සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වේල්සයෙහි කුමරිය (වේල්ස: Tywysoges Cymru) යනු, 1301දී පත්වූ පළමු පශ්චාත්-අභිභවන වේල්සයෙහි කුමරාගේ සමයෙහි පටන් වේල්සයෙහි කුමරාගේ බිරිය විසින් දැරුණු බ්‍රිතාන්‍ය

වේල්සයෙහි කුමරිය

  • මුල් පිටුව
  • වේල්සයෙහි කුමරිය

වේල්සයෙහි කුමරිය (වේල්ස: Tywysoges Cymru) යනු, 1301දී පත්වූ පළමු පශ්චාත්-අභිභවන වේල්සයෙහි කුමරාගේ සමයෙහි පටන් වේල්සයෙහි කුමරාගේ බිරිය විසින් දැරුණු බ්‍රිතාන්‍ය ගෞරවනීය අභිධානයකි.

වේල්ස් කුමරිය
Tywysoges Cymru  (වේල්ස)
වත්මන්
කැතරින්

9 සැප්තැම්බර් 2022 සිට
විලාසයඇගේ රාජකීය උසස්කම
සාමාජිකබ්‍රිතාන්‍ය රාජකීය පවුල

දසදෙනෙකුට වඩා බොහෝ වැඩි ගණනක් කිරුලට හිමිකම්පෑ පුරුෂයන් සි‍ට ඇති නමුත්, මෙතෙක් සිට ඇත්තේ වේල්සයෙහි කුමරියන් දස දෙනෙකු පමණයි. වේල්සයෙහි කුමරුන් වැඩි දෙනෙකු විවාහ පත් වී ඇත්තේ සිහසුනට පත්වීමෙන් අනතුරුවය. වේල්සයෙහි කුමරුන් කිහිප දෙනෙකු විවාහ පත් වීමට සුදුසු වයස එළඹීමට පෙර මියැදී ඇත.

වර්තමාන වේල්සයෙහි කුමරුගේ දෙවන භාර්යාව, කැමිලා, කෝන්වල්හී ආදිපාදවරිය, නිත්‍යානුකූලව වේල්සයෙහි කුමරිය වන නමුදු, අභිධානය භාවිතා නොකරන්නේ, ඇයගේ සැමියාගේ පළමු බිරිය වූ, නැසීගිය ඩයනා, වේල්සයෙහි කුමරියට සිදුකෙරෙන ගරු කිරීමක් වශයෙනි. වර්තමාන කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය ඊළඟ වේල්සයෙහි කුමරිය වෙතැයි අපේක්ෂා කෙරෙයි.

වේල්සයෙහි කුමරියන්

 
අවසාන වේල්සයෙහි කුමරියට පෙර කුමරිය, පසුව මේරි රැජින වූ අතර, කුමරියක ලෙසින් උපත ලබා වේල්සයෙහි කුමරිය වූ අවසන් තැනැත්තිය වෙයි.

වේල්සයෙහි කුමරියන් දසදෙනා (සහ එකිනෙකා විසින් අභිධානය දැරූ දින වකවානු) පහත පරිදී වෙයි:

  1. කෙන්ට්හී ජෝන් (අභිධානය දැරුවේ 1361–1376) — ඇයගේ ස්වාමිපුරුෂයා වූ එඩ්වඩ්, කළු කුමරුගේ මරණයෙන් පසුව, වැන්දඹු කුමරියක් බවට පත්වූවාය.
  2. ඈන් නෙවිල් (1470–1471) — ලැන්කැස්ටර්හී එඩ්වඩ් හා සමග ඇයගේ විවාහය නිසාවෙන් මෙම අභිධානයට ඕ උරුම කම් ලැබුවද එය භාවිතා කළ බවට වාර්තා නොමැත. ඇයගේ දෙවන ස්වාමිපුරුෂයා එංගලන්තයේ තෙවන රිචඩ් රජ බවට පත්වීමත් සමගම ඇය වල්ලභ රැජන බවට පත්වූවාය.
  3. ඇරගෝන් හි කැත්රයින් (1501–1502) — ඇයගේ පළමු ස්වාමිපුරුෂයා වූ ආතර්, කුමරුවකු ලෙසින්ම මිය ගිය විට, ඇය වැන්දඹු කුමරියක් බවට පත්වූවාය. 1509 දී ඔහුගේ රාජප්‍රාප්තිය සිදුවූ විගසින්, ආතර්ගේ බාල සොහොයුරු හෙන්රි වෙත යළි විවාපත්වූ ඇය, වල්ලභ රැජන බවට පත් වූවාය.
  4. ඇන්සබැක් හි කැරොලින් කුමරිය(1714-1727)-1727 දී ස්වාමි පුරුෂයා II වන ජෝර්ජ් නමින් රාජප්‍රාප්ත වීමත් සමග රජ බිසව බවට පත් විය
  5. සැකස-ගොතා හි ඔගස්ටා කුමරිය(1736-1751)- දෙවන ජෝර්ජ් රජුගේ වැඩිමහලු පුත් ෆ්‍රෙඩ්රික් කුමරුගේ බිරිඳය. විවාහ වීමත් සමග වේල්සයේ කුමරිය බවට පත් විය. ෆ්‍රෙඩ්රික් කුමරු 1751 දී පිය රජුට පෙර මියයාමත් සමග ඔවුන්ගේ පුත් ජෝර්ජ් විලියම් ෆ්‍රෙඩ්රික් කුමරු වේල්සයේ කුමරු බවට පත් කල අතර ඇය වැන්දබු වේල්සයේ කුමරිය ලෙස හඳුන්වනු ලැබිය
  6. බ්‍රන්ස්වික් හි කැරොලින් කුමරිය(1795-1820)-ජෝර්ජ් ඔගස්ටස්,වෙල්සසේ කුමරු හා විවාහ වීමෙන් වේල්සයේ කුමරිය බවට පත් විය. 1820 දී ස්වාමියා IV වන ජෝර්ජ් නමින් රාජප්‍රාප්ත වීමත් සමග
  7. ඩෙන්මාර්කයේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය(1863-1901) 1901 රජ බිසව බවට පත් විය.
  8. ටෙක් හි මේරි කුමරිය කුමරිය(1901-1910) 1910 රජ බිසව බවට පත් විය.
  9. ඩයනා ස්පෙන්සර් ආර්යාව(1981-1997) 1997 අභාවප්‍රාප්ත විය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    ශෛව ආගම

  • අප්‍රේල් 20, 2026

    හුන්නස්ගිරි ඇල්ල

  • මාර්තු 22, 2026

    නෙප්චූන්

  • මාර්තු 16, 2026

    පළමුවන කාශ්‍යප රජ

  • අප්‍රේල් 18, 2026

    Developing countries

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට