සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විජයබා කොල්ලය යනු 1521 දී සිදුවූ ඓතිහාසික සිද්ධියක් වන අතර එහිදී කෝට්ටේ රජුගේ (සයවන විජයබාහු රජ) පුතුන් තිදෙන ඔවුන්ගේ පිය රජුට එරෙහිව කැරලි ගසමින් තම පියා මරා ද

විජයබා කොල්ලය

  • මුල් පිටුව
  • විජයබා කොල්ලය

විජයබා කොල්ලය යනු 1521 දී සිදුවූ ඓතිහාසික සිද්ධියක් වන අතර එහිදී කෝට්ටේ රජුගේ (සයවන විජයබාහු රජ) පුතුන් තිදෙන ඔවුන්ගේ පිය රජුට එරෙහිව කැරලි ගසමින් තම පියා මරා දමා රාජධානිය තමන් අතරෙහි බෙදා ගත්හ.

ගොනුව:Sri Lanka geopolitics - after "Spoiling of Vijayaba".png
විජයබා කොල්ලයට පසු ලංකාවේ දේශපාලන සිතියම

සත්වන විජයබාහු රජ හට ඔහුගේ පළමු විවාහයෙන් (කීරවැල්ලේ බිසව) පුතුන් තිදෙනෙකු වූ අතර ඔවුහූ බුවනෙකබාහු (පසුව කෝට්ටේ සත්වන බුවනෙකබාහු රජ ), පරරාජසිංහ (පසුව රයිගම් බණ්ඩාර) සහ මායාදුන්නේ (පසුව සීතාවක මායාදුන්නේ රජ) නම් වූහ. රජු දෙවන වරට විවාහ වූ බිසව හට, දේවරාජ නම් පුතකු විය. ඔහුගේ දෙවන බිසවගේ ඉල්ලීම ප්‍රකාර, ඔටුන්න හිමි කුමරු බවට දේවරාජ නම් කෙරුමට පිය රජු විසින් තීරණය කර ඇති බව දැනගත් කුමරුවන් රජුට එරෙහි වූහ. කුලියට ගත් විදේශිකයෙකු ලවා රජු මාලිගාව තුලදීම ඝාතනය කරවන ලදි. මෙම සිදුවීම හැඳින්වෙන්නේ විජයබා කොල්ලය යනුවෙනි.

පසුබිම

1521 දී සිදුවූ විජයබා කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන්, කෝට්ටේ රාජධානිය තුන් කොටසකට බෙදිණි. කුමරුවන් තිදෙනා අතුරින් මායාදුන්නේ බාලයා වුවද සම්පූර්ණ සිද්ධියේ නියමුවා වූයේ මොහුය. කෝට්ටේ රජු බවට පත් වීමට මායාදුන්නේ සිහින මැවූ අතර සත්වන බුවනෙකබාහු මුල සිටම මොහු ගැන සැක කරමින් පෘතුගීසින්ගේ උදව් පැතීය. එබැවින් මෙම සිද්ධිය නිසාවෙන් අභ්‍යන්තර ආරවුල් සහ ශ්‍රී ලාංකික රාජධානියන්හී කටයුතු වලට අත පෙවීමට පෘතුගීසින්ට ඉඩ සැලසුණි.

මෙයද බලන්න

  • මායාදුන්නේ
  • කෝට්ටේ රාජධානිය
  • සීතාවක රාජධානිය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    Elizabeth II

  • අප්‍රේල් 09, 2026

    ගුණසේන ගලප්පත්ති

  • අප්‍රේල් 18, 2026

    සතර දළදා

  • ජූනි 06, 2026

    වැලන්ටයින් දිනය

  • මැයි 30, 2026

    Academic degree

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට