සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ආදිවාසීන් වශයෙන් සලකනු ලබන්නේ යම් කිසි දේශයක දැනට වාසය කරන්නා වූ ජන වර්ග අතුරින් පැරණිම ජන වර්ගයයි. ශ්‍රී ලංකාවේ ආදී වාසීන් යනුවෙන් සලකනු ලබන්නේ වැද්දන් ය. වැද්

ශ්‍රී ලංකාවේ ආදිවාසීන්

  • මුල් පිටුව
  • ශ්‍රී ලංකාවේ ආදිවාසීන්

ආදිවාසීන් වශයෙන් සලකනු ලබන්නේ යම් කිසි දේශයක දැනට වාසය කරන්නා වූ ජන වර්ග අතුරින් පැරණිම ජන වර්ගයයි. ශ්‍රී ලංකාවේ ආදී වාසීන් යනුවෙන් සලකනු ලබන්නේ වැද්දන් ය. වැද්දන්ට ප්‍රථමයෙන් මෙරට තුළ යක්ෂ, නාග, රාක්ෂ, දේව ගෝත්‍රවලට හා පුලින්ද, සබර නම් ජන කොට්ඨාසවලට අයත් ජනයා ජීවත් වී ඇති බවට සාධක බොහොමයක් ඇතත් වර්තමානයේ ආදිවාසීන් ලෙස සලකනු ලබන්නේ මෙම වැදි ප්‍රජාව ය.

ශ්‍රී ලංකාව මුල්කාලීන ආදිවාසීන්ගේ ඡායාරූපය

සිංහල සාහිත්‍යයේ වැද්දන් හැදින්වීමට 'මලදරු' (ගිරිවැසී), 'වනසර' (වනචාරි/වන්‍යවාසි), 'සැරව්' (ඊතල දරන්නා) වැනි වචන ද යොදා ගෙන ඇත. වැද්දන් විසින් තමුන් හදුන්වා ගන්නේ 'වන්නියලැත්තන්' ලෙසිනි. සිංහල ජාතක කතා පොතෙහි ද මොවුන් හැදින්වීමට 'මස් වැද්දා' යන යෙදුම භාවිතා කොට ඇත. පාලි හා සංස්කෘත පොත්වල "ව්‍යාධ" ලෙසින් දක්වා ඇත්තේ 'විදීම' වන අතර, මෙම ආදිවාසීන් දුන්නෙන් විද සතුන් දඩයම් කර ආහාරයට ගැනීම නිසා වැද්දන් ලෙස නම් කර ඇති බව ද ප්‍රකාශිතය.

එසේම අතීතයේ ගොවිතැන් නොකර දඩයමින් ජීවත්වන දඩයක්කරුවන්, දුනුවායන් සහ වනගත වූවන් ද 'වැද්දා' ලෙසින් හදුන්වා ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    Mannar District

  • මැයි 19, 2026

    එම්.ඩී. බන්ඩා

  • අප්‍රේල් 03, 2026

    පසේ බුදුවරු

  • මැයි 19, 2026

    IIIවන උදය

  • අප්‍රේල් 05, 2026

    ගම්පහ දිස්ත්‍රික්කය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට