කලා සූරි රයිගම බුලත්සිංහලගේ ලූෂන් පෙරේරා (උපත 1942 දෙසැම්බර් 25), හෙවත් ලූෂන් බුලත්සිංහල, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙක් මෙන්ම කවියෙකු, අධ්‍යක්ෂකවරයෙකු, රචකයෙකු සහ වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙකු ද වෙයි. සිංහල නාට්‍ය හා රූපවාහිනියේ කැපී පෙනෙන චරිතයක් ලෙස සැලකෙන බුලත්සිංහල දශක පහකට වැඩි කාලයක් පුරා විහිදී ගිය වෘත්තීය ජීවිතය තුළ විචාරක පැසසුමට ලක් වූ නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කර ඇත. ඔහුගේ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යය සිංහල නාට්‍ය ඉතිහාසයේ කැපී පෙනෙන සලකුණක් ලෙස සැලකේ. ඔහු ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ වැඩසටහන් සම්පාදනය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයක් හෙබැවූවෙක්ද වෙයි.
ලූෂන් බුලත්සිංහල Lucien Bulathsinhala | |
|---|---|
| උපත | රයිගම බුලත්සිංහලගේ ලූෂන් පෙරේරා 30 මැයි 1943 රත්මලාන, ශ්‍රී ලංකාව |
| අධ්‍යාපනය | ධර්මාලෝක විද්‍යාලය දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය |
| උගත් ශාස්ත්‍රාලය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය |
| වෘත්තියs | නළුවෙක්, නාට්‍යකරුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, කවියෙක්, නාට්‍ය රචකයෙක් |
| සක්‍රීය වසර | 1967–වර්තමාන |
| Spouse | අනුලා බුලත්සිංහල |
| දරුවන් | හර්ෂ බුලත්සිංහල |
| Parents |
|
මුල් අවධිය
ලූෂන් බුලත්සිංහල මහතා 1943 මැයි 30 වන දින, රත්මලාන වෙඩිකන්ද වෙරළබඩ ගම්මානයේදී උපත ලැබුවේය. ඔහුගේ පියා රයිගම බුලත්සිංහලගේ මාර්ටින් පෙරේරා කැපවූ සමාජවාදියෙකි. ඔහුගේ මව සෙනරත් ගොඩගේ ජේන් නෝනා ගෘහණියක් වූවාය. ඔහුට සහෝදරයන් තිදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් සිටිති. සිය මුලික අධ්‍යාපන කටයුතු රත්මලාන ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙනුත්, උසස් පෙළ කටයුතු දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙනුත් හැදෑරූ බුලත්සිංහල මහතා 1963දී උසස් පෙළ විභාගය සමත් විය. පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයන් ශාස්ත්‍රවේදී උපාධියක්ද හිමි කර ගත්තේය. එකල ඔහු ලිපිකරු විභාගය සමත්ව අඹේවෙල රජයේ ගොවිපළේ ලිපිකරු ලෙස වැඩ භාර ගත්තේය.
ඔහු විවාහ වී සිටියේ සෙසු නිළි අනුලා බුලත්සිංහල සමගය. ලූෂන් ඇයව මුණගැසුණේ රංජිත් තිලකරත්නගේ ‘‘කෝන්තරේ’’ නාට්‍යයේ රඟපාන්නට ගිය අවස්ථාවේදීය. අනුලා රංගනයට පිවිසියේ 1967 දී ආර්. ආර් සමරකෝන් නිෂ්පාදනය කරන ලද "ලෙඩක් නැති ලෙඩක්" වේදිකා නාට්‍යයෙනි. ඉන්පසුව ඇය ලූෂන් විසින් නිර්මාණය කරන ලද තාරාවෝ ඉගිලෙති, රතු හැට්ටකාරී, මධුර ජවනිකා, කුවේණි, මහාසාර වැනි විචාරක පැසසුමට ලක්වූ වේදිකා නාට්‍ය කිහිපයකම පෙනී සිටියාය. ඇය 2020 ඔක්තෝබර් 16 වන දින වයස අවුරුදු 73 දී මිය ගියාය. මෙම යුවළට ඉන්ද්‍රචාපා නමින් (උපත 1970) එක් දියණියක් සහ හර්ෂ නමින් (උපත 1971) එක් පුතෙකු සිටී. හර්ෂ ජනප්‍රිය රූපවාහිනී කතාමාලා කිහිපයකම රඟපෑ නළුවෙකු, ගායකයෙකු සහ සංගීතවේදියෙකි.
වෘත්තීය ජීවිතය
පාසල් කාලයේදී ශාන්ති සාම කලා පීඨයට සම්බන්ධ වී ජෝසප් පෙරේරා යටතේ නාට්‍ය හැදෑරූවේය. ලුෂන්ගේ දක්ෂතා හඳුනාගත් ජෝසප් පෙරේරා මුලින්ම ඔහුව වැඩිහිටි නාට්‍යයකට යොදාගෙන එහි දිළිඳුකමේ සිටින තම මව සමඟ පාරේ හිඟාකන දරුවෙකුගේ චරිතය රඟපෑමට ලබා දුන්නේය. SSC විභාගය සමත්වීමෙන් පසු ඔහු රජයේ ලලිත කලා ආයතනයට සම්බන්ධ වූ අතර එහිදී ඔහු විභාගය සමත් විය. ඔහු එම ආයතනයේ කෙටි කලක් කලාව හැදෑරූ අතර පසුව වාණිජමය ගැටලු හේතුවෙන් ඉන් ඉවත් විය.
1960 ගණන්වල පාසල් වියේදීම ලුම්බිණි රඟහලේ රඟදැක්වූ එවකට විභාග කොමසාරිස් එල්.එල්.කේ ගුණසේකර අධ්‍යක්ෂණය කළ අශෝකමාලා ඛේදවාචක නාට්‍යයේ ‘‘සාලිය’’ ප‍්‍රධාන චරිතය රඟපාන්නට ඔහු වාසනාවන්ත විය. ඒ අතරම ඔහු සිය මංගල වේදිකා නිෂ්පාදනය මන්නදිය නිර්මාණය කළේය. 1964 දී ඔහු රචනා කළ නොනිවෙන ගිනි නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙල දක්වා ගෙන ගිය අතර 1966 වසරේ බන්දුල ජයවර්ධන නිෂ්පාදනය කළ බිහිවන බෝසතාණෙනි නාට්‍යයේ රඟපාමින් රාජ්‍ය නාට්‍ය උළෙලේදී කුසලතා සම්මානයක් ද ලබා ගත්තේය. මේ අතර ඔහුගේ නොනිවෙන ගිනි නාට්‍යය 1966 රාජ්‍ය නාට්‍ය උළෙලේ ආරාධිත නාට්‍යයක් ලෙස රඟ දැක්වීමට ආරාධනා ලැබිණි. ඉන්පසු ඔහු එදිරිවීර සරච්චන්ද්‍රගේ එලොව ගිහින් මෙලොව ආවා නාට්‍යයේ රඟපෑවේය. මීට අමතරව ඔහු පේමතෝ ජායති සෝකෝ නාට්‍යයේ වාද්‍ය වෘන්දයේ බටනළා වාදකයෙකු ලෙසද කටයුතු කළේය.
1974 දී ඔහු නිෂ්පාදනය කළ රතු හැට්ටකාරී වේදිකා නාට්‍යය ජනප්‍රිය නාට්‍යයක් බවට පත් වූ අතර සම්මාන උළෙල කිහිපයකදී විචාරක පැසසුමට ලක් වුනු අතර 1974 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම පිටපත රචනාව, හොඳම සංගීතය, හොඳම නළුවා සහ හොඳම රංගනය සඳහා වූ සම්මාන දිනාගත්තේය. 1981 දී ඔහු නිෂ්පාදනය කළ තාරාවෝ ඉගිලෙති ජනප්‍රිය වේදිකා නාට්‍යය ඔහු මෙරට හොඳම නාට්‍යකරුවෙකු බවට පත් කළේය. නාට්‍යයේ පළමු ප්‍රසංගය 1981 ජූලි 24 ලුම්බිණි රඟහලේදී සිදු විය. වසර 37ක නිහැඬියාවකින් පසු ඔහු 2018 වසරේ වෙස් මුහුණ ගලවන්න වේදිකා නාට්‍යය නිෂ්පාදනය කළේය.
මේ අතර 1971 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) හි නිවේදකයෙකු ලෙස සේවය කළ ලූෂන් පසුව ජාතික රූපවාහිනියට සම්බන්ධ විය. නමුත් 1990 දී ඔහු රාජ්‍ය සේවයෙන් නෙරපා හරින ලදී. වසර 11ක් ප්‍රවාහන අමාත්‍යාංශයේ සේවය කර පසුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවය කළ ඔහුට 1982 නොවැම්බර් 25 සිට රූපවාහිනී සංස්ථාවේ සේවය කිරීමට අවස්ථාව ලැබුණි. පසුබෑම් රැසක් මධ්‍යයේ රූපවාහිනියේ වැඩ කර වැඩ තහනමට ලක් වූ ඔහුට නැවතත් රූපවාහිනී සංස්ථාවේ රැකියාවක් ලැබුණි. නමුත් නැවත වරක් ඔහු 1997 දී අනිවාර්ය නිවාඩු යවා ඇත.
1980 දී ඔහු සිය පළමු ගීත රචනය කළේ නන්දා මාලනී විසින් ගායනා කරන ලද "සඳුන් සිහින මණ්ඩපයේ" ගීතයෙනි. 1989 වසරේ සිරි මැදුර චිත්‍රපටයේ "මරණ තුනක් ඇති මිනිසා" ගීතය වෙනුවෙන් ඔහු ස්වර්ණ සංඛ සහ සරසවිය සම්මාන දෙකම දිනා ගත්තේය. මේ අතර 1994 වසරේ මී හරකා චිත්‍රපටයේ "ගෝපළු වස් දන්දෙන්" ගීතය වෙනුවෙන් ස්වර්ණ සංඛ සම්මානය හිමි විය. ඉන්පසුව 1998 වසරේ ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටිය වෙනුවෙන් නිර්මාණය කළ නොසෙලයි දිවි මකුළු ඇස ගීතය වෙනුවෙන් හොඳම ගී පද රචකයාට හිමි ජනාධිපති සම්මානය දිනා ගත්තේය.
ඔහු වේදිකා නාට්‍ය රචකයෙක් මෙන්ම වේදිකා නළුවෙක් ලෙස වහලක් නැති ගෙයක්, දුන්න දුනුගමුවේ සහ හරිම බඩු හයක් යන නාට්‍යවලින් වේදිකාවේ සිය රංගන කුසලතාව ප්‍රදර්ශනය කළ වේදිකා නළුවෙකි. 1967 දී රෙජී පෙරේරා අධ්‍යක්ෂණය කළ සැඩොල් කඳුළු චිත්‍රපටයෙන් ඔහු සිනමාවට පිවිසි ලූෂන් පසුව වසන්ත ඔබේසේකරගේ වෙස් ගත්තෝ චිත්‍රපටයේ ප්‍රමුඛ චරිතයක් නිරූපණය කළේය. ඉන්පසුව චූඩා මාණික්‍යය චිත්‍රපටයේ මැණික් මංකොල්ලකාරයෙක් වන ෆෙඩ්රික්ගේ චරිතය ඔහු රඟපෑවේය. කෙසේ වෙතත් මෑතක දී ඔහුගේ හොඳම රංගනය වූයේ 'හෝ ගානා පොකුණ' චිත්‍රපටය හරහා "විදුහල්පතිවරයකු" ලෙස රංගනයයි.
වාහන නැවැත්වීමේ ඉඩකඩ නොමැතිකම හේතුවෙන් ආපසු නිවසට යාමට ඔහුට සිදු වුවද, 2017 දී ඔහු රාජ්‍ය ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. 2018 දී ඔහු ජනාධිපති සම්මාන උළෙලේදී ගෞරවයට පාත්‍ර විය. 2019 වසරේ ජනාභිමානී නොහොත් හෙළ මහා රාවණා රාජාභිමානී සම්මාන ප්‍රදානෝත්සවය BMICH හි ජැස්මින් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහිදී බුලත්සිංහලයන් හොඳම සේවා සම්මානය දිනා ගත්තේය.
නිර්මාණ
සිංහල ගීත
| ගීතය |
|---|
| රජ මැදුරක ඉපදී සිටියානම් |
| දම් පාටින් ලා සඳ |
| සිරියහනේ ලණු ඉහිරී |
| ආන් නගේ සල් අත්තේ පාංකිරිත්තා |
| ඔසරි පොටෙන් අදින්නෙපා |
| කොලොම්තොට නැත මහලු වී |
| කන්‍යාවී |
| දෙතොල නොකී දේ |
ටෙලිනාට්‍යය
- අප්පච්චි
- කලු කුරුල්ලා
- දස්කොන් (රූපවාහිනී කතාමාලාව)
- පින්සර දොස්තර
- පුංචි වලව්ව
- මුතු පලස
- මේ වසන්ත කාලයයි
- රතු අහස
- හුස්ම වැටෙන මල්
- හෝපලු අරණ
රිදී තිරයේ රංගනයන්
| වසර | චිත්‍රපටය |
|---|---|
| 2014 | හෝ ගාන පොකුණ (විදුහල්පති ලෙස) |
| 2008 | (අභය ලෙස) |
| 1984 | කිරි කවඩි |
| 1982 | සිටු දියණිය |
| 1981 | ආරාධනා |
| 1980 | හංස විලක් |
| 1980 | දඬු මොණරා |
| 1979 | චූඩා මාණික්‍යය |
| 1979 | හත් දින්නත් තරු |
| 1970 | වෙස් ගත්තෝ |
| 1967 | සැඩොල් කඳුළු |
වේදිකා නාට්‍ය
| වසර | නාට්‍යය |
|---|---|
| 1981 | තාරාවෝ ඉගිලෙති |
| 1974 | රතුහැට්ටකාරී (එම වසරේ හොඳම නාට්‍යය) |
| 1966 | නොනිවෙන ගිනි |
| 1961 | මන්නඩියා |
ග්‍රන්ථ
| වසර | ග්‍රන්ථය |
|---|---|
| 1985 | පිපුණ මලේ රුව |
| 2000 | ඛේමදාස න්‍යාය භාවිතය සහ අරගලය |
| 2004 | සිහින ඔපෙරා දෙකක් |
| 2004 | තාරාවෝ ඉගිලෙති (නාට්‍යය) |
මේවාද බලන්න
- මර්සි එදිරිසිංහ