සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

1969 දෙසැම්බර් මස 28 වන දින ෆින්ලන්තයේ, හෙල්සින්කි හිදී උපත ලැබූ ලිනස් බෙනඩික් ටොවර්ල්ඩ්ස් ෆින්ලන්ත ජාතික මෘදුකාංග ඉංජිනේරුවෙකි. ඔහු වඩාත්ම ගෞරවයට පාත්‍රව ඇත්තේ

ලිනස් ටොර්වල්ඩ්ස්

  • මුල් පිටුව
  • ලිනස් ටොර්වල්ඩ්ස්

1969 දෙසැම්බර් මස 28 වන දින ෆින්ලන්තයේ, හෙල්සින්කි හිදී උපත ලැබූ ලිනස් බෙනඩික් ටොවර්ල්ඩ්ස් ෆින්ලන්ත ජාතික මෘදුකාංග ඉංජිනේරුවෙකි. ඔහු වඩාත්ම ගෞරවයට පාත්‍රව ඇත්තේ ලිනක්ස් කර්නලය නිර්මාණයේ පුරෝගාමියා ලෙස ය. පසු කාලීනව ඔහු ලිනක්ස් කර්නලයේ ප්‍රධාන නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කල අතර දැනට එහි ව්‍යාපෘතිභාර සම්බන්ධිකාරක ලෙස කටයුතු කරයි.

ලිනස් ටොවල්ඩ්ස්
උපත28 දෙසැම්බර්1969
හෙල්සින්කි, ෆින්ලන්තය
වෘත්තියමෘදුකාංග ඉංජිනේරු
සේවායෝජකයාලිනක්ස් පදනම් ආයතනය
සංගණ්‍ය වන්නේලිනක්ස් කර්නලය, Git
Spouseටෝව් ටොවල්ඩ්ස්
මව්පියන්(s)නිල්ස්ටොවල්ඩ්ස් (පියා)
ඇනාටොවල්ඩ්ස්(මව)
ඥාතීන්ඔලේ ටොවල්ඩ්ස් (සීයා)
වෙබ් අඩවියtorvalds-family.blogspot.com

පටුන

චරිතාපදානය

මුල් කාලය

ලිනස් ටොර්වල්ඩ්ස් ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරදී ඇනා සහ නිල්ස් ටොවල්ඩ්ස් , ට දාව සහ ඔලේ ටොවල්ඩ්ස් කවියාගේ මුනුබුරා ලෙස උපත ලැබුවේය. 1960 දශකයේදී ඔහුගේ මව්පියන් දෙදෙනාම හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ විප්ලවවාදීන් වූහ. ඔහුගේ පවුල 5.5%ක් වූ ස්වීඩන භාෂාව කතා කරන ෆින්ලන්ත ජාතික ජනගහනයට අයත් ය. ලිනස් පෝලින් , නැමැති නොබෙල් ත්‍යාගලාභී රසායන විද්‍යාඥයාට ගරු කිරීමක් වශයෙන් ටොවල්ඩ්ස්ට ලිනස් යැයි නම් තබා තිබුණද ඔහු ලියූ Rebel Code: Linux and the Open Source Revolution පොතෙහි ඔහු පවසන පරිදි, "මට හිතෙන විදියට පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය මතක් වෙන්නත් එක්කයි මට නම දාල තියෙන්නෙ" තවදුරටත් ඔහු පවසන පරිදි මෙය ඔහු අඩක් "නොබෙල් ත්‍යාගය දිනූ රසායන විද්‍යාඥයෙකු" සහ අඩක් "බ්ලැන්කට්ටුවක් පොරවන ලද කාටූන් චරිතයක් " බවට පත්කල බව පවසයි.

ටොවඩ්ස් 1988-1994 කාලයේදී හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පසුව NODES research group හි අධ්‍යයනය කිරීමෙන් පරිගණක විද්‍යාව පිළිබඳ විශාරද උපාධිය ලබා ගනී. . ලිනස්ගේ සරසවි දිවියේ පළමු වසරේදීම අධ්‍යාපනයට බාධා පැමිණෙන්නේ ෆින්ලන්ත හමුදාවේ ‍ මාස 11ක අනිවාර්ය නිලදාරී පුහුණු පාඨමාලාවකට හමුදාවට එක් වීමට සිදුවීමත් සමඟය. හමුදාවේදී දෙවන ලුතිනන් ධුරයක් හා අවි පාලකයෙකු ලෙස, තුවක්කු ස්ථානගත කිරීම, ඉලක්ක ගණනය කිරීම ගමන්පථ ආදිය සම්බන්ද ගණන කිරීම් සිදුකරන්නෙකු හා අවසානයේ අවසානයේ වෙඩි තබන ස්තානය පෙන්වාදෙන්නෙකු බවට පත්වීය. 1990 දී නැවත ඔහු සරසවි අධ්‍යාපනය ඇරඹුවේය. ඔහු UNIX පිළිබඳව මුල්වරට අත්දැකීම් ලබාගන්නේ ඩිජිටල් උපකරණ නීතිගත සංස්ථාවේ MicroVAX පරිගණකයක ULTRIX මෙහෙයුම් පද්ධතිය ඇසුරිණි. ඔහුගේ ශාස්ත්‍රීය නිබන්ධනය තේමාව වූයේ ලිනක්ස්: අතේ ගෙන යාහැකි මෙහෙයුම් පද්ධතිය යන්නය.

ඔහුගේ පරිගණක පිළිබඳ උනන්දුව ඇරඹෙන්නේ Commodore VIC-20.පරිගණකයක් සමඟින්ය. VIC-20ට පසුව ඔහු Sinclair QL පරිගණකයක් මිලදී ගෙන එය බොහෝ සෙයින් නවීකරණය කලේය.විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධතිය විශාල වෙනස්කම් වලට භාජනය විය. ඔහු ඇසෙම්බ්ලි පරිගණක භාෂාවක් , QL සඳහා පාඨ සකසනයක් සහ පරිගණක ක්‍රීඩා කිහිපයක් නිර්මාණය කිරීමට සමත්විය. ඔහු Pac-Man පරිගණක ක්‍රිඩාවට සමාන Cool Man නම් ක්‍රීඩාවක් නිර්මාණය කිරීමෙන්ද ප්‍රසිද්ධියට පත්විය. 1991ජනවාරි 2 වෙනිදා ඔහු Intel 80386 පදනම් වූ IBM PC පරිගනකයක් මිලදී ගත්තේය. අනතුරුව මාසයක්ම ගතකලේ Prince of Persia ක්‍රීඩා කිරීමෙන්ය. ඔහුගේ මිනික්ස් පිටපත ලැබුණු පසු එය ඔහුගේ ලිනක්ස් වැඩකටයුතු ඇරඹීමට පිටුවහලක් විය.

පසු කාලය

ට්‍රාන්ස්මෙටා ප්‍රදේශයට යාමෙන් අනතුරුව ලිනස් කැලිෆෝනියාහි සමාගමක වැඩ භාර ගෙන 1997 පෙබරවාරි සිට 2003 ජුනි දක්වා එ‍හි සේවය කලේය. පසුව ඔහු පසු කාලීනව නිදහස් ප්‍රමිති සමූහය හා එක්ව ලිනක්ස් පදනම් ආයතනය බිහිවූ, විවෘත මූල සංවර්ධන පරීක්ෂණාගාරයේ සේවය කලේය. 2004 ජුනි මාසයේදී ලිනස්ට පර්යේෂණාගාරයට ගමන් පහසුව සඳහා ටොවරල්ඩ්ස් සහ ඔහුගේ පවුල ‍පදිංචිය පෝලන්තයේ ඔරේගන් නගරයට වෙනස් කරයි.

1997 සිට 1999 දක්වා කාලය තුල ඔහු 86open නම් ලිනක්ස් සහ යුනික්ස් සඳහාවූ ද්වීමය සම්මතයක් තෝරා ගැනීම සඳහා සම්බන්ධ වී සිටියේය.

ලිනක්ස් පාදකවූ මෘදුකාංග නිර්මාණය කරන ප්‍රධාන සමාගම් දෙක වූ Red Hat සහVA Linux ඔහුගේ නිර්මාණයට කෘතගුණ සැලකීමක් වශයෙන් සමාගම් දෙකෙන්ම සමාගම් කොටස් තෑගිකරන ලදී. 1999දී ආයතන දෙකම කොටස් මහජනයාට විවෘත කල අතර ‍ඒ සමඟම ටොවල්ඩ්ස්ගේ කොටස්වල සඵල වටිනාකම ඉහලගොස් ඩොලර් මිලියන ‍20 පමණ වීය.

ඔහුගේ පෞද්ගලික මැස්කොට් වූයේ පෙන්ගුවින් සත්වයෙකි. නම් කරනු ලැබ ඇත්තේ ටක්ස් යනුවෙනි. ටක්ස් , ලිනක්ස් සමාජය විසින් ලිනක්ස් කර්නලයේ මැස්කොට් ලෙස පිළිගන්නා ලදී.

ටොවල්ඩ්ස් "විවෘත මෘදුකාංග යනු මෘදුකාංග භාවිතාකල හැකි හොඳම මඟ" යැයි ටොවල්ඩ්ස් විශ්වාස කලද ඔහු "හොඳම ආම්පන්නය අවශ්‍ය කාර්යය සඳහා " යොදවන බවද එය වානිජ මෘදුකාංගයක් වූවද විය හැකි බව පවසා ඇත. ඔහු වානිජ මෘදුකාංග වලට පක්ෂව කතාකිරීම හා භාවිතා කිරීම සම්බන්දයෙන්ද නොයෙක් විවේචනවලට ලක්වී ඇත. ලිනක්ස් කර්නලයේ අනුවාද හසුරුවන මෘදුකාංගය වන BitKeeper එවැනි අවස්ථාවකට උදාහරණයකි. කෙසේවූවද ටොවල්ඩ්ස් විසින් BitKeeper සඳහා නිදහස් මෘදුකාංගයක් නිර්මාණය කරන ලද අතර එය Gitය. ටොවල්ඩ්ස් නිල වශයෙන් GNOME පිළිබඳව අදහස් එ‍හි නිල ඊ-මේල් ලැයිස්තුවට කරුණු දක්වමින් ඔහු පරිශීලකයින් KDE සඳහා යොමුකිරීමට දිරිගන්වන බව පවසා ඇත. කෙසේවූවද ටොවල්ඩ්ස් KDE 4.0 හි පරිණත බව ප්‍රමාණවත් නොවීම නිසා ඇතිවූ අසාර්ථකත්වය හේතුකොට ගෙන තාවකාලිකව GNOME භාවිතා කලේය.

ලිනස් සහ ලිනක්ස් අතර සම්බන්ධය

මූලික ලිපිය: ලිනක්ස් ඉතිහාසය

මුලින්ම ටොවල්ඩ්ස්ට අවශ්‍යවූයේ කර්නලය free(නිදහස යන අරුතින්) , freak සහ X අකුරක් එක්කර යුනික්ස්(Unix)ට සමාන බව හඟවමින් Freakx ලෙස නම් කිරීමටය. එහෙත් කර්නලය ගබඩා කර ඇති සර්වරයේ FTP පාලනය කරන ඔහුගේ මිතුරු අරි ලෙම්කේ ටොවල්ඩ්ස්ගේ බහාලුම linux ලෙස නම් කර ඇත. එනයින් මෙය ලිනක්ස් විය.

ලිනක්ස්හි බලතල

2006 වසර වන විට ලිනක්ස් කර්නලයෙන් 2%ක් ටොවල්ඩ්ස් විසින් තනිවම නිර්මාණය කල කොටස විය. ලිනක්ස් සඳහා දහස් ගණනින් වූ පිරිස් දායක වූ නිසා 2%ක් යනු පෞද්ගලිකව සැලකිය යුතු ප්‍රමාණයකි. ලිනක්ස් කර්නලයේ සිදුවන වෙනස්කම් පිළිබඳව තවමත් තීරණ ගන්නේ ටොවල්ඩ්ස්ය.

ලිනක්ස් වෙළඳ ළකුණ

ටොවල්ඩස් ලිනක්ස් "Linux" වෙළඳ ළකුණට හිමිකම් කියයි තවද ඒ පිළිබඳව වගකීම ගෙන කටයුතු කරන්නා ලෙස ක්‍රියා කරයි. එය ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ Linux Mark ආයතනය මඟිනි.

පුද්ගලික ජීවිතය

ලිනස් ටොවල්ඩ්ස්ට සය වරක් ෆින්ලන්ත කරාතේ ශූරිය වූ ටෝව් ටොවල්ඩ් හමුවන්නේ 1993 සරත් ඍතුවේදීය. ටොවල්ඩ්ස් පරිගණක විද්‍යාගාරයේ සිසු සිසුවියන්ට ආරම්භක අභ්‍යාසයක් පවත්වමින් තමන්ට ඊ-මේල් පණිවිඩයක් පරීක්ෂාව සඳහා එවන ලෙස ඉල්ලා සිටියේය. ටෝව් ප්‍රතිචාර දක්වන්නේ ඔහු හමුවී කතාකිරීමට වෙලාවක් ඉල්ලමිනි. පසුව ටෝව් සහ ලිනස් විවාහයෙන් දරුවන් තිදෙනෙකු ලදහ. ඔවුන් පිළිවෙලින් පැට්‍රීෂියා, ඩැනියෙලා හා සෙලෙස්ටෙ වෙති.

සම්මුඛ සාකච්ඡාවකදී ටොවල්ඩ්ස් ඔහුවම මෙසේ විස්තර කරයි " සම්පූර්ණයෙන්ම ආගමික — අදේවවාදියෙක් " තවදුරටත් "මම හිතන හැටියට මිනිස්සු හිතනවා ආගම මිනිසුන්ගේ අභ්‍යන්තර ගුණාංග දියුණු කරනවා කියල, සදාචාර සම්පන්න කරනවා කියල. ඒත් ‍මම ඒ දෙකම විචේචනය කරනවා. ඒක මිනිසුන්ට නිදහසට කාරණයක් සපයනවා "අහෝ, සොබාවධර්මය නිර්මාණය කරදුන් හැටි " සහ එම නිර්මාණය කිරීමේ ක්‍රියාදාමය ආශ්චර්ය‍ක් ලෙස දකිනවා. මම පිළිගන්නවා "විශ්වාස කල නොහැකි දෙයක් එකවරම සිදුවීම පුදුමාකාරයි" යන කාරණය ගැන. මම හිතනවා අපිට පුළුවන් සදාචාරවත් වෙන්න ආගම සම්බන්ධ කරගන්නෙ නැතිව, මනාව සැකසුනු ආගමකින් විශේෂයෙන් සදාචාරයට අයහපත් දේවල් එන්න පුළුවනි. මා සැබවින්ම බයයි මනාව සැකසුනු ආගම්වලට මොකද එය බලය අනිසි ලෙස භාවිතා කරන්න පාර කපන්න පුළුවන් නිසා. " තවත් එකතු කරමින් ඔහු කියා සිටියේ යුරොපයේ එය බොහෝදුරට පුද්ගලික ගැටලුවක් පමණක් වූවද විශේෂයෙන්ම ඇමරිකාවේ ආගම ඕනෑවටත් වඩා දේශපාලනීකරණය වී ඇති බවයි.

පිළිගැනීම

  • 1996දී ලිනස් ටොවල්ඩ්ස්ට ගරුකිරීමක් වශයෙන් 9793 ටොවල්ඩ්ස් ග්‍රාහකයනම් කරන ලදී.
  • 1997දී හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ පරිගනක විද්‍යා අංශයෙන් විශාරද උපාධිය ලබාගනී.
  • 1998දී EFF Pioneer සම්මානය හිමිකරගනී.
  • 1999දී ස්ටොක්හෝම් සරසවියෙන් ගෞරව ආචාර්ය පදවියක් ප්‍රදානය කරයි.
  • The 1999 දී නීල් ස්ටෙෆන්සන් විසින් ලියූ Cryptonomicon නවකතාව ෆින්ලන්තයේ නිපදවන ලද "ෆිනුස් " නම් ලිනක් ස් වැනි මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන චරිත කිහිපයකින් සමන්විත වෙයි.
  • 2000දී හෙල්සින්කි සරසවියෙන් ගෞරව ආචාර්ය පදවියක් ප්‍රදානය කරයි.
  • 2000 ඔහු Lovelace Medalට සුදුසු කම් ලබා ගනී.
  • Time සඟරාවේ සියවසේ පුද්ගලයා තේරීමේ මත ඡන්දය ‍ ටොවල්ඩ්ස් 17 වෙනියා ලෙස අවසන් විය.
  • 2001දී [සමාජයීය/ආරථික ක්ෂේත්‍රය සඳහාවූ [ටකෙඩා සම්මානය]] සඳහා රිචඩ් ස්ටෝල්මන් සහ කෙන් සකමුරා සමඟ සම සුදුසුකම් ලැබුවේය.
  • 2004දී ටයිම් සඟරාවේ ලිපියකින් ලෝකයේ වැදගත්ම පුද්ගල‍යන් අතරින් කෙනෙකු ලෙස නම් කරන ලදී. "Linus Torvalds: The Free-Software Champion" සංරක්ෂණය කළ පිටපත 2007-05-23 at the Wayback Machine by Lawrence Lessig
  • 2004 දී පැවැත්වුනු හොදම ෆින්ලන්ත ජාතිකයා තේරීමේ ඡන්ද විමසීමෙදී ටොවල්ඩ්ස් 16 වැනි ස්ථානයට හිමිකම් කීවේය.
  • 2005දී BusinessWeek මගින් කරන ලද සංගනණයකින් හොඳම කළමනාකරුවන් අතරින් ‍කෙනෙකු බව හෙළිවිය.
  • 2005 අගෝස්තු මාසයේදී ටොවල්ඩ්ස් Vollum සම්මානය රීඩ් විද්‍යාලයෙන් ලබාගනී.
  • 2006දී Business 2.0 සඟරාවෙන් ඔහුව "10 people who don't matter"ලෙස නම් කරන ලද්දේ ලිනක්ස් වල වර්ධනය හේතුකරගෙන ලිනස්ගේ තනිපුද්ගල බලපෑම අඩුවීම නිසාය.
  • 2006 දී , ටයිම් සඟරාවේ යුරෝපීය මුද්‍රණය ඔහුව පසුගිය අවුරුදු 60 පෙරළිකාර වීරයෙකු ලෙස නම් කලේය .
  • 2008දී ඔහුගේ නම කැලිෆෝනියාවේ මවුන්ටන් වීව් හි පරිගනක ඉතිහාස කෞතුකාගාරයේ| නාමාවලියට ඇතුලත් විය .

මේවත් බලන්න

  • ලිනස්ගේ නියමය
  • ටැනෙන්බවුම් - ‍ටොවල්ඩ්ස් වාදය
  • Just for Fun

මූලාශ්‍රයන්

  • Himanen, Pekka (2001). The Hacker Ethic. Secker & Warburg. ISBN 0-436-20550-5. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  • Torvalds, Linus (2001). Just For Fun: The story of an accidental revolutionary. New York, New York, United States: HarperCollins. ISBN 0-06-662072-4. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  • TORVALDS, Linus (2001). Just for Fun: The Story of an Accidental Revolutionary. London, UK: HarperCollins. ISBN 0-06-662073-2. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)

බාහිර සබැඳියන්

 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
ලිනස් ටොවල්ඩ්ස්
 
Linus Torvalds හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
  • Linus' blog
  • Torvalds's home page සංරක්ෂණය කළ පිටපත 2005-03-12 at the Wayback Machine (quite outdated)
  • Leader of the Free World - How Linus Torvalds became the benevolent dictator of Planet Linux, the biggest collaborative project in history (Wired News)
  • The birth of Tux: Why Linus Torvalds chose a penguin as the Linux mascot
  • What would you like to see most in minix?, thread begun by the first Usenet post by Linus Torvalds referencing his new project, followed by the advice and requests for features he received in those early weeks when Linux was first being planned
  • Linus Torvalds and His Five Entrepreneurial Lessons
  • Linux Journal - 1 March 1994
  • Linux Journal - 1 November 1999
  • සැකිල්ල:Fresh Air episode
  • Ten years of NODES
  • Linus having fun at the Japan Linux Symposium
  • Tech Talk: Linus Torvalds on Git at Google transcript from speechpedia.org සංරක්ෂණය කළ පිටපත 2009-11-25 at the Wayback Machine

සැකිල්ල:FOSS celeb

සැකිල්ල:පුද්ගලිකතොරතුරු

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    පැසිෆික් සාගරය

  • අප්‍රේල් 03, 2026

    සම්මා සම්බුදුවරු

  • අප්‍රේල් 05, 2026

    කදුරුගොඩ විහාරය

  • අප්‍රේල් 04, 2026

    රාජ්‍යය (ආණ්ඩුක්‍රමය)

  • අප්‍රේල් 01, 2026

    ගෝලීයකරණය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට