සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සීනායි අර්ධද්වීපය හෝ සීනායි (අරාබි: سيناء‎ සීනා) යනු 60,000 වර්ග කිලෝ මීටර (6.5×1011 sq ft) පමණ භූමි වර්ගප්‍රමාණයකින් යුතු ඊජිප්තුවෙහි පිහිටි ත්‍රිකෝණාකාර අර්ධද

සීනායි අර්ධද්වීපය

  • මුල් පිටුව
  • සීනායි අර්ධද්වීපය
මෙම ලිපිය හෝ ලිපි කොටස සයිනායි අර්ධද්වීපය සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)

සීනායි අර්ධද්වීපය හෝ සීනායි (අරාබි: سيناء‎ සීනා) යනු 60,000 වර්ග කිලෝ මීටර (6.5×1011 sq ft) පමණ භූමි වර්ගප්‍රමාණයකින් යුතු ඊජිප්තුවෙහි පිහිටි ත්‍රිකෝණාකාර අර්ධද්වීපයකි. එය පිහිටා ඇත්තේ උතුරින් මධ්‍යධරණී මුහුද සහ දකුණින් රතු මුහුද ඇති පරිදී වන අතර, අප්‍රිකාවේ නොපිහිටමින් ආසියාවේ පිහිටා ඇති එකම ඊජිප්තියානු භූමි ප්‍රදේශය වෙමින් මහාද්වීප දෙක අතර භූමි පාලමක් ලෙසින් ක්‍රියා කරයි. අර්ධද්වීපයෙන් වැඩි කොටසක් පරිපාලනමය වශයෙන් ඊජිප්තුවේ පරිපාලන ප්‍රදේශ 27 අතුරින් දෙකක් අතරෙහි බෙදෙන අතර (තවත් තුනක් සූවස් ඇළ පෙදෙස අතරමැදි කොට පිහිටයි), එහි 500,000 පමණ ජනගහනයක් වෙසෙති. එහි විධිමත් නාමයට අමතරව, ඊජිප්තියානුවෝ "ෆෙයිරූස්ගේ දේශය" ලෙසින් එය සෙනෙහසින් අමතන්නේ, එම අර්ථයම ඇති පුරාතන ඊජිප්තියානු "ඩුමාෆ්කට්" යන්න පදනම් කර ගනිමිනි.

රටවල දේශසීමා දැක්වෙන සීනායි අර්ධද්වීපයේ සිතියමක්

මෙම භූමි ප්‍රදේශය ඓතිහාසික වශයෙන් බොහෝ රාජ්‍යයන් අතර ගැටුම් වලට කේන්ද්‍රස්ථානයක් වූයේ එහි යුද්ධෝපාය-සම්බන්ධී භූදේශපාලනීය පිහිටුම මත බෙහෙවින් පදනම් වෙමිනි. ඊජිප්තියානු රජයන්ගේ සෘජු පාලනය පැවැති කාලසීමාවන්ට අමතරව ( අයූබිඩ්වරුන්, මම්ලූක්වරුන්, මොහම්මඩ් අලි රාජවංශය, සහ නූතන ඊජිප්තියානු ජනරජය ඇතුළුව), ඊජිප්තුවේ අනෙකුත් ප්‍රදේශ මෙන්ම මෙම පෙදෙසද, ඔටෝමාන් අධිරාජ්‍යය, හා එක්සත් රාජධානිය (1882 සිට 1956 දක්වා මෙය විසින් ඊජිප්තුව අධිවාසනය කෙරිණි) විසින්ද අධිවාසනය කොට පාලනය කරන ලදි. 29°30′N 33°50′E / 29.500°N 33.833°E / 29.500; 33.833

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    Latin Church

  • අප්‍රේල් 05, 2026

    බර්ගර් ජනයා

  • අප්‍රේල් 04, 2026

    තුලත්ථන රජ

  • අප්‍රේල් 01, 2026

    පාරමිතා

  • අප්‍රේල් 08, 2026

    චුම්බක ක්ෂේත්‍රය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට