සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අංගම් ශාස්ත්‍රය නොහොත් අංගම්පොර නම් සිංහල සටන් ශාස්ත්‍රයේ මූලික සිද්ධාන්ත වන අංගම්, ඉලංගම් හා මායා අංගම් යන මූලිකාංග වලින් මායා අංගම් යනු මන්ත්‍ර ශාස්ත්‍රය වැනි

මායා අංගම්

  • මුල් පිටුව
  • මායා අංගම්

අංගම් ශාස්ත්‍රය නොහොත් අංගම්පොර නම් සිංහල සටන් ශාස්ත්‍රයේ මූලික සිද්ධාන්ත වන අංගම්, ඉලංගම් හා මායා අංගම් යන මූලිකාංග වලින් මායා අංගම් යනු මන්ත්‍ර ශාස්ත්‍රය වැනි ගුප්ත ශාස්ත්‍රීය සටන් ක්‍රමවේදයන්ය. මෙම මායා අංගම් යන කොටස නැවත අංගම් පිඹීම, කාලං, පිල්ලි යනුවෙන් කොටස් තුනකට බෙදී යයි.මෙය මෙම සටන්ක්‍රමයේ තිබෙන භයානකම සටන් ක්‍රමවේදයයි.මෙයින් අඩපණ කිරීමේ සිට මරණය තෙක් ඉතා දැඩි ලෙස සතුරාට හානි සිදුකළ හැක. ඈතක සිට මන්ත්‍ර ජපකොට සතුරා මුළාවට පත්කර බිමවැටෙන්න සැලැස්වීමට පවා දක්ෂ මායා අංගම් සටන් ශිල්පියෙකුට හැකියාවක් ඇත.එමෙන්ම තමාගේ සිරුරට සමාන සිරුරක් මවා පෙන්වීම ආදී බොහෝ දෑ පවතී. එසේම සෑම අංගම් ශිල්පියෙක්ම කුණ්ඩාලිනී යෝගය තෙක් භාවනා හා යෝග අභ්‍යාස හරහා තම මානසික ශක්තිය වැඩිදියුණු කළයුතුය. මෙහිදී මනසින් යම් යම් විස්මිත ක්‍රියාකාරම් කිරීමේ හැකියාවද පවතී. කුණ්ඩාලිනී යෝගය හරහා අතීතය, වර්තමානය හා අනාගතය යන තුන් කල් දැකීමේ හැකියාව පැවතීම විශේෂත්වයකි. අතීතයේදී එක සමාන සටන් හැකියාවන් ඇති සටන් ශිල්පීන් ඌරා ළිඳෙහි අංගම් කොටන විටදීත් මෙම මානසික ශක්තිය භාවිතා කොට ඇත. සාමන්‍ය සටන් සඳහා වුවද මානසික ශක්තිය ශාරීරික ශක්තිය සමඟ මුසුකොට සටන් සඳහා භාවිතා කිරීමේ හැකියාවක් දක්ෂ අංගම් සටන් ශිල්පියෙකුට පවතී. එමෙන්ම වෙඩිවැදීමෙන් වැළකීමට තෙල් වර්ග මතුරා භාවිතා කිරීම ආදී විස්මිත ක්‍රියාකාරකම් රාශියක් ඇත. .

මායා අංගම් වලට අදාල වන අංගම් ශාස්ත්‍රීය භාවනා අභ්‍යාසයක නිරූපනයක්

මෙම මන්ත්‍ර සාත්‍ර බොහෝ ලෙස ප්‍රගුණ කරඇත්තේ පත්තිනිගේ දොන් පරම්පරාවයි.ඔව්න්ට ඉතා පහසුවෙන් කුණ්ඩාලිනී ශක්තිය ලබා ගත හැක.

බාහිර සබැඳුම්

  1. අංගම්පොර - ඉපැරණි සිංහලයින්ගේ සටන් කලාව, http://www.angampora.info/5/Angampora%20:%20Martial%20Art%20of%20Ancient%20Sinhalese/EN/angampora_article_sri_lanka.htm, ප්‍රතිෂ්ඨාපනය 2013-09-15 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 31, 2026

    මට්ටක්කලප්පු මාන්මියම්

  • ජූනි 12, 2026

    Western literature

  • අප්‍රේල් 05, 2026

    ඉස්ලාම් ආගම

  • ජූනි 16, 2026

    Irish poetry

  • මාර්තු 23, 2026

    ඉතිහාසය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට