සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බෙරෙනිස් III (ග්‍රීක: Βερενίκη; ක්‍රි.පූ. 120–80) හෙවත් ක්ලියෝපැට්රා බෙරෙනිස් යනුවෙන් හඳුන්වන්නේ ක්‍රි.පූ. 81 සිට 80 දක්වා ඊජිප්තුව පාලනය කළ රැජිනකි. ඇතැම්විට ඇ

බෙරෙනිස් III

  • මුල් පිටුව
  • බෙරෙනිස් III

බෙරෙනිස් III (ග්‍රීක: Βερενίκη; ක්‍රි.පූ. 120–80) හෙවත් ක්ලියෝපැට්රා බෙරෙනිස් යනුවෙන් හඳුන්වන්නේ ක්‍රි.පූ. 81 සිට 80 දක්වා ඊජිප්තුව පාලනය කළ රැජිනකි. ඇතැම්විට ඇය විසින් ක්‍රි.පූ. 101 සිට 88 දක්වා ඇගේ සැමියා/මාමණ්ඩිය වූ ටොලමි X ඇලෙක්සැන්ඩර් I සමග හවුල් පාලනයක් ද ගෙනයන්නට ඇත.

බෙරෙනිස් III
ඊජිප්තුවේ ටොලමියානු රැජින
රාජ්‍ය සමයමාමණ්ඩිය සහ සුළු-පියා වූ ටොලමි X ඇලෙක්සැන්ඩර් I සමග (පළමු රාජ්‍ය සමය)
අර්ධ-සොයුරා සහ මස්සිනා වූ ටොලමි XI ඇලෙක්සැන්ඩර් II සමග
උපතක්‍රි.පූ. 115 අගභාගය හෝ මුල්කාලීන ක්‍රි.පූ. 114
මරණයක්‍රි.පූ. 80
ඊජිප්තුව
වල්ලභයාටොලමි X (මාමණ්ඩිය සහ සුළු-පියා)
ටොලමි XI ඇලෙක්සැන්ඩර් II (මස්සිනා සහ අර්ධ‍-සොයුරා)
දරුවන්ඊජිප්තුවේ Vවන ක්ලියෝපැට්රා
රාජවංශයටොලමයික
පියාටොලමි IX ලැතිරොස්
මවක්ලියෝපැට්රා සෙලීන් I

ක්‍රි.පූ. 120දී උපන් ඇය ටොලමි IX ලැතිරොස් සහ ක්ලියෝපැට්රා සෙලීන් I ගේ දියණිය වූවා ය. ටොලමි X ඇලෙක්සැන්ඩර් I විසින් ලැතිරොස්ගෙන් සිහසුන පැහැරගෙන සිය මෑණියන් (බෙරෙනිස්ගේ මිත්තණිය) වූ IIIවන ක්ලියෝපැට්රාව ඝාතනය කිරීමෙන් පසු ක්‍රි.පූ. 101දී ඇයට Xවන ටොලමි සමග විවාහ වීමට සිදු විය. ලැතිරොස් නැවත සිහසුනට පත්වූ පසු බෙරෙනිස්ට ඇගේ පාලනය අහිමි විය. නමුත් ක්‍රි.පූ. 81 අවසාන කාලයේ ලැතිරොස් මියයාමත් සමග, බෙරෙනිස් සිහසුනට පත්ව මාස හයක් රාජ්‍ය පාලනය මෙහෙයවූවා ය. මෙකල ඇය ජනතාවගේ ආදරයට පාත්‍රවූවා ය.

ක්‍රි.පූ. 80දී ඇයට ටොලමි XI ඇලෙක්සැන්ඩර් II සමග විවාහ වීමට බලකෙරිණි. ඉන් දින 19කට පසු ඔහු ඇයව මරාදැමී ය. මෙය ජනතාවගේ වෛරයට හේතුවූ අතර, ඔහුට එරෙහිව කැරලි ගැසූ ජනතාව දින කිහිපයකට පසු ඔහුව මරාදැමූහ.

හැන්ඩල්ගේ ඔපෙරාවක් වන බෙරෙනිස් සඳහා තේමාව වී ඇත්තේ ද බෙරෙනිස්ගේ චරිතයයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 24, 2026

    පාගෝ පාගෝ

  • මැයි 03, 2026

    රොනී ලීච්

  • අප්‍රේල් 11, 2026

    හම්බන්තොට දිස්ත්‍රික්කය

  • අප්‍රේල් 08, 2026

    සිංග්ලිශ් ටයිප්රයිටරය

  • අප්‍රේල් 04, 2026

    හෝර්ටන් තැන්න

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට