සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රිටිපන්න ක්‍රමයට මසුන් ඇල්ලීම යනු ශ්‍රී ලංකාවේ සීමිත ප්‍රදේශ කිහිපයක පමණක් අනුගමනය කරනු ලබන සාම්ප්‍රදායික මසුන් ඇල්ලීමේ ක්‍රමයක් වේ. විශේෂයෙන් ගාල්ල, කොග්ගල, කත

රිටිපන්න ක්‍රමය

  • මුල් පිටුව
  • රිටිපන්න ක්‍රමය

රිටිපන්න ක්‍රමයට මසුන් ඇල්ලීම යනු ශ්‍රී ලංකාවේ සීමිත ප්‍රදේශ කිහිපයක පමණක් අනුගමනය කරනු ලබන සාම්ප්‍රදායික මසුන් ඇල්ලීමේ ක්‍රමයක් වේ. විශේෂයෙන් ගාල්ල, කොග්ගල, කතළුව, අහංගම, වැලිපැන්න, මිදිගම සහ දිවයිනේ ඒ ආශ්‍රිත වෙනත් දකුණු හා නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවලදී මෙම රිටිපන්න ක්‍රමයට ධීවර වෘත්තියේ යෙදෙන්නවුන් දැකගත හැකිවේ. රිටි මත සිට මසුන් ඇල්ලීම, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයේදී බහුල වශයෙන් යොදා ගන්නා දේශයේ අනන්‍ය වූ සංඛේතාත්මක නිරූපකයක් ලෙසද වැදගත් වේ.

රිටිපන්න ක්‍රමයට මසුන් ඇල්ලීමෙහි නිරතවන උණවටුන ධීවරයින් පිරිසක්

පටුන

ඉතිහාසය

රිටිපන්න ක්‍රමයට මසුන් ඇල්ලීමේ ක්‍රමය සාම්ප්‍රදායික ජනයා අතර මුලින්ම භාවිතයට පැමිණියේ කුමන සමයේද යන්න අපැහැදිලි වේ. පැරණි ධීවරයන්ගේ තොරතුරු අනූව මෙම ක්‍රමය දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව කාලයේදී ආරම්භ වී තිබේ.

රිටිපන්නය

මසුන් ඇල්ලීම සඳහා ධීවරයෝ විසින් මෙහිදී නොගැඹුරු මුහුදු පතුලේ ස්ථාවරව සිටුවන ලද කණුවක් හා ඊට තිරස්ව ගැටගසන ලද දණ්ඩක් භාවිතා කරනු ලබන අතර එය රිටිපන්නය ලෙස හඳුන්වනු ලබයි. කණුවට සම්බන්ධව තිරස්ව ජල මතුපිට සිට මීටර 2ක් පමණ උසින් පිහිටි දණ්ඩ නැතහොත් පෙත්ත ධීවරයාට රිටිපන්නයේ සමතුලිතව සිටීමට වැදගත් වේ. රිටිපන්නය බොහෝ විට කදුරු, කඩොල්, ඇට්ටෝනියා වැනි මුහුදු ජලයට ඔරොත්තු ලෙස ලී වර්ගයකින් සාදාගනු ලබනු අතර බිලී පිත්ත කිතුල් ලීයෙන් නිර්මාණය කර ගනු ලබයි.

මසුන් ඇල්ලීම

සාමාන්‍යයෙන් රිටිපන්න ක්‍රමය, කුම්බලාවන්, හුරුල්ලන් ආදී කුඩා මත්ස්‍යයින් ඇල්ලීම සඳහා යොදා ගනු ලබන අතර එලෙස අල්ලා ගනු ලබන මසුන් රිටිපන්නයේ හෝ ධීවරයාගේ ඉණ වටා ගැට ගසා ඇති කුඩා මල්ලකට එකතු කර ගනු ලබයි. මෝසම් සෘතුවේ මුහුද රළු දිනවලදී බොහෝ ධීවරයන් නොගැඹුරු මුහුදේ රිටි මත සිට මසුන් ඇල්ලීමට යොමුවන බැවින් එම සමයේදී රිටිපන්න මත සිට මසුන් අල්ලන්ගේ ප්‍රමාණය අනෙක් කාලයන්ට වඩා සාමාන්‍යයෙන් වැඩිය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 24, 2026

    සිංහල නාම පද

  • අප්‍රේල් 04, 2026

    ඩොනල්ඩ් ට්‍රම්ප්

  • මාර්තු 13, 2026

    සමනල කන්ද

  • අප්‍රේල් 03, 2026

    වී බිස්ස

  • අප්‍රේල් 05, 2026

    සාකච්ඡාව:මුටසීව රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට