සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ශ්‍රී ලාංකික සිංහල යුවලකට දාව උපත ලත් යුරේනි, එම පවුලේ එකම දියණිය වූවාය. සිය අධ්‍යාපන කටයුතු කොළඹ වැස්ලියන් විද්‍යාලයෙන් හැදෑරු බැව් කියන ඇය, රංගන ක්ෂේත්‍රයට පි

යුරේනි නොෂිකා

විකිපීඩියා වෙතින්
යුරේනි නොෂිකා
වෘත්තියනිළියක සහ නිරූපිකාවක
සක්‍රීය වසර2006–වර්ථමානය තෙක්
වෙබ් අඩවියyureninoshika.co

යුරේනි නොෂිකා යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නිළියක සහ නිරූපිකාවක වෙයි.

මුල් අවධිය

ශ්‍රී ලාංකික සිංහල යුවලකට දාව උපත ලත් යුරේනි, එම පවුලේ එකම දියණිය වූවාය. සිය අධ්‍යාපන කටයුතු කොළඹ වැස්ලියන් විද්‍යාලයෙන් හැදෑරු බැව් කියන ඇය, රංගන ක්ෂේත්‍රයට පිවිසීමට පෙරාතුව නීති ක්ෂේත්‍රයේ වෘත්තීයකට පිවිසීමේ කැමැත්තකින් පසුවූ බව සඳහන් වෙයි.

වෘත්තීය දිවිය

2006 වසරේදී ටීවී දෙරණ විසින් සංවිධානය කරනු ලැබූ "මොඩ්ල්ස් ඔෆ් ද නිව් ජෙනරේෂන් (Models of the New Generation)" යන තරඟය ජයග්‍රහණය කිරීම නිසා යුරේනි, ටුවරිසම් වර්ල්ඩ් (Tourism World) තරඟය තුල, ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තාය.

පසුව කොකා-කෝලා සහ නෙස්ලේ යන ආයතනයන්හී වෙළෙඳ දැන්වීම් කිහිපයකටද පෙනී සිටි ඇය, කිඳුරංගනා ටෙලිනාට්‍යය හරහා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පිවිසියාය. ඉන්පසුව සඳසාක්කි, අයාල්, පිංගලදනව්ව වැනි ටෙලිනාට්‍යයන්හීද ඇය චරිත නිරූපණය කලාය.

2009 වර්ෂයේදී තිරගත වූ නිනෝ ලයිව් (Nino Live) චිත්‍රපටිය හරහා, ශ්‍රී ලංකා රිදී තිරයටද ප්‍රවිශ්ට වූ යුරේනි, ඉන් පසුව ඇද්දලණුව, දැම්මකොඩිය යන චිත්‍රපටිය සඳහාද රංගනයෙන් දායක වූවාය.

මීට අමතරව යුරේනි, සිරස ටීවී විසින් සංවිධානය කරන ලද සිරස ඩාන්සිං ස්ටාර් රියැලිටි වැඩසටහනේ තරඟකාරියක ලෙස සහ 2012 මිස් ශ්‍රී ලංකා ඔන්ලයින් තරඟයේ විනිශ්චයකාරියක ලෙසද කටයුතු කලාය.


ටෙලිනාට්‍යය

  • සිහින සින්ඩරෙල්ලා

ආශ්‍රිත

  1. "නිනෝ ලයිව්". සිංහල ෆිල්ම් ඩේටාබේස්. සම්ප්‍රවේශය 30 අප්‍රියෙල් 2014.
  2. "මාරියා අල්කසාස් වින්ස් ෆස්ට් එවර් ඔන්ලයින් බියුටි පැජන්ට්". AdaDerana.lk. සම්ප්‍රවේශය 30 අප්‍රියෙල් 2014.
ඉහළට