සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පැරාලිම්පික් ක්‍රීඩා යනු, කායික, මානසික සහ ඉන්ද්‍රීය සම්බන්ධ ආබාධයන් සහිත මළල ක්‍රීඩකයන් වෙනුවෙන් වූ - බහු ක්‍රීඩා ඉසව්වකි. මෙයට ඇතුළත් වන්නේ චලන ආබාධ, සිරුරේ අ

පැරා ඔලිම්පික්

  • මුල් පිටුව
  • පැරා ඔලිම්පික්

පැරාලිම්පික් ක්‍රීඩා යනු, කායික, මානසික සහ ඉන්ද්‍රීය සම්බන්ධ ආබාධයන් සහිත මළල ක්‍රීඩකයන් වෙනුවෙන් වූ - බහු ක්‍රීඩා ඉසව්වකි. මෙයට ඇතුළත් වන්නේ චලන ආබාධ, සිරුරේ අවයව කපා ඉවත් කරනු ලැබූවන්, දෘෂ්ටි ආබාධ සහ මස්තිෂ්ක අක්‍රීයත්වය ඇති පුද්ගලයන්ය. පැරාලිම්පික් ක්‍රීඩා, ඔලිම්පික් ක්‍රීඩාවලට අනුගාමීව සෑම වසර 04 කට වරක්ම පවත්වනු ලබන අතර එය ජ්‍යාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව (IPC) විසින් පාලනය කරනු ලැබේ. (මෙම පැරාලිම්පික් ක්‍රීඩා සමහර අවස්ථාවලදී, බුද්ධි ආබාධයන්ගෙන් පෙළෙන පුද්ගලයන් සඳහා වන විශේෂ ඔලිම්පික් ලෝක ක්‍රීඩා සමග පටලවාගනු ලැබේ.)

පැරාලිම්පික් ක්‍රීඩා
සංවිධානය
IPC • NPCs • සංකේත
ක්‍රීඩාව • Competitors
Medal tables • Medalists
ක්‍රීඩා
පෞරාණික ඔලිම්පික් ක්‍රීඩා
ඔලිම්පික් ක්‍රීඩා
Paralympic Games
ගිම්හාන පැරාලිම්පික් ක්‍රීඩා
හේමන්ත පැරාලිම්පික් ක්‍රීඩා

ග්‍රීක භාෂාවේ නමක් වන “Para” යන්න “සමීප” හෝ “පැත්තක” යන අර්ථය ගෙන දෙන අතර එබැවින් ඔලිම්පික් ක්‍රීඩාවලට සමගාමීව පවත්වනු ලබන ක්‍රීඩා යන අර්ථය ගෙන දෙයි.මෙය අංශ භාගය හෝ දෙපා අප්‍රාණික වීම යන රෝගවලට කිසිදු සම්බන්ධයක් නොමැත. කෙසේ නමුත් ලෝක පැරලිම්පික්, මූලාරම්භයේදී ‘දෙපා අප්‍රාණික රෝගය’ සහ ‘ඔලිම්පික්’ සම්බන්ධ කෙරෙන එකතුවක් විය.

පටුන

ඉතිහාසය

1948 දී ශ්‍රීමත් ලුඩ්විග් ගුට්මාන් (පසුව ස්ටෝක් මැන්ඩෙවිල් ක්‍රීඩා නමින් හැඳින්වූ) ක්‍රීඩා තරඟ මාලාවක් සංවිධානය කළේය. මෙයට සම්බන්ධ වූයේ දෙවැනි ලෝක සංග්‍රාමයෙහි නියැලුනු කොඳු ඇට පේලියට අනතුරු සිදු වූ යුද්ධයට සහභාගී වූ පිරිසකි. 1952 දී නෙදර්ලන්තයෙන් පැමිනි තරඟකරුවෝ තරඟවලට සහභාගී වෙමින් අන්තර්ජාතික පිළිගැනීමක් එම ව්‍යාපාරයට එක් කළහ. ආබාධ සහිත වූ පුද්ගලයින් සඳහා ඔලිම්පික් ආකාරයේ ක්‍රීඩා උළෙලක් 1960 දී රෝමයේදී පවත්වන ලදි. නම වෙනි වාර්ෂික අන්තර්ජාතික ස්ටෝක් මැන්ඩෙවිල් ක්‍රීඩා ලෙස නිල වශයෙන් හැඳින්වුනු මේවා පළමු පැරා ඔලිම්පික් ක්‍රීඩා ලෙස සළකන ලදි. පළමු ශීත ඍතු පැරා ඔලිම්පික් පවත්වන ලද්දේ 1976 දී ස්වීඩනයේ öinsköldsvik හිදී ය.

1988 වර්ෂයේ සිට ඔලිම්පික් තරඟ වලට අනුගාමීව එම සත්කාරක නගරයේම පැරාඔලිඕපික් ද පවත්වන ලදි. මෙම ක්‍රමය 1992 දී ශීත ඍතු පැරාඔලිම්පික් සඳහාද යොදා ගන්නා ලදි. 2001 ජූනි 19 දින ඇති කර ගත් එකඟතාවයක් මත පසුව එය අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සහ IPC යේ නිල ප්‍රතිපත්තියක් බවට පත් විය. ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවසන් වී සති තුනකට පසුව එම නගරයේම, එම පහසුකම් යටතේම පැරාඔලිම්පික්ද පවත්වනු ලැබේ. ඔලිම්පික් ඉල්ලා සිටින සත්කාරක රට තම ඉල්ලුමේ පැරා ඔලිම්පික්ද ඇතුළත් කළ යුතු වේ. සිරිතක් වශයෙන් මෙම ක්‍රීඩා දෙකම තනි සංවිධානාත්මක කමිටුවක් විසින් පවත්වනු ලැබේ.

සත්කාර නගර

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    කුෂාණ අධිරාජ්‍යය

  • මාර්තු 31, 2026

    භාරත ජනරජය

  • අප්‍රේල් 12, 2026

    අලවි මවුලානා

  • අප්‍රේල් 08, 2026

    චන්ද්‍ර වර්ෂ

  • අප්‍රේල් 03, 2026

    Vascular plant

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට