සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සූත්‍ර පිටකය ත්‍රිපිටකයේ කොටසකි. සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු

සූත්‍ර පිටකය

  • මුල් පිටුව
  • සූත්‍ර පිටකය

සූත්‍ර පිටකය ත්‍රිපිටකයේ කොටසකි. සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ.

පටුන

මුල් සූත්‍ර ග්‍රන්ථ

මූලික වශයෙන් බුද්ධ භාෂිත අඩංගුවන කොටස් මුල් සූත්‍ර ග්‍රන්ථ නමින් හැඳින්වේ. මෙම කොටස් ප්‍රථම ධර්ම සංගායනාවේදීම සම්පිණ්ඩනය කල බවට සැලකේ.

දීඝ නිකාය

ප්‍රධාන ලිපිය: දීඝ නිකාය

මූලික කොටස් 3ක් යටතේ මෙහි සූත්‍ර 34ක් ඇතුළත් වේ. බුදුරජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේද ‍ දීඝ නිකායේය.

මජ්ඣිම නිකාය

මෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් ඇත. කර්මය, ධ්‍යාන, සමාධි, ආත්මවාදයේ දෝෂ සහ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය.පණ්ණාසක වශයෙන් 3 කි.

සංයුක්ත නිකාය

මෙම සංයුත්තනිකාය තුළ කොටස් පහකි. මෙහුදි බුදුරජාණන් වහන්සේ විසින් බ්‍රාහ්මණ , ගෘහපති, දේවතා ආදී පුද්ගලයන්ගෙගප්‍රශ්න විසඳු ආකාරය දැක්වේ. අට්ඨකතාචාර්‍ය බුද්ධදත්ත හිමිට අනුව නම් මෙම සංයුත්තනිකායෙහි සූත්‍ර 7762 කි. නමුත් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයෙ සූත්‍ර පිටකයෙ එන සංයුත්තනිකාය තුළ එතරම් සූත්‍ර අපට හමු නොවේ. මෙහි සූත්‍ර දේශනා ගද්‍ය පද්‍ය ලෙසින් අපට අධ්‍යනයේදි හමු වේ. ධාතු, ඛන්ධ , ධ්‍යාන, මාර්ගඵල, සතිපට්ඨාන, බොජ්ඣංග ලෙස බොහෝ ධර්ම කරුණු ඇතුළත් වේ.

අංගුත්තර නිකාය

මෙය නිපාත 11 කට බෙදා ඇත.බුද්ධ දේශනාව තුළ අන්තර්ගත කරුණු අංගයෙන් අංගයට කරුණු ඇතුලත්කොට ඇති හෙයින් අංග+උත්තර > අංගුත්තර යන නාමය යෙදීම සිදුකොට ඇත.කරුණු එකක් පමණක් ඇතුලත් සූත්‍ර ඒකක නිපාතයටත් ,කරුණු 2 ක් අන්තර්ගත සූත්‍ර දුක නිපාතයටත් වශයෙන් කරුණු 11ක් අන්තර්ගත සූත්‍ර ඒකාදස නිපාතයටත් අන්තර්ගත කොට ඇත.නිපාත වශයෙන් 11 ක් වුවද සූත්‍ර වශයෙන් 9557ක් අංගුත්තර නිකායේ විද්‍යමාන වෙයි.

පශ්චාත් සූත්‍ර ග්‍රන්ථ

ඛුද්දක නිකාය

ප්‍රධාන ලිපිය: ඛුද්දක නිකාය

සමහර සම්ප්‍රදායන්ගේ පමණක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අතුලත්කොට ඇති පශ්චාත් සූත්‍ර ග්‍රන්ථ කොටසකි. මෙම නිකායට ‍ග්‍රන්ථ 15 ක් අයත් වේ. ග්‍රන්ථ 15 නම්:

1:ඛුද්දක පාඨ 2:ධම්ම පද 3:උදාන 4:ඉති උත්තක 5:සුත්ත නිපාත 6:විමාන වත්ථු 7:පේත වත්ථු 8:ථේර ගාථා 9:ථේරී ගාථා 10:ජාතක 11:නිද්දෙස 12:පටිසම්භිදා 13:අපදාන 14:බුද්ධ වංශ 15:චරියා පිටක

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 30, 2026

    The arts

  • මැයි 28, 2026

    ජගත් වික්‍රමසිංහ

  • අප්‍රේල් 09, 2026

    බුද්ධඝෝෂ හිමි

  • අප්‍රේල් 19, 2026

    උදාරි වර්ණකුලසූරිය

  • අප්‍රේල් 18, 2026

    කොංගෝලියානු වනාන්තර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට