සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මාගධී ප්‍රාකෘත (මාගධී) හෙවත් මගධානු යනුවෙන් හැඳින්වෙන්නේ ජන වහරේ පැවති මධ්‍ය ඉන්දු-ආර්ය භාෂාවකි.. මෙහි සාහිත්‍යමය අර්ථය සැලකූ විට, ප්‍රාකෘත යන්නෙන් එම භාෂාව ස්ව

මාගධී ප්‍රාකෘත

  • මුල් පිටුව
  • මාගධී ප්‍රාකෘත

මාගධී ප්‍රාකෘත (මාගධී) හෙවත් මගධානු යනුවෙන් හැඳින්වෙන්නේ ජන වහරේ පැවති මධ්‍ය ඉන්දු-ආර්ය භාෂාවකි.. මෙහි සාහිත්‍යමය අර්ථය සැලකූ විට, ප්‍රාකෘත යන්නෙන් එම භාෂාව ස්වාභාවිකව සම්භවය වූ බව හැඟවේ. මෙය වර්තමාන ඇසෑම්, බෙංගාලය, බිහාර්, ඔඩිෂා සහ නැගෙනහිර උත්තර් ප්‍රදේශයට අයත්ව ඇති භූමි භාගයේ ප්‍රචලිතව පැවතුණකි. මෙය සංස්කෘත මෙන් පූජක පන්තියේ වූ බ්‍රාහ්මණයන් වැනි වංශවතුන් අතර පමණක් හාවිතයේ පැවති භාෂාවක් නොවන අතර, නැගෙනහිර ඉන්දියාවේ මගධ මහාජනපදයේ සාමන්‍ය ජනයා අතර හාවිතයේ පැවතුණකි. මෙය ගෞතම බුදුන් වහන්සේ සහ මහාවීර වැනිආගමික ශාස්තෲන් පමණක් නොව, මගධ මහාජනපදයේ රාජසභාවේ සහ මෞර්ය අධිරාජ්‍යයේ භාවිතා වූ භාෂාවයි; ඇතැම් අශෝක රජුගේ ආඥා ද මෙම බසින් නිකුත් කොට ඇත.

මාගධී ප්‍රාකෘත (මගධානු)
මාගධී
බ්‍රාහ්මී: 𑀫𑀸𑀕𑀥𑀻 දේවනාගරී: मागधी
බෙංගාලි-ඇසෑමි: মাগধী ඔඩියා: ମାଗଧୀ
තීර්හුත: মাগধী කෛථි: 𑂧𑂰𑂏𑂡𑂲
Sylheti Nagri: ꠝꠣꠉꠗꠤ චක්මා: 𑄟𑄉𑄧𑄙𑄩
කලාපයඉන්දියාව
නෂ්ට වූනැගෙනහිර ඉන්දු-ආර්ය භාෂා බවට වර්ධනය විය
භාෂා පවුල
ඉන්දු-යුරෝපීය
  • ඉන්දු-අයිරේනියානු
    • ඉන්දු-ආර්ය
      • මාගධී ප්‍රාකෘත (මගධානු)
භාෂා කේත
ISO 639-3–
ග්ලොටෝලොග්නැත
ප්‍රාක්-මගධානු (මාගධී ප්‍රාකෘත) සමූහයේ නැගෙනහිර මගධානු ශාඛාවේ ප්‍රාක්-භාෂාවන්.

මාගධී ප්‍රාකෘත පසුකලෙක වැඩිදියුණු වී නැගෙනහිර ඉන්දු-ආර්ය භාෂාවන් වන පහත භාෂා බිහි විය:

  • බෙංගාලි–ඇසෑමි
  • බිහාරී
  • හල්බික
  • ඔඩියා
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 22, 2026

    ටිම් වෝල්ස්

  • අප්‍රේල් 01, 2026

    සිංහල හින්දු අලුත් අවුරුද්ද

  • අප්‍රේල් 24, 2026

    Priyantha Seneviratne

  • අප්‍රේල් 16, 2026

    Atomic mass

  • මාර්තු 23, 2026

    යශෝදරා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට