| සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් | |
|---|---|
![]() සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක් | |
| ප්‍රභේදය | ඓතිහාසික කාලාන්තර නාට්‍ය ප්‍රේම කථා හාස්‍යය |
| මත පදනම්ව | ජුං ඉයුන්-ග්වොල්ගේ The Lives of Sungkyunkwan Confucian Scholars ඇසුරෙන් |
| රචනය කලේ | කිම් තේ-හී |
| අධ්‍යක්ෂණය කලේ | කිම් වොන්-සොක් හ්වං ඉන්-හ්යුක් |
| රඟපෑම | පාක් මින්-යොං පාක් යූචුන් යූ ආ-ඉන් සොං ජූං-කි |
| ඇරඹුම් තේමාව | "찾았다" (Found You), JYJ විසිනි |
| අවසන් තේමාව | "Too Love", ජුන්සු විසිනි |
| සම්භව රට | දකුණු කොරියාව |
| භාෂාව(න්) | කොරියානු |
| කථාංග ගණන | 20 |
| නිෂ්පාදනය | |
| විධායකනිෂ්පාදක(යෝ) | ක්වක් කි-වොන් |
| නිෂ්පාදක(යෝ) | යූ ගුන්-ෂික් |
| ධාවන කාලය | සඳුදා සහ අඟහරුවාදා 21:55ට (KST) |
| නිෂ්පාදන සමාගම | රේමන්ග්රේඉන් |
| ප්‍රචාරණය | |
| මුල් නාලිකාව | KBS2 |
| මුල් ධාවනය | 30 අගෝස්තු 2010 – 2 නොවැම්බර් 2010 |
| කාලානුක්‍රමය | |
| පූර්වගමනය වනුයේ | Grudge: The Revolt of Gumiho |
| අනුගමනය වනුයේ | Mary Stayed Out All Night |
| බාහිර සබැඳි | |
| වෙබ් අඩවිය | |
| කොරියානු නම | |
| හංගුල් | 성균관 스캔들 |
|---|---|
| හන්ජා | 成均館緋聞 |
| ප්‍රතිශෝධිත රෝමානුකරණය | Seonggyungwan Seukaendeul |
| මැකූන්–රයිෂවර් | Sŏnggyun’gwan Sŭk'aendŭl |
සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් (කොරියානු: 성균관 스캔들) යනු 2010දී විකාශය වූ දකුණු කොරියානු ප්‍රබන්ධ ඓතිහාසික නාට්‍යයකි. මෙමගින් කාන්තාවන්ට ඇතුළු වීමට අවසර නොතිබූ ජොසොන් රාජවංශයේ උසස්ම අධ්‍යාපන ආයතනය වූ සුංක්යුන්ක්වාන් වෙත ඇතුළු වන, පිරිමියකු මෙන් වෙස්වලාගත් තරුණියක් පිළිබඳ නිරූපණය වේ. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ කිම් වොන්-සොක් විසින් වන අතර, ලියන ලද්දේ කිම් තේ-හී විසිනි. මෙය ජුං ඉයුන්-ග්වොල්ගේ වඩාත් අලෙවි වූ 2007 නවකථාවක් වූ ද ලයිව්ස් ඔෆ් සුංක්යුන්ක්වාන් කන්ෆියුෂියන් ස්කොලර්ස් පාදක කරගනිමින් නිර්මාණය විය. එහි චරිත නිරූපණය පාක් යූචුන්, සොං ජූං-කි, යූ ආ-ඉන්, සහ පාක් මින්-යොං විසින් සිදුකරයි. එය KBS2 නාළිකාව ඔස්සේ 2010 අගෝස්තු 30 සිට නොවැම්බර් 2 දක්වා සඳුදා සහ අඟහරුවාදා දිනවල 21:55ට කථාංග 20කින් යුක්තව විකාශය විය.
කථාව
මෙය ගෙතී ඇත්තේ කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට හෝ රැකියා කිරීමට අවසර නොතිබූ අවධියකයි. සිය සොයුරා වූ කිම් යූක්-ෂික් මෙන් වෙස්වලාගන්නා කිම් යූන්-හී (පාක් මින්-යොං) නැමැති තරුණිය සිය පවුලේ අගහිගකම් සපුරා ගැනීමට උත්සාහ දරයි. ඇය නොයෙකුත් රැකියා සිදුකරන අතර, මුලින් ප්‍රදේශයේ පොත්හලක සේවයට යන ඇයට, පසුව ළඟම එන ගෞරවනීය සුංක්යුන්ක්වාන් ප්‍රවේශ විභාගයට විභාග ආදේශකයකු (නීතිවිරෝධී ක්‍රියාවකි) ලෙස පෙනී සිට සිය ආදායම වැඩි කරගැනීමට අවස්ථාව සැලසේ. ඇයව අවංක ලී සුන්-ජූන්ට (පාක් යූචුන්) හසුවන අතර, පසුව යූන්-හීගේ දක්ෂතා හඳුනාගන්නා ඔහු ඇයව විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට උපකාර කරයි. එහිදී ඇයට වංශවතකු වූ ගු යොං-හාගේ (සොං ජූං-කි) පීඩාවන්ට මුහුණ දීමට සිදු වන අතර, ඇයට සිය කාමරසගයා වූ මූන් ජේ-ෂින්ගේ (යූ ආ-ඉන්) විවිධ හැසිරීම්වලට ද මුහුණ දීමට සිදු වෙයි. එසේම දැඩි ශිෂ්‍ය සභාපතිවරයා වන හා ඉන්-සූ (ජුන් තේ-සූ) සමග ගැටුම් ඇතිනොකරගනිමින් සිය රහස සඟවා ගන්නා අතරම, ලී සුන්-ජූන් කෙරෙහි තම සිතෙහි දළුලන හැඟුම් පාලනය කරගැනීමටද ඇයට සිදු වෙයි.
කිම්, ලී, ගු, සහ මූන් යන සිව්දෙනා එක්ව "ජල්ගූම් සිව්දෙනාගේ කණ්ඩායම" ලෙස හඳුන්වයි (ඇතැම්විට රසිකයින් මෙය "ජොසොන් F4" ලෙස හඳුන්වයි).
චරිත නිරූපණය
ප්‍රධාන චරිත
- පාක් මින්-යොං, කිම් යූන්-හී ලෙස (පටබැඳි නාමය දේ-මුල්)
- පාක් යූචුන්, ලී සුන්-ජූන් ලෙස (පටබැඳි නාමය ගා-රං සහ වං සියෝ බැං)
- යූ ආ-ඉන්, මූන් ජේ=ෂින් ලෙස (පටබැඳි නාමය ගොල්-ඕ)
- සොං ජූං-කි, ගු යොං-හා ලෙස (පටබැඳි නාමය යෝ-රිම්)
- ජුන් තේ-සූ, හා ඉන්-සූ ලෙස
- සියෝ හ්යෝ-රිම්, හා හ්යෝ-ඉයුන් ලෙස
- කිම් මින්-සෝ, චෝ-සුන් ලෙස
- ආන් නේ-සං, ජොං යක්-යොං ලෙස
- ජෝ සුං-හා, ජොසොන්හි ජොංජෝ රජු ලෙස
- කිම් කප්-සූ, වම් රාජ්‍ය අමාත්‍ය ලී ජුං-මූ ලෙස
- ලී ජේ-යොං, හා වූ-ක්යු ලෙස (යුධ අමාත්‍ය)
- කිම් මි-ක්යුං, ජෝ මැතිණිය ලෙස (යූන්-හීගේ මව)
සහාය රංගනය
- කං සුං-පිල්, ඉම් බ්යුං-චූන් ලෙස
- කිම් දොං-යූන්, සෝල් ගෝ-බොං ලෙස
- චේ බ්යුං-චන්, කං-මූ ලෙස
- පාක් ග්‍යුන්-සූ, යූ චං-ඉක් ලෙස
- කිම් හා-ක්යූන්, චෝයි ෂින්-මූක් ලෙස
- කිම් යොං-බේ, ගෝ ජං-බොක් ලෙස
- ඉම් යොං-පිල්, හම් චූන්-හෝලෙස
- කිම් ජුං-ක්යූන්, ආන් දෝ-හ්යුන් ලෙස
- ජං සේ-හ්යුන්, කිම් වූ-ටක් ලෙස
- හ්වං චන්-සූ, බේ හේ-වොන් ලෙස
- ජූ ආ-සුං, නම් ම්යුං-ෂික් ලෙස
- ලී ඉන්, පාක් දල්-ජේ ලෙස
- කිම් ඉක්-තේ, අග්‍රාමාත්‍ය චේ ජේ-ගොං ලෙස
- හන් යුන්, කිම් යූන්-ෂික් ලෙස (යූන්-හීගේ සොයුරා)
- චෝයි දොං-ජූන්, මූන් ග්‍යුන්-සූ ලෙස (අධිකරණ අමාත්‍ය)
- පාක් දොං-බින්, යුධ අමාතයවරයාගේ ආරක්ෂකයා ලෙස
- කිම් ක්වං-ක්යු, හ්වං-ගා ලෙස
- ර්යු දම්, සූන්-දොල් ලෙස
- සුං හ්යුන්-ජූ, බෝ-ද්යුල් ලෙස
- ඉම් යූන්-ජුං, ඒං-ඒං ලෙස
- ජුං හ්යේ-මි, සොම්-සොම් ලෙස
- ලී මින්-හෝ, බොක්-සූ ලෙස (සුළු සොරා)
- කිම් දොං-හ්යුන්, බොක්-දොං ලෙස (සේවක ළමයා)
- පාක් චුල්-මින්, හන්සොංබු නිලධාරියකු ලෙස
- ලී දල්-හ්යුං, ගු යොං-හාගේ පියා ලෙස
- බං ජූන්-සෝ, ළමා කිම් යූන්-හී ලෙස
- ලී වොන්-ජොං, බක්-සූ යකැදුරුවරයා ලෙස (පසුබිම් රංගනය, කථාංගය 8)
- ඕ නා-මි, හ්යෝ-ඉයුන්ගේ මිතුරිය ලෙස (පසුබිම් රංගනය, කථාංගය 10)
- සියෝ ජි-යූන්, විශ්‍රාමලත් ගිසෙංවරිය ලෙස (පසුබිම් රංගනය)
පිළිගැනීම
මෙම කතාමාලාව ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකරගැනීමට සමත් විය. එහි ජනප්‍රියත්වය කොතෙක් ද යන්න, එහි නිලවෙබ්අඩවියේ පණිවිඩ පුවරුවේ වූ ඉතා ඉහළ මාර්ගස්ථ ක්‍රියාකාරකම් සංඛ්‍යාව මගින් සහ සහ ජනප්‍රිය ද්වාරයක් වූ ඩීසී ඉන්සයිඩ් තුළ KBS වෙබ්අඩවියේ කථාංග විචාරයන් ගණනාව මගින් මෙන්ම අලෙවි වූ ඩීවීඩී සහ OST ඇල්බම ඒකක ගණන මගින් ද පැහැදිළි වේ.පාක් යූ-චුන්ගේ සංගීත කණ්ඩායම වූ JYJ මගින් මෙහි නාදපථය නිර්මාණය කෙරුණු අතර, සති දෙකක් තුළ එහි පිටපත් 110,000ක් අලෙවි විය.
ඇගයීම්
| කථාංගය # | මුල් විකාශන දිනය | සාමාන්‍ය ප්‍රෙක්ෂක ප්‍රතිශතය | |||
|---|---|---|---|---|---|
| TNmS ඇගයීම් | AGB නීල්සන් | ||||
| දීපව්‍යාප්ත | සෝල් ජාතික අගනුවර පෙදෙස | දීපව්‍යාප්ත | සෝල් ජාතික අගනුවර පෙදෙස | ||
| 1 | 30 අගෝස්තු 2010 | 7.7% | 8.6% | 6.3% | 8.7% |
| 2 | 31 අගෝස්තු 2010 | 7.2% | 8.2% | 6.3% | 9.0% |
| 3 | 6 සැප්තැම්බර් 2010 | 8.0% | 8.1% | 7.3% | 9.3% |
| 4 | 7 සැප්තැම්බර් 2010 | 7.6% | 8.0% | 7.5% | 8.8% |
| 5 | 13 සැප්තැම්බර් 2010 | 7.8% | 8.1% | 8.0% | 9.5% |
| 6 | 14 සැප්තැම්බර් 2010 | 8.0% | 7.8% | 8.4% | 8.4% |
| 7 | 20 සැප්තැම්බර් 2010 | 9.7% | 9.0% | 8.7% | 9.0% |
| 8 | 21 සැප්තැම්බර් 2010 | 8.2% | 8.2% | 7.9% | 9.5% |
| 9 | 27 සැප්තැම්බර් 2010 | 9.8% | 9.2% | 9.2% | 9.6% |
| 10 | 28 සැප්තැම්බර් 2010 | 10.1% | 9.3% | 10.2% | 10.6% |
| 11 | 4 ඔක්තෝම්බර් 2010 | 9.2% | 8.8% | 10.4% | 10.5% |
| 12 | 5 ඔක්තෝම්බර් 2010 | 9.9% | 9.7% | 10.7% | 11.1% |
| 13 | 11 ඔක්තෝම්බර් 2010 | 11.2% | 11.1% | 12.8% | 13.1% |
| 14 | 12 ඔක්තෝම්බර් 2010 | 10.3% | 10.1% | 10.9% | 10.9% |
| 15 | 18 ඔක්තෝම්බර් 2010 | 13.0% | 13.0% | 13.1% | 14.0% |
| 16 | 19 ඔක්තෝම්බර් 2010 | 13.7% | 13.7% | 14.3% | 15.1% |
| 17 | 25 ඔක්තෝම්බර් 2010 | 12.9% | 13.1% | 13.0% | 13.9% |
| 18 | 26 ඔක්තෝම්බර් 2010 | 12.0% | 11.9% | 12.6% | 13.4% |
| 19 | 1 නොවැම්බර් 2010 | 12.5% | 12.2% | 11.8% | 12.6% |
| 20 | 2 නොවැම්බර් 2010 | 13.3% | 13.2% | 12.8% | 13.4% |
| සාමාන්‍යය | 10.1% | - | 10.1% | - | |
සම්මාන සහ නිර්දේශ
| වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | පුද්ගලයා | ප්‍රතිඵලය |
|---|---|---|---|---|
| 2010 | විශිෂ්ටතම සම්මානය, නළුවා | කිම් කප්-සූ | දිනාගති | |
| විශිෂ්ට සම්මානය, මධ්‍යම-දිගැති නාට්‍යයක නළුවා | සොං ජූං-කි | නිර්දේශිත | ||
| විශිෂ්ට සම්මානය, මධ්‍යම-දිගැති නාට්‍යයක නිළිය | පාක් මින්-යොං | දිනාගති | ||
| හොඳම නවක නළුවා | පාක් යූචුන් | දිනාගති | ||
| යූ ආ-ඉන් | නිර්දේශිත | |||
| නෙටිසනස්' සම්මානය, නළුවා | පාක් යූචුන් | දිනාගති | ||
| සොං ජූං-කි | නිර්දේශිත | |||
| යූ ආ-ඉන් | නිර්දේශිත | |||
| නෙටිසන්ස්’ සම්මානය, නළුවා | පාක් මින්-යොං | දිනාගති | ||
| ජනප්‍රිය සම්මානය, නළුවා | සොං ජූං-කි | දිනාගති | ||
| හොඳම යුවල සම්මානය | පාක් යූචුන් සහ පාක් මින්-යොං | දිනාගති | ||
| යූ ආ-ඉන් සහ සොං ජූං-කි | දිනාගති | |||
| 2011 | හොඳම නාට්‍යය | සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් | නිර්දේශිත | |
| හොඳම නිළිය (TV) | පාක් මින්-යොං | නිර්දේශිත | ||
| හොඳම නවක අධ්‍යක්ෂක (TV) | කිම් වොන්-සොක් | දිනාගති | ||
| හොඳම නවක නළුවා (TV) | පාක් යූචුන් | දිනාගති | ||
| වඩාත් ජනප්‍රිය නළුවා (TV) | පාක් යූචුන් | දිනාගති | ||
| කැපීපෙනෙන කොරියානු නාට්‍යය | සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් | දිනාගති | ||
| කැපීපෙනෙන කොරියානු නළුවා | පාක් යූචුන් | දිනාගති | ||
| කැපීපෙනෙන කොරියානු නිළිය | පාක් මින්-යොං | නිර්දේශිත | ||
| කැපීපෙනෙන කොරියානු නාට්‍ය OST | "Found You" - JYJ | නිර්දේශිත | ||
| ජනතා තේරීම සම්මානය | පාක් යූචුන් | දිනාගති | ||
| හොඳම නාට්‍යය | සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් | නිර්දේශිත | ||
| හොඳම අධ්‍යක්ෂක | කිම් වොන්-සොක් | දිනාගති | ||
| හොඳම නිළිය | පාක් මින්-යොං | නිර්දේශිත | ||
| හොඳම නවක නළුවා | පාක් යූචුන් | නිර්දේශිත | ||
| සොං ජූං-කි | නිර්දේශිත | |||
| හොඳම නවක නිළිය | කිම් මින්-සෝ | නිර්දේශිත | ||
| හොඳම මධ්‍යම-දිගැති නාට්‍යය | සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් | දිනාගති | ||
| 2012 | රූපවාහිනී සහ චිත්‍රපට සම්මාන | හොඳම කෙටි මාලානාට්‍යය සඳහා ලෝකඩ ලෝක පදක්කම | සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් | දිනාගති |
අන්තර්ජාතික විකාශය
JPN - මෙය Tokimeki: Sungkyunkwan Scandal (トキメキ☆成均館スキャンダル) යන තේමාව ඔස්සේ 2011 සැප්තැම්බර් 14 සිට නොවැම්බර් 24 දක්වා ටීවී ටෝකියෝ නාළිකාව මගින් විකාශය කරන ලදී.
MAS - ntv7 ඔස්සේ විකාශය විය.
SRI - අසලියා මල යන තේමාව ඔස්සේ ITN ඔස්සේ විකාශය කරන ලදී.
INA - indosiar නාළිකාව ඔස්සේ විකාශය විය.
PHL - Secret Love: Sungkyunkwan Scandal යන තේමාව ඔස්සේ ABS-CBN නාළිකාව ඔස්සේ විකාශය විය.- සැකිල්ල:රටේ දත්ත RO - Scandalul (ද ස්කැන්ඩල්) යන තේමාව ඔස්සේ Euforia TV නාළිකාවෙන් විකාශය විය.
THA - Bandit Nasai Huajai Wawun (บัณฑิตหน้าใส...หัวใจว้าวุ่น) යන තේමාව ඔස්සේ චැනල් 7 නාළිකාව ඔස්සේ විකාශය විය.
නාට්‍යමය ප්‍රභේද
මෙම කතාමාලාව නාට්‍යමය සංස්කරණයක් බවට පත්කොට ජපන් සිනමා ශාලාවන්හි 2011 මැයි 6–19 තෙක් "ඩොකිමෙකි☆ඉකෙමෙන් ෆෙස්ටිවල්"හි කොටසක් ලෙස විකාශය කරන ලදී
සංක්යුන්ක්වාන් ස්කැන්ඩල්හි පළමු සංවත්සරය සැමරීමට කොරියානු කේබල් නාළිකාවක් වූ QTV (ටර්නර් විකාශන පද්ධතිය සහ ජූංඇං ඉල්බෝහි අනුබද්ධ IS ප්ලස් හි හවුල් ව්‍යාපාරයක් වන) මෙම කතාමාලාව යළි සංස්කරණය කොට පැය දෙකේ රූපවාහිනී චිත්‍රපටයක් බවට පත්කොට 2011 සැප්තැම්බර් 10 දින විකාශය කරන ලදී.
- කොරියානු විකාශන පද්ධතියේ රූපවාහිනී නාට්‍ය
- දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලා
- ජෝසුන් රාජවංශය පසුබිමෙහි නිර්මාණය වූ රූපවාහිනී කතාමාලා
- 2010 දකුණු කොරියානු රූපවාහිනී කතාමාලා ඇරඹීම්
- 2010 දකුණු කොරියානු රූපවාහිනී කතාමාලා අවසන් වීම්
- කොරියානු-භාෂා රූපවාහිනී වැඩසටහන්කරණය
- රූපවාහිනී කතාමාලා
- 2010 දශකය තුළ දකුණු කොරියානු රූපවාහිනී කතාමාලා
