සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රාජකීය වික්‍රමය මුලින්ම සිංහලයෙකු රඟපෑ සහ මුල්වරට ලක්දිව රූගතකල නිහඬ චිත්‍රපටය ලෙස පිළිගැනෙයි. මෙහි පළමුව රූගත කිරීම් සිදු කර ඇත්තේ කොළඹ බම්බලපිටියේ හිස්‌ව තිබූ

රාජකීය වික්‍රමය

  • මුල් පිටුව
  • රාජකීය වික්‍රමය

රාජකීය වික්‍රමය මුලින්ම සිංහලයෙකු රඟපෑ සහ මුල්වරට ලක්දිව රූගතකල නිහඬ චිත්‍රපටය ලෙස පිළිගැනෙයි. මෙහි පළමුව රූගත කිරීම් සිදු කර ඇත්තේ කොළඹ බම්බලපිටියේ හිස්‌ව තිබූ බංගලාවකදීය . මෙහි රූගත කිරීම් කොළඹ හා කෝට්‌ටේ හි නාවල දියවන්නා ඔය ඉවුරේදී කර ඇතැයි පැවසේ. "බෝරා ජාතික ටී. ඒ. නුර්බායි" මෙහි නිෂ්පාදකය වන අතර ඔහු විදෙස් චිත්‍රපට ගෙන්වා ලංකාවේ සිනමාශාලාවල පෙන්වීමේ ව්‍යාපාරිකයෙකිය. මෙහි අධ්‍යක්ෂක "ගුප්ත" නැමැත්තා ඉන්දියානු ජාතිකයෙකි, දකුණු ඉන්දියානු(දමිළ) චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකි. මෙහි කැමරාකරණයද ඔහුගේය.

රාජකීය වික්‍රමය
අධ්‍යක්‍ෂණයගුප්ත
නිශ්පාදනයටී.ඒ. නුර්බායි
සිනෙමාරූපණයගුප්ත
නිකුත්වූ දින
1923 - ඉන්දියාව,සිංගප්පූරුව
රටබ්‍රිතාන්‍ය ලංකාව

මෙහි ප්‍රධාන නළුවා වූයේ පසුකලෙක මුදල් ඇමැතිවරයකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරායි. ප්‍රධාන නිළිය ලෙස ලංසි තරුණියක වූ සිබිල්පිම්ය. අමතර රංගනයට ග්‍රේෂන් පෙරේරා, එරික්‌ වීරසේකර, ඇන්. ජී. ඩී. ඇල්බට්‌ සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා, පර්සි පෙරේරා සහ ඩේවිඩ් මැනුවෙල් රඟපෑහ. නාට්‍ය රඟදැක්‌වීම සහ නූර්ති ගී ගායනා පැවැති එම කාලයේ කාන්තාවන් හට රංගනයට තහනම් හෝ කාන්තාවන් සම්බන්ද වූයේ නැත. නාට්‍යවල කාන්තා චරිත රඟපෑවේ පිරිමියන්ය. පැරණි සිංහල සමාජයේ කාන්තාවන් සංස්කෘතියට අනුව සිටි හෙයින් චිත්‍රපටයහි රඟපෑමට "සිබිල් පිම්" නම් ලන්සි කාන්තාවක් තෝරා ගැනීය. මෙම චිත්‍රපටියහි දර්ශන තල ඉදිකිරීම් ආදිය හා කලා අධ්‍යක්‍ෂණය කරනු ලැබූයේ සුප්‍රසිද්ධ සිතුවම් ශිල්පියකු වූ "සාර්ලිස්‌ මාස්‌ටර්ය". සහාය කලා අධ්‍යක්‍ෂණය ජී.ඇස්‌. ප්‍රනාන්දුගෙනි.

මෙම චිත්‍රපටිය ලංකාවේ ප්‍රථම නිහඬ චිත්‍රපටය වූවද ලංකාවේදී තිරගත නොවීය. එය විදේශිකයන් හට පෙන්වන ලදි. ක්‍රි.ව. 1925 දී ඉන්දියාවේ බොම්බායේ හා සිංගප්පූරුවදී ප්‍රදර්ශනය කෙරිණ. බොම්බායේදී තිරගත වූ මෙම චිත්‍රපටිය වානිජ පරමාර්ථයන් උදෙසා ගිනි තබන ලදි. වාර්ථා වූයේ ගිනි ගත් බවට වුවත් මෙහි නිෂ්පාදකයා සමඟ අනෙක් ව්‍යාපාරිකයන්හට වූ තරහ නිසාවෙන් ගිනි තැබූ බවට තොරතුරු පළ විය. මෙම චිත්‍රපටය ලංකාවේ තිරගත කිරීමට පැමිණෙද්දීම ගිනි ගැනීම විශේෂත්වයකි.

  1. එල්.ඕ.ඩී. සිල්වා නම් අයෙකු පුවත්පතක
  2. සංරක්ෂිත පිටපත, http://www.divaina.com/2013/01/18/cineart05.html, ප්‍රතිෂ්ඨාපනය 2016-08-21 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    වැල් පෙනෙල

  • අප්‍රේල් 05, 2026

    සූර්‍ය වංශය

  • මාර්තු 13, 2026

    සංස්කෘතිය

  • අප්‍රේල් 07, 2026

    මලාවි සමුහාණ්ඩුව

  • මාර්තු 22, 2026

    ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට