සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නෙප්චූන් යනු සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යාගේ සිට අටවෙනි හා ඉතාමත් දුරින්ම පිහිටා ඇති ඇති ග්‍රහලොව වේ. එය විෂ්කම්භයෙන් හතරවන ස්ථානය අයත් කරගනී. එමෙන්ම එය ස්කන්ධය අනුව

නෙප්චූන්

  • මුල් පිටුව
  • නෙප්චූන්

නෙප්චූන් යනු සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යාගේ සිට අටවෙනි හා ඉතාමත් දුරින්ම පිහිටා ඇති ඇති ග්‍රහලොව වේ. එය විෂ්කම්භයෙන් හතරවන ස්ථානය අයත් කරගනී. එමෙන්ම එය ස්කන්ධය අනුව තෙවන විශාලම ග්‍රහලොවයි. එය පෘථිවිය මෙන් 17 ගුණයක් ස්කන්ධයෙන් විශාල ය

නෙප්චූන් ♆
Neptune from Voyager 2
Neptune from Voyager 2 with Great Dark Spot at left and Small Dark Spot at lower right. White clouds are composed of methane ice; overall blue coloration is due at least in part to methane absorption of red light.
සොයාගැනීම
සොයාගත් තැනැත්තේ
  • Urbain Le Verrier
  • John Couch Adams
  • Johann Galle
සොයාගත් දිනය23 සැප්තැම්බර් 1846
නිලනාමයන්
ශබ්දනැගීමඅසන්නi/ˈnɛptjuːn/
විශේෂණයNeptunian
කක්ෂීය ලක්ෂණ
කාලාරම්භය J2000
විහේලිකය4,553,946,490 km
30.44125206 AU
අපහේලිකය4,452,940,833 km
29.76607095 AU
අඩ-මහා අක්ෂය4,503,443,661 km
30.10366151 AU
උත්කේන්ද්‍රියතාවය0.011214269
කක්ෂීය කාලාවර්තය60,190.03 days
164.79 years
89,666 Neptune solar days
චන්ද්‍ර කාලාවර්තය367.49 day
සාමාන්‍යය කක්ෂීය වේගය5.43 km/s
මධ්‍යන්‍යය විෂමතාවය267.767281°
ආනතිය1.767975° to Ecliptic
6.43° to Sun’s equator
0.72° to Invariable plane
ආරෝහණ මංසලෙහි දේශාංශකය131.794310°
පරිතාරාන්තිකයේ විස්තාරය265.646853°
චන්ද්‍රිකා13
භෞතික ගුණාංග
සමක අරය24,764 ± 15 km
3.883 Earths
ධ්‍රැවීය අරය24,341 ± 30 km
3.829 Earths
Flattening0.0171 ± 0.0013
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය7.6183×109 km2
14.98 Earths
පරිමාව6.254×1013 km3
57.74 Earths
ස්කන්ධය1.0243×1026 kg
17.147 Earths
මධ්‍යන්‍යය ඝණත්වය1.638 g/cm3
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය11.15 m/s2
1.14 g
මිදුම් ප්‍රවේගය23.5 km/s
නක්ෂත්‍ර භ්‍රමණ කාලාවර්තය0.6713 day
16 h 6 min 36 s
නිරක්ෂීය භ්‍රමණ ප්‍රවේගය2.68 km/s
9,660 km/h
ආක්ෂක ආනතිය28.32°
උත්තර ධ්‍රැවය විෂුවදංශය19පැය 57විනා 20තත්
299.3°
උත්තර ධ්‍රැවය ක්‍රාන්තිය42.950°
ප්‍රභානුපාතය0.290 (bond)
0.41 (geom.)
පෘෂ්ඨීය උෂ්ණත්වය අවම මධ්‍යන්‍යය උපරිම
1 bar level 72 K
0.1 bar (10 kPa) 55 K
දෘශ්‍ය විශාලත්වය8.02 to 7.78
කෝණික විෂ්කම්භය2.2–2.4″
වායුගෝලය
පරිමාණ උස19.7 ± 0.6 km
සංයුතිය
80±3.2%hydrogen (H2)
19±3.2%helium (He)
1.5±0.5%methane (CH4)
~0.019%hydrogen deuteride (HD)
~0.00015%ethane (C2H6)

Ices:

  • ammonia (NH3)
  • water (H2O)
  • ammonium hydrosulfide (NH4SH)
  • methane (?)

. තවද එය එහි යාබද ග්‍රහයාවන යුරේනස්ට වඩා ස්වල්ප වශයෙන් ස්කන්ධයෙන් වැඩි අතර යුරේනස් පෘථිවි‍ය මෙන් 15 ගුණයක ස්කන්ධයෙන් යුක්තයි. මුහුදට අධිපති රෝමාණු දෙවියෙකුගේ නමින් එය නම් ඇති අතර එහි තාරකා විද්‍යාත්මක සංකේතය ♆ වන අතර එය නෙප්චූන් දෙවි‍යාගේ ත්‍රිශූල‍යෙහි අලංකාර කරන සංකේතයයි. 1846 සැප්තැම්බර් 23 සොයා ගන්නා ලද අතර එය සාමාන්‍ය නිරීක්ෂයකින් තොරව ගණිතමය අනාවැකියකින් සොයාගන්නා ලද ප්‍රථම ග්‍රහලෝකය වේ. යුරේනස්ගේ බලාපොරොත්තු නොවූ කක්ෂීය වෙනස්වීමකින් පසුව අභ්‍යවකාෂ විද්‍යාඥයින්ට නොදන්නා ග්‍රහලොවක ගුරුත්වාකර්ෂණ කැළඹීම් ව්‍යුත්පන්න කිරීමට මඟ පාදන ලදී. නෙප්චූන් සොයාගනු ලැබුවේ අනුමාන කල ස්ථානයට අංශකයක් ‍ඇතුලතිනි. එහි චන්ද්‍රයා සතුවන ටයිටන් කෙටි කාලයකින් සොයාගන්නා ලදී. නමුත් 20 වන ශතවර්ෂයට පෙර එහි අනෙක් චන්ද්‍රයින් 12 දෙනා සොයාගැනීමට නොහැකි විය. නෙප්චුන් කරා ළඟාවී ඇත්තේ එක් අභ්‍යාවකාෂ යානාවක් පමණි. ඒ වොයේජර් 2 යානාව වන අතර එය 1989 අගෝස්තු 25 දින ග්‍රහ ලොව අසලින් පියාඹා ගියේය.

පටුන

සොයාගැනීම

වර්ෂ 1612 දෙසැම්බර් මස 28 වැනිදා ගැලීලියෝ විසින් නෙප්චූන් ප්‍රථම වරට දකින ලද බවත් නැවත 1613 ජනවාරි 27 වැනිදා එය දර්ශනය වූ බවත් ඔහුගේ චිත්‍ර පෙන්වා දෙයි.එම අවස්ථා දෙකේ දීම එය රාත්‍රී ආකාශයේ බ්‍රහස්පතීට සංයුඤ්ජනව දිස් වූ නිසා ගැලීලියෝ එය ස්ථිර තාරකාවක් බවට වරදවා වටහා ගත්තේය. එම නිසා නෙප්චූන් සොයා ගැනීමේ ගෞරවය ඔහුට අත් නොවීය. 1612 දෙසැම්බර් මස ඔහුගේ ප්‍රථම පර්යේෂණ කාලය තුළ එය ආකාශයේ නිශ්චලව තිබුණි. එයට හේතුව හරියටම එම කාලයේම නෙප්චූන් වක්‍ර වීමට හැරුණු නිසාය. මෙම දෘශ්‍ය ආපසු ගමන් කිරීම ඇති වන්නේ පෘථිවි කක්ෂය ඊට පිටතින් පිහිටි ග්‍රහ ලොවක් පසුකර යන විටය. නෙප්චූන් එහි වාර්ෂික වක්‍ර වීමේ චක්‍රය ආරම්භ කරමින් තිබූ නිසා ගැලීලියෝගේ කුඩා දුරේක්ෂයට හසු නොවන තරම් එය මන්දගාමී විය.වර්ෂ 1812 දී ඇලෙක්ස් බෝ වාර්ඩ් යුරේනස් කක්ෂයේ තාරකා විද්‍යාත්මක වගු ප්‍රකාශයට පත් කළේය. පසුව කළ ගවේෂණ මඟින් හෙළි වූයේ ග්‍රහලොවෙහි චලිතය වගුවලට වඩා මඳක් වෙනස් බවයි. මෙම සිද්ධිය , නොදන්නා වස්තුවක ගුරුත්වාකර්ෂණ බලය මඟින් නෙප්චූන්හි පථය කළඹනවා යන කල්පිතය කරා බෝවාර්ඩ් මෙහෙය වීය. 1843 දී ජෝන් කවුච් ඇඩම්ස් විසින් යුරේනස්ගේ පථයට බාධා කරන අට වැනි ග්‍රහ ලොවේ කක්ෂය ගණනය කරන ලදී. ඔහු සිය ගණනය කිරීම් රාජකීය තාරකා විද්‍යාඥ සර් ජෝර්ජ් අයිරිට ලබා දුන්නේය.සර් ජෝර්ජ් අයිරි ඔහුගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය. ඇඩම්ස් පිළිතුරක් ලිවීම ආරම්භ කළ මුත් කෙදිනකවත් පිළිතුරු නොයැවූ අතර යුරේනස් හි ප්‍රශ්නය පිළිබඳව උනන්දු වී විමසා බැලුවේ ද නැත.

අර්බන් ලි වෙරියර්

අර්බන් ලි වෙරියර් (නෙප්චූන්ගේ සම සොයාගන්නෙකු වූ ගණිතඥයා) 1945 - 46 දී අර්බේන් ලි වෙරියර් , ඇඩම්ගෙන් ස්වාධීනව ඔහුගේ ගණනය කිරීම වේගවත්ව සිදු කළ නමුත් ඔහුගේ අනුගාමිකයන් තුළ ඒ පිළිබඳ උනන්දුවක් ඇති කිරීමේ දී අසීරුතාවයන්ට මුහුණ දුනි. කෙසේ හෝ ජුනි මාසයේ දී ප්‍රකාශයට පත් වු ලී වෙර්යර්ගේ ප්‍රථම තක්සේරුව ඇඩම්ස්ගේ තක්සේරුවට සමාන වීය, කේම්බ්‍රිජ් නිරීක්ෂණාගාරයේ අධ්‍යක්ෂ ජේම්ස් චාලිස් මහතා නව ග්‍රහලොව සෙවීමට පෙළබුණි. චාලිස් විසින් අගෝස්තු හා සැප්තැම්බර් මාස පුරාවටම අහස නිරීක්ෂණය කරමින් එය සොයන ලදී. මේ අතරතුර , ලී වෙරියර් ලිපියක් මඟින් බර්ලින් නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥ ජොහෑන් ගොට්ෆ්‍රයිඩ් ගෝල්ට වර්තනමානය භාවිතයෙන් මෙය සොයා බලන මෙන් දන්වා සිටියේය. නිරීක්ෂණාගාරයේ ශිෂ්‍යයකු වූ හෙන්රිච් ඩී ඇරෙස්ට් , ග්‍රහලෝකයක විස්ථාපන, ගතිලක්ෂණ සෙවීම, වෙරියර් විසින් අනුමාන කරන ලද ආකාශ ප්‍රදේශයේ මෑතකදී අඳින ලද සටහන්වලට අනුව හා දැනට පවතින අහස සම්බන්ධයෙන් සංසන්දනයන් සිදු කළ හැකි බව ගෝල්ට යෝජනා කරන ලදී. 1846 සැප්තැම්බර් 23 වැනිදා එනම් වෙරියර්ගේ ලිපිය ලැබුණු දිනම සන්ධ්‍යා භාගයේ දී නෙප්චූන් ග්‍රහලෝකය සොයා ගැනුණි. එය වෙරියර් අනුමාන කළ ස්ථානයට 10 ඇතුළතින්ද ඇඩම්ස් අනුමාන කළ ස්ථානයට 120 දුරිනුද පිහිටා තිබිණි. තමන් අගෝස්තු මාසයේ දී දෙවරක් ග්‍රහලොව දැක ඇති නමුත් සිය ක්‍රියා පිළිවෙලෙහි වූ අපරික්ෂාකාරී බව නිසා එය හඳුනා ගැනීමට නොහැකි වූ බව පසුව චාලිස්ට තේරුම් ගියේය. එය සොයා ගැනීමත් සමඟම නෙප්චූන් සොයා ගැනීමේ ගෞරවය හිමි විය යුත්තේ කාට ද යන ප්‍රශ්නය මත බ්‍රිතාන්‍ය හා ප්‍රංශය අතර ජාතිවාදී ගැටුමක් නිර්මාණය විය. එසේම ලී වෙරියර් හා ඇඩම්ස් යන දෙදෙනාට මෙම ගෞරවය හිමි විය යුතු බවට ජාත්‍යන්තර සම්මුතියක් ගොඩ නැඟිණි. කෙසේ නමුත් වර්ෂ 1998 දී “නෙප්චූන් පත්‍රය” හි (ග්‍රීන් විචර්හි රාජකීය නිරීක්ෂණාගාරයේ ඓතිහාසික ලියවිල්ලක්) නැවත සොයා ගැනීමත් සමඟ ඉතිහාසඥයන් විසින් නෙප්චූන් සොයාගැනීම පිළිබඳ ප්‍රශ්නය නැවත කරළියට ගෙන එන ලදී. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ඕලින් ජේ. ඊගන් නම් තාරකා විද්‍යාඥයා විසින් අයුතු ලෙස අත්පත් කරගෙන සිටි එය ඔහුගේ මරණයෙන් පසුව නැවත සොයා ගැනුණි. ඇතැම් ඉතිහාසඥයන් දැන් කියා සිටින්නේ ඇඩම්ස් ලී වෙරියර් සමඟි සමාන ගෞරවයක් නොලබන බවයි. 1966 සිටම ඩෙනිස් රෝලින්ස් විසින් ඇඩම්ස්ට නෙප්චුන් සොයාගත් සම සොයා ගන්නෙක් ලෙස ගෞරව කිරීමේ ප්‍රශ්න පිළිබඳව මතු කරන ලදි. ඔහු ඩිගෝ (Dio) සඟරාවෙහි ලිපියක දී එය හොරකමක් ලෙස දක්වා තිබුණි. “ඇඩම්ස් ගණනය කිරීම් කිහිපයක් සිදුකළ මුත් නෙප්චූන් ඇතැයි කියන ස්ථානය පිළිබඳ ඔහුට නිවැරදි හැඟීමක් නොතිබුණි” යැයි ලන්ඩන් විශ්ව විද්‍යාලයේ නිකොලස් කොලෙස්ට්‍රොම් 2003 වර්ෂයේදී පැවසීය.

භෞතික ලක්ෂණ

වායුගෝලය

නෙප්චූන්හි වායුගෝලය ප්‍රාථමිකව හයිඩ්‍රජන් හා හීලියම් වලින්ද මීතේන් සුළු ප්‍රමාණයකින්ද සමන්විත වේ. නෙප්චූන්හි වායුගෝලයේ ඇති මීතේන් වායුව නෙප්චූන්හි නිල් පැහැයට හේතු වේ. තවද නෙප්චූන් සෞරග්‍රහ මණ්ඩලයේ සුළං අධිකම ග්‍රහලොව වන අතර එහි සුළගේ ප්‍රභලත්වය පැයට කිලෝ මීටර 2,100 (1,300mph) පමණ වේ. 1989 වොයෙජර් යානය එය අසලින් පියඹා යන කාලයේ පසුව එහි දක්ෂිණ අර්ධ ගෝලයේ විශාල අඳුරු ප්‍රදේශයක් නිරීක්ෂණය කරන ලදී. එය බ්‍රහස්පති මත ඇති විශාල රතු ප්‍රදේශය වැන්නකි. නෙප්චූන් සූර්යාගේ සිට ඉතා ඈතින් පිහිටා තිබීම නිසා එහි වළාකුළු මුදුන් මත උෂ්ණත්වය 55 K (−218 °C; −361 °F) තරම් වන අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ සිසිල්ම ස්ථාන අතරින් එකකි. එහි අභ්‍යන්තරයේ උෂ්ණත්වය 5,400 K (5,100 °C; 9,300 °F) පමණ වන අතර එය සූර්යයාගේ පෘෂ්ටීය උෂ්ණත්වයට හා වෙනත් දන්නා ග්‍රහලෝකවල ගර්භ උෂ්ණත්වයට සමාන වේ. තවද නෙප්චූන් සතුව අපැහැදිලි බිඳුණු වළලු පද්ධතියක් ඇති බව 1960 දී නිරීක්ෂණය කළ අතර වොයේජර් 2 මගින් තහවුරු කරන ලදී.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    අභිධර්ම පිටකය

  • අප්‍රේල් 04, 2026

    ග්‍රීක දර්ශනවාදීන්

  • අප්‍රේල් 04, 2026

    Sinhalese people

  • මාර්තු 31, 2026

    ශ්‍රී ලංකාවේ දියඇලි

  • අප්‍රේල් 03, 2026

    Infectious disease

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට