සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ලී යෝ-වොන් (උපත අප්‍රේල් 9, 1980) යුනවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. ඇය ප්‍රකට වූයේ ඇය විසින් චරිත නිරූපණයෙහි යෙදුණු සොන්දොක් රැජිනගේ චරිතය තේමාකරගත්

ලී යො-වොන්

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ලී යෝ-වොන්
ලී යෝ-වොන් 2018 දී
උපතඅප්‍රේල් 9, 1980 (1980-04-09) (වයස 46)
අධ්‍යාපනයදන්කූක් විශ්වවිච්‍යාලය - වේදිකා සහ චිත්‍රපට
වෘත්තියනිළිය
සක්‍රීය වසර1998–වර්තමානය
නියෝජිතයාමැනේජ්මන්ට් කූ
උස1.73 m[convert: unknown unit] (අඩි 5 අඟල් 8)
වල්ලභපාක් ජින්-වූ (විවාහය 2003)
දරුවන්3
කොරියානු නම
හංගුල්이요원
ප්‍රතිශෝධිත රෝමානුකරණයI Yo-won
මැකූන්–‍රයිෂවර්I Yowŏn

ලී යෝ-වොන් (උපත අප්‍රේල් 9, 1980) යුනවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. ඇය ප්‍රකට වූයේ ඇය විසින් චරිත නිරූපණයෙහි යෙදුණු සොන්දොක් රැජිනගේ චරිතය තේමාකරගත් සුප්‍රකට කාලාන්තර නාට්‍යය හේතුවෙනි.

වෘත්තිය

නිරූපණ තරගයකින් ජය ලබා, පළමු වරට නිරූපිකාවක ලෙස 1997 නොවැම්බරයේ ෆිගාරෝ මෝස්තර සඟරාවේ පෙනී සිටින විට ළී යෝ-වොන් උසස් පාසලේ දෙවන වර්ෂයේ ශිෂ්‍යාවක වූවා ය. මේ හේතුවෙන් ඇයට වෙළඳ දැන්වීම්වල පෙනී සිටීමටත් පසුව, රූපවාහිනී කතාමාලා සහ චිත්‍රපටවල සුළු චරිත නිරූපණයටත් අවස්ථාව හිමි විය. ඇය මුල්වරට මහජනයා විසින් හඳුනාගත්තේ බොක්ස්-ඔෆිස් සාර්ථකත්වයට පත් Attack the Gas Station (1999) නැමැති විකට චිත්‍රපටයෙන් වුව ද, ඇගේ පළමු විශේෂිත චරිත නිරූපණය ලෙස සැලකෙන්නේ මතභේදාත්මක රූපවාහිනී නාට්‍යයක් වූ Blue Mist (2001) කතාමාලාවයි. මෙහි ඇය 40 වියේ පසුවන විවාහක පිරිමියකු සමග පෙමින් බැ‍ඳෙන 20 වියැති තරුණ කාන්තාවකගේ චරිතය නිරූපණය කළා ය.

ඉන් අනතුරුව ඇය රඟපෑ Take Care of My Cat (2001) චිත්‍රපටය විචාරක පැසසුමට ලක්වූ අතර, ඒ වෙනුවෙන් ඇය නවක සම්මාන කිහිපයක් ද දිනා ගත්තා ය. පසුකලෙක 2009දී එලේ කොරියා සඟරාව වෙනුවෙන් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ඇය පැවසූයේ මෙම චිත්‍රපටය ඇගේ වඩාත් සිහිකටයුතු කෘතිය බවයි.

නමුත් විශාල-තිරයේ නිර්මාණ කටයුතු කිහිපයකටම ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වුව ද, ඒවා ප්‍රේක්ෂකයන් සහ විචාරකයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාර නොලද හෙයින් ලී හට මානසිකව සහ කායිකව හිස් බවක් දැනිණි. එනිසා දේමං (සාහිත්‍ය. "මහා අපේක්ෂාව", 2002) නැමැති ඓතිහාසික නාට්‍යයේ කටයුතු අවසන් වීමෙන් පසු ඇය සෑම දෙනාම මවිතයට පත් කරමින් නිවේදනය කළේ තමන් තාවකාලිකව රංගන ක්ෂේත්‍රයෙන් විශ්‍රාම ගන්නා බවයි.

2005දී, ලී නැවත වරක් සාර්ථකව රංගනයට පිවිසියා ය. එහි දී ඇය Fashion 70's නැමැති කාලාන්තර නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළා ය. ඇය එය තෝරාගත්තේ රූපවාහිනී අධ්‍යක්ෂක ලී ජේ-ග්‍යු (මින් පෙර දාමෝ රූපවාහිනී කතාමාලාව අධ්‍යක්ෂණය කළ) සමග වැඩ කිරීමට අවශය වූ නිසාත්, එය දර්ශීය ප්‍රේම කථාවක් නොවීමත් සහ ඉන් දිවිය හා රැකියාව ජයගන්නා දිරිය කාන්තාවකගේ චරිතයක් නිරූපණය වීමත් නිසායි. පුසව ඇය When Romance Meets Destiny නම් හාස්‍යෝත්පාදක චිත්‍රපටයේ සහාය චරිතයක් නිරූපණය කළා ය.

2011 49 days පුවත් සමුළුවේ දී ලී යෝ-වොන්.

2007දී, ලී සුප්‍රකට වෛද්‍ය නාට්‍ය/ප්‍රේම කථාවක් වූ Surgeon Bong Dal-hee කතාමාලාවේ බොං දල්-හී වෛද්‍යවරියගේ චරිතය නිරූපණය කළා ය. නමුත් ඇගේ ඊළඟ කතාමාලාව වූ Bad Love ප්‍රේක්ෂක ප්‍රතිචාර අතින් තරමක් අසාර්ථක විය. අනතුරුව ඇය තරමක් බැරෑරුම් May 18 චිත්‍රපටයට දායක වූවා ය. ග්වංජු සංහාරය තේමා කරගත් මෙම චිත්‍රපටය දකුණු කොරියාවේ වැඩිම ආදායමක් හිමිකරගත් චිත්‍රපට අතුරින් එකක් ලෙස සැලකේ.

ඒකාකාරී චරිත රැසක් නිරූපණයෙන් විඩාපත් වූ ඇය, Queen Seondeok (2009) නැමැති අතිශය ජනප්‍රිය කාලාන්තර නාට්‍යයේ සිල්ලාහි සොන්දොක් රැජිනගේ චරිතය නිරූපණය කළා ය‍. අනතුරුව ඇය රඟපෑ ෆැන්ටසි උද්වේග නාට්‍යයක් වූ 49 Days (2011) කතාමාලාවේ ඇය ආවේශ වූ කාන්තාවක ලෙස ද්විත්ව රංගනයක නියැළුණා ය. මෙය ද ප්‍රේක්ෂකයන් ඇද බැඳ තබාගැනීමට සමත් විය. ඉන් අනතුරුව ඇය ජොසොන් යුගයේ රාජකීය වෙදැදුරු බවට පත් පශු වෛද්‍යවරයකු පිළිබඳ කියැවෙන Horse Doctor (2012) කතාමාලාවේත්,චේබොල්හි බල අරගලයක් පිළිබඳ දිග හැරෙන Empire of Gold (2013) කතාමාලාවේත් චරිත නිරූපණය කළා ය.

සුවිසල් තිරය තුළ, ජොං ජේ-ඉයුන් නැමැති අධ්‍යක්ෂකවරිය සමග Take Care of My Cat චිත්‍රපටයේ කටයුතු කිරීමෙන් පසු, තවත් අධ්‍යක්ෂිකාවක සමග කටයුතු කිරීමට අවශ්‍ය බව ඇය පවසා සිටියා ය. මේ නිසා, ඇය ඇනා ලීගේ ප්‍රේමනීය අද්භූත කථාවක් වූ The Recipe (2010) චිත්‍රපටය සහ බං යුයි-ජින්ගේ ත්‍රාසජනක Perfect Number (2012) සඳහා දායක වූවා ය. රූපවාහිනී මිශ්‍ර සටන් කලා වැඩසටහනකට සහභාගී වන මැදි වියේ මිනිසුන් පිරිසක් පිළිබඳ කියැවෙන කං වූ-සුක්ගේ Fists of Legend (2013) චිත්‍රපටයේ එකම ප්‍රධාන කාන්තා චරිතය වූයේ ඇයයි.

2016දී, ලී පුංචි තිරය වෙත සිය පුනරාගමනය සනිටුහන් කරමින් උපහාසාත්මක, ප්‍රේමනීය කතාමාලාවක් වූ Ms. Temper and Nam Jung-Gi සඳහා සිය දායකත්වය සැපයූවා ය. මෙහි ඇය විසින් නිරූපණය කළ කෝපාවිෂ්ඨ ව්‍යාපාරික කාන්තාකගේ චරිතය විචාරක පැසසුමට ලක් විය. අනතුරුව ඇය Youngest නැමැති චිත්‍රපටයකට දායක වූවා ය. මෙහි ඇය සොහොයුරු සොහොයුරියන් සතර දෙනකුගෙන් යුත් පවුල වැඩිමල් වාර්තාකාරිණියකගේ චරිතය නිරූපණය කළා ය. මීට අමතරව ලී MBC නාළිකාවේ නාට්‍යයක් වන Night Light කතාමාලාවේ ජින් ගූ සහ UEE සමග ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වූවා ය.

පෞද්ගලික දිවිය

2003 ජනවාරි 10 දින ලී ව්‍යාපාරිකයකු සහ වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයකු වූ පාක් ජින්-වූ සමග විවාහ වූවා ය. මෙම යුවළට දියණියන් දෙදෙනකු සහ එක් පුත්‍රයකු සිටියි. (2003 දෙසැම්බර්, 2014 මැයි සහ 2015 මැයි මස උපන්).

නිර්මාණ දායකත්වයන්

චිත්‍රපට

වර්ෂය තේමාව චරිතය
1998Scent of a Manලාබාල යුන්-හ්යේ
1999Attack the Gas Stationගල්-චි
2001Take Care of My Catෂින් හ්යේ-ජූ
2002A.F.R.I.K.A.ලී ජි-වොන්
Surprise Partyවං හා-යොං
2005When Romance Meets Destinyගෝ යුන්-ක්‍යුං
2007May 18පාක් ෂින්-ඒ
2010ද රෙසිපිජං හ්යේ-ජින්
2012Perfect Numberබෙක් හ්වා-සුන්
2013Fists of Legendහොං ග්‍යු-මින්
2016The Youngestඕ සූ-ක්‍යුං

රූපවාහිනී කතාමාලා

වර්ෂය තේමාව චරිතය ජාලය
1998I Hate You, But It's Fineලී බිට්-නාSBS
1999Marchජුං යෝ-වොන්SBS
School 2කිම් යොන්-ජින්KBS2
2000Tough Guy's Loveහෝ ජි-හ්යේKBS2
2001Blue Mistලී ෂින්-වූKBS2
Pure Heartහන් සේ-ජින්/කං හ්‍යුන්-ජූKBS2
2002The Great Ambitionයූන් යෝ-ජින්SBS
2005Fashion 70'sහන් දෝ-මිSBS
2007Surgeon Bong Dal-heeබොං දල්-හීSBS
Bad Loveනා ඉන්-ජුංKBS2
2009ක්වීන් සොන්දොක්දියොක්මාන් කුමරිය/සොන්දොක් රැජිනMBC
201149 Daysසොං යි-ක්‍යුංSBS
2012හෝර්ස් ඩොක්ටර්කං ජි-න්‍යොංMBC
2013Empire of Goldචෝයි සෝ-යූන්SBS
2016Ms. Temper and Nam Jung-Giඔක් දා-ජුංJTBC
Night Lightසෝ යි-ක්‍යුංMBC

සංගීත වීඩියෝ

වර්ෂය ගීත තේමාව ශිල්පියා
1998"Please Baby Don't Cry"ඩීප්
"WAYO!WAYO!"O.P.P.A
1999"Will You Forgive Me"A4
"To Her Lover"K2
2000"I Love You"පොසිෂන්
2001"I Wish You Happiness (Joy Project - 1 Year of Love)"WHY
2002"울고 싶어지는 오후"ජි සෝ-ර්යොන්
2006"Liquor"විබේ
2007"Ice Doll"සී යා
"Love's Greeting"
2009"I'm Terrible in Love"ෂින් ස්‍යුං-හුන්
2012"Love Is All the Same"යැංපා

ඩිස්කෝ සංගීත නාමාවලිය

වර්ෂය ගීත තේමාව සටහන්
2009"Bidam (A Sad Story)"Queen Seondeok කතාමාලාවේ විශේෂ OST 2 කොටසේ එන පටයකි.

සම්මාන සහ නිර්දේශ

වර්ෂය සම්මානය ප්‍රවර්ගය නිර්දේශිත කෘතිය ප්‍රතිඵලය
2001 බ්ලූ ඩ්‍රැගන් චිත්‍රපට සම්මාන හොඳම නවක නිළිය Take Care of My Cat දිනාගති
චුන්සා චිත්‍රපට කලා සම්මාන හොඳම නිළිය දිනාගති
ඩිරෙක්ටර්'ස් කට් අවෝඩ්ස් හොඳම නවක නිළිය දිනාගති
KBS නාට්‍ය සම්මාන ජනප්‍රියතා සම්මානය Blue Mist දිනාගති
2002 බෙක්සං කලා සම්මාන හොඳම නවක නිළිය Take Care of My Cat දිනාගති
SBS නාට්‍ය සම්මාන නවක තරුව සම්මානය The Great Ambition දිනාගති
2005 SBS නාට්‍ය සම්මාන ඉහළම තරු 10 Fashion 70's දිනාගති
විශිෂ්ට සම්මානය, විශේෂ සැලසුම් නාට්‍යයක නිළිය දිනාගති
2007 බ්ලූ ඩ්‍රැගන් චිත්‍රපට සම්මාන හොඳම නිළිය May 18 නිර්දේශිත
SBS නාට්‍ය සම්මාන හොඳම යුවළ සම්මානය (ලී බොම්-සූ සමග) Surgeon Bong Dal-hee දිනාගති
නෙටිසන් ජනප්‍රියතා සම්මාන දිනාගති
ඉහළම තරු 10 දිනාගති
විශිෂ්ටතම සම්මානය, නිළිය දිනාගති
KBS නාට්‍ය සම්මාන විශිෂ්ටතම සම්මානය, නිළිය Bad Love නිර්දේශිත
2009 ග්‍රිමේ සම්මාන හොඳම නිළිය Queen Seondeok දිනාගති
කොරියා දෘශ්‍ය කලා උළෙල රුහුරු සම්මානය දිනාගති
MBC නාට්‍ය සම්මාන හොඳම යුවළ සම්මානය (කිම් නම්-ගිල් සමග) දිනාගති
විශිෂ්ටතම සම්මානය, නිළිය දිනාගති
2010 ආසියා නිරූපණය උළෙල සම්මාන ආසියානු නාට්‍ය වෙනුවෙන් විශේෂ සම්මානය දිනාගති
2011 සෝල් අන්තර්ජාතික නාට්‍ය සම්මාන කැපීපෙනෙන කොරියානු නිළිය 49 Days නිර්දේශිත
SBS නාට්‍ය සම්මාන ඉහළම තරු 10 දිනාගති
නිෂ්පාදකයන්ගේ සම්මානය, නිළිය දිනාගති
විශිෂ්ටතම සම්මානය, විශේෂ නාට්‍යයක නිළිය නිර්දේශිත
2012 MBC නාට්‍ය සම්මාන විශිෂ්ටතම සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නිළිය Horse Doctor නිර්දේශිත
2013 කොරියා නාට්‍ය සම්මාන විශිෂ්ටතම සම්මානය, නිළිය Empire of Gold නිර්දේශිත
SBS නාට්‍ය සම්මාන ඉහළම තරු 10 දිනාගති
විශිෂ්ටතම සම්මානය, විශේෂ නාට්‍යයක නිළිය දිනාගති
ඉහළට