සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සිරි පෙරේරා (ඉංග්‍රීසි: Siri Perera) (තවද: යූ. ඒ. එස්‌. පෙරේරා / සිරි අය්යා) යනු තානාපති වරයෙකු, ජනාධිපති නීතිඥ වරයෙකු, ගුරුවරයකු , ගුවන් විදුලි නිවේදනයකු (ළමා

සිරි පෙරේරා

  • මුල් පිටුව
  • සිරි පෙරේරා

සිරි පෙරේරා (ඉංග්‍රීසි: Siri Perera) (තවද: යූ. ඒ. එස්‌. පෙරේරා / සිරි අය්යා) යනු තානාපති වරයෙකු, ජනාධිපති නීතිඥ වරයෙකු, ගුරුවරයකු , ගුවන් විදුලි නිවේදනයකු (ළමා පිටිය), ගීත රචකයක, නාට්‍යකරුවකු ලෙස 1940 දශකයේ කලාකරුවන් අතර ප්‍රමුඛ ස්‌ථානයක්‌ හිමිකර ගත්තෙකි.

සිරි පෙරේරා
උපත
කොළඹ ලංකාව
අනෙකුත් නම්යූ. ඒ. එස්‌. පෙරේරා, සිරි අය්යා
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියජනාධිපති නීතිඥ
සංගණ්‍ය වන්නේහිටපු ගරු ශ්‍රී ලංකා තානාපති ඉන්දියාව

ඔහු හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති ඉන්දියාව ද විය.

ජීවන සටහන්

කොළොන්නාවේ මීතොටමුල්ල ග්‍රාමයේ උපත ලද, ඔහුගේ පියා උස්‌වත්ත ආරච්චිගේ සයිමන් පෙරේරා හා මව පතිරගේ ඇලිස්‌ පෙරේරා නම් වූහ.

සිරි පෙරේරා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි හිටපු ගුරුවරයෙකි. නාලන්දාවේ දී ගරු පූජ්‍ය හීනටියන ධම්මාලෝක ස්‌ථවිර ඔහුගේ ගුරුවරයෙක් වූහ.

ලන්ඩන් මැටි්‍රක්‍යqලේෂන් විභාගය ඉතා උසස්‌ ලෙස සමත් වූ ඔහු විශ්ව විද්‍යාලයට ඇතුළත්ව සිය උපාධිය සඳහා පාලි, සංස්‌කෘත හා සිංහල යන විෂයයන් තෝරා ගත්තේය. විශ්ව විද්‍යාලයේදී ඔහුට මහාචාර්ය ගුණපාල මලලසේකර ගේ ශිෂ්‍යයකු වීමේ භාග්‍ය හිමි විය.

ආචාර්ය හෙන්රි ජයසේනයන් නාලන්දාවේ ශිෂ්‍යයකුව සිටියදී නාලන්දාවේ ආචාර්ය මණ්‌ඩලයේ සිටි සිරි අයියා (යූ. ඒ. එස්‌. පෙරේරා) නිෂ්පාදනය කළ "හරිශ්චන්ද්‍ර" නාට්‍යයේ රෝහිත කුමරුගේ චරිතය හෙන්රිගේ මුල්ම රංගනය විය. ජනප්‍රිය ගුවන්විදුලි විස්තර නිවේදක හා ගීත නිබන්ධක කරුණාරත්න අබේසේකරයන් නාලන්දාවේ ශිෂ්‍යයකුව සිටියදී ඔහුගේ සිංහල ගුරුවරයා වූයේ මොහුය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ උපදේශන කමිටුවේ සිටි මහාචාර්ය මලලසේකර මහතා සිරි අයියාව ළමා තීරය මෙහෙයවීමට යෙදෙව්වේය. එච්. එම්. වී. තැටියක පටිගත කෙරුණු පළමුවන විරිඳුව වූයේ "දොම්පෙට යන පාර කොයිබදෝ" විරිඳුවයි. යූ. ඒ. එස්‌. පෙරේරා මහතාගේ තවත් අනර්ඝ නිර්මාණයක්‌ වන ටි්‍රලීෂියා අබේකෝන් සමඟ විෙ-පාල ගායනා කරන "සුරතල් නංගියෙ අපේ අම්මා" ගීතය ළමා ගීත ඉතිහාසයේ නොමැකෙන සටහනකි.

ආශ්‍රිත

  • සිරි පෙරේරා ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු නීතිඥයින් හා විනිශ්චයකාරවරුන්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 31, 2026

    හෝල්ටර් මොනිටරය

  • මැයි 28, 2026

    Human physiology

  • මාර්තු 14, 2026

    මහින්දාගමනය

  • මැයි 31, 2026

    පුනර්භවය (බුද්ධාගම)

  • මාර්තු 31, 2026

    මන්නාරම බයෝබැබ් ගස

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට