත්තාකාර කක්ෂවල ගමන් කරන බව උපකල්පනය කැරෙන පෘථිවි කේන්ද්‍රවාදයෙන් මෙය වෙනස් ය.

සූර්ය කේන්ද්‍රවාදය (ඉහළ) සහ පෘථිවි කේන්ද්‍රවාදය (පහල) අතර වෙනස

පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වන බවට සාමොස් හි ඇරිස්ටාකස් විසින් ක්‍රි.පූ. 3 වන සියවස තරම් ඈත කාලයේ අදහස් පළ කැරුණ ද, එම අදහසට සමකාලීන නක්ෂත්‍රවේදීන්ගේ සහයෝගයක් ලැබුණේ නැත. සූර්ය කේන්දුවාදය පිළිබඳ වඩා සම්පූර්ණ ගණිතමය ආකෘතියක් සාදන ලද්දේ 16 වැනි සියවසෙහි දී නිකලස් කොපර්නිකස් විසිනි. කොපර්නිකානු විප්ලවයට මුල් වූ මෙම ආකෘතිය 17 වැනි සියවසෙහි දී ජොහැන්නස් කෙප්ලර් විසින් වැඩිදියුණු කරන ලද අතර,ඔහු ප්‍රකාශ කරේ සුර්යා වටා අනෙකුත් ග්‍රහ වස්තුන් ඉලිප්සියාකාර කක්ෂක ගමන් කරන බවයි. ගැලී‍ලියෝ ගැලිලි සොයාගත් දුරේක්‍ෂය භාවිතයෙන් කළ නිරීක්ෂණ මඟින් තහවුරු කරනු ලැබිණි.

තව දුරටත් විලියම් හර්ෂෙල්ගේ නිරීක්ෂණ අනුව විශ්වයේ කේන්ද්‍රය සූර්යයා නොවන බව තාරකා විද්‍යාඥයින් විසින් පිලිගැණුනු අතර, එඩ්වින් හබ්ල් සෞරග්‍රහ මණ්ඩලය බිලියන ගණනක් වූ චක්‍රාවාට වලින් එකක කොටසක් බව පෙන්වා දුන්නේය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 24, 2026

    හැමිල්ටන් ඇල

  • මැයි 26, 2026

    Black dwarf

  • ජූනි 09, 2026

    පළමුවන සියවස

  • අප්‍රේල් 27, 2026

    භාගික ආසවනය

  • අප්‍රේල් 23, 2026

    උද්ධික ප්‍රේමරත්න

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට