සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රාජ්‍ය සභා හෝ ප්‍රාන්තයන්ගේ මන්ත්‍රණ සභාව යනු ඉන්දියානු පාර්ලිමේන්තුවෙහි උත්තර මන්ත්‍රී මණ්ඩලය වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් නියම කරන පරිදී, රාජ්‍ය සභා හී

රාජ්‍ය සභා

  • මුල් පිටුව
  • රාජ්‍ය සභා

රාජ්‍ය සභා හෝ ප්‍රාන්තයන්ගේ මන්ත්‍රණ සභාව යනු ඉන්දියානු පාර්ලිමේන්තුවෙහි උත්තර මන්ත්‍රී මණ්ඩලය වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් නියම කරන පරිදී, රාජ්‍ය සභා හී සාමාජිකත්වය, උපරිම වශයෙන් මන්ත්‍රීවරුන් 250 කට සීමාවී ඇති අතර, වර්තමාන නීති ප්‍රකාර සාමාජිකත්වය 245 දෙනෙකු වෙයි. මන්ත්‍රී මණ්ඩලයෙහි බොහෝ සාමාජිකයන් ප්‍රාන්ත සහ බලප්‍රදේශ ව්‍යවස්ථාදායකයන් විසින් තනි මාරු ඡන්ද භාවිතයෙන් අනියම් වශයෙන් තෝරා පත් කරනු ලබන අතර, ජනාධිපතිවරයා විසින් 12 දෙනෙක් පත් කල හැකි වන්නේ, කලාව, සාහිත්‍යය, විද්‍යාව සහ, සමාජ සේවා වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය සැලකිල්ලට ගනිමිනි.

විසම කල සය-වසර ධූර කාලයක් තුල සාමාජිකයෝ සේවය කරන අතර සාමාජිකයන් අතරින් තුනෙන් එකක ප්‍රමාණයක් සෑම වසර දෙකකට වරක් විශ්‍රාම යති.

අඛණ්ඩ සැසි භාවිතා කරමින් රාජ්‍ය සභා රැස්වන අතර, ලෝක් සභා නම්වූ පාර්ලිමේන්තුවෙහි පහළ මන්ත්‍රී මණ්ඩලය මෙන් නොව, එය විසුරුවාහැරීමට භාජනය කල හැකි නොවෙයි. කෙසේවෙතත්, ලෝක් සභා ලෙසින්ම ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සභා හී වාරාවසානය කල හැකි වෙයි.

  1. දේශ්මුඛ්, යෂ්වන්ත් (11 ජූනි 2016). "කෲෂල් පොල්ස් ටුඩේ: අ ගයිඩ් ටු කැල්කියුලස් ඔෆ් රාජ්‍ය සභා ෆො ඩමීස්". ෆර්ස්ට්පෝස්ට්. සම්ප්‍රවේශය 20 ජූනි 2016.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 17, 2026

    වචනාර්ථ පරිවර්තන

  • අප්‍රේල් 11, 2026

    ආලේලූයා සෙනසුරාදා

  • මාර්තු 22, 2026

    පොදු රාජ්‍ය මණ්ඩලය

  • අප්‍රේල් 07, 2026

    ධර්මසේන ආටිගල

  • ජූනි 01, 2026

    Hassan Nasrallah

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට