සර් රොබට් බ්‍රවුන්රිග්..නුවර අල්ලන්න ආපු ඉංග්‍රීසි ආණ්ඩුකාරයා නුවර රාජධානිය 1815 දී ඉංග්‍රීසින්ට යටත් වීමේ කතාවේදී සර් රොබට් බ්‍රවුන්රිග් කියන්නේ මඟහරින්න බැරි චරිතයක්. මෙයා තමයි ලංකාවේ (එවකට ලංකා වෙරළබඩ පළාත්වල) බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා විදියට කටයුතු කළේ. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විදියට ලංකාවට ආවේ 1812 දීය. එයාට තිබුණු ප්‍රධානම අරමුණක් වුණේ කවදා හෝ උඩරට රාජධානියත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එකතු කරගන්න එක. ඔහු දැන සිටියා නුවර රජුත් රදළයොත් අතර හොඳ හිතක් නැති බව. ඒක එයාගේ සැලසුම් වලට හොඳටම වාසිදායක වුණා. බ්‍රවුන්රිග් හමුදා ශක්තිය වැඩි කළා. දේශීය සහ ඉන්දියානු සෙබළුන්ගෙන් යුත් ලොකු හමුදාවක් ඔහු නුවර ආක්‍රමණයට සූදානම් කළා. මේ අතරේ ඔහු ජෝන් ඩොයිලි වගේ ඔත්තුකරුවන් හරහා නුවර රදළයන් එක්ක රහස් සම්බන්ධතා ඇති කර ගත්තා. ඇහැළේපොළ නිලමේ ඉංග්‍රීසින් ගාවට ආවට පස්සේ, බ්‍රවුන්රිග් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. 1815 ජනවාරි මාසයේදී බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා නිල වශයෙන්ම මහනුවර රාජධානියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළා. ඔහු කොළඹින් සහ ත්‍රිකුණාමලයෙන් හමුදා දෙකක් නුවරට එව්වා. මේ හමුදාවලට කිසිම බාධාවකින් තොරව නුවරට එන්න පුළුවන් වුණේ රදළයන්ගේ උදව් නිසා. අවසානයේදී, 1815 පෙබරවාරි 10 වැනිදා ඉංග්‍රීසි හමුදා මහනුවරට ඇතුළු වුණා. නුවර අල්ලගත්තට පස්සේ, බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා තමයි 1815 මාර්තු 02 වැනිදා සුප්‍රසිද්ධ "උඩරට ගිවිසුම" (Kandyan Convention) අත්සන් කරන්න මූලික වුණේ. මේ ගිවිසුමෙන් මුළු මහනුවර රාජධානියම බ්‍රිතාන්‍යයන්ට යටත් වුණා. බ්‍රවුන්රිග්ට අවශ්‍ය වුණේ උඩරට ජනතාවගේ සංස්කෘතියට සහ ආගමට ගරු කරන බව පෙන්වමින්, ඔවුන්ගේ විරෝධය අඩු කරන්න. නමුත් මේක දිගුකාලීනව එහෙම වුණේ නැහැ. බ්‍රිතාන්‍යයන්ගේ පාලන ක්‍රම සහ පොරොන්දු ඉටු නොකිරීම නිසා උඩරට ජනතාව 1818 දී විශාල කැරැල්ලක් ආරම්භ කළා. මේ කැරැල්ල මර්දනය කරන්න බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ගත්තේ හරිම දරුණු ක්‍රියාමාර්ග. ගම්බිම් ගිනි තැබීම, වගාබිම් විනාශ කිරීම වගේ දේවල් නිසා උඩරටට විශාල හානියක් වුණා. සර් රොබට් බ්‍රවුන්රිග් කියන්නේ ඉංග්‍රීසි අධිරාජ්‍යයට විශාල භූමි ප්‍රදේශයක් එකතු කර දුන්නු කෙනෙක්. ලංකාවේ අවුරුදු 2300කට වැඩි කාලයක් තිබුණු සිංහල රජ පරම්පරාව අවසන් කරන්න ඔහු ප්‍රධානතම පුරුකක් වුණා. මේ නිසා ඔහු අපිට වීරයෙක් නොවුණත්, ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් චරිතයක්. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ උපාය මාර්ග නැත්නම්, නුවර රාජධානිය තවත් කාලයක් රැකගන්න තිබ්බද? Article © I Love Kandy
සර් රොබට් බ්‍රවුන්රිග්..නුවර අල්ලන්න ආපු ඉංග්‍රීසි ආණ්ඩුකාරයා නුවර රාජධානිය 1815 දී ඉංග්‍රීසින්ට යටත් වීමේ කතාවේදී සර් රොබට් බ්‍රවුන්රිග් කියන්නේ මඟහරින්න බැරි