Jayantha Jayasuriya ජනාධිපති නීතිඥ | |
|---|---|
| ජයන්ත ජයසූරිය | |
| 47 වැනි ශ්‍රී ලංකාවේ අගවිනිසුරු | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 2019 අප්‍රේල් 29 | |
| Appointed by | මෛත්‍රීපාල සිරිසේන |
| පූර්වප්‍රාප්තිකයා | නලින් පෙරේරා |
| 45 වැනි ශ්‍රී ලංකාවේ නීතිපති | |
| තනතුර දරමින් 2016 ජනවාරි 11 – 2019 අප්‍රේල් 29 | |
| Appointed by | මෛත්‍රීපාල සිරිසේන |
| පූර්වප්‍රාප්තිකයා | යුවංජන විජයතිලක |
| අනුප්‍රාප්තිකයා | දප්පුල ද ලිවේරා |
| පුද්ගලික තොරතුරු | |
| උපත | ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය |
| උගත් ශාස්ත්‍රාලය | මලියදේව විද්‍යාලය ශ්‍රී ලංකා නීති විද්‍යාලය |
| වෙබ් අඩවිය | ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය |
ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය, ජනාධිපති නීතිඥ ( ඉංග්‍රීසි: Jayantha Chandrasiri Jayasuriya) යනු 2019 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ 47 වැනි අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරන නීතිඥවරයෙකි. ජයසූරිය මහතා 2019 වර්ෂයේ අප්‍රේල් මස 26 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන ලද අතර දින තුනකට පසුව අප්‍රේල් මස 29 වන දින අගවිනිසුරු නලින් පෙරේරා මහතාගෙන් පසුව දිවුරුම් දුන්නේ ය. ඔහු මීට පෙර ශ්‍රී ලංකාවේ 45 වැනි නීතිපතිවරයා ලෙස කටයුතු කළේ ය. ජයසූරිය මහතා නීතිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා නෙරපා හැරීම ආරක්ෂා කළ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය අභිබවා ගියේ ය. ජයසූරිය මහතා අගවිනිසුරු වීමට පෙර ජනාධිපති සිරිසේන මහතාගේ ධුර කාලය දීර්ඝ කරන ලෙස ආන්දෝලනාත්මක ලෙස ඉල්ලා සිටියේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය එම ඉල්ලීම ඉවත දැමී ය.
ජයන්ත ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු ලෙස 1982 වර්ෂයේ දී දිවුරුම් දුන්නේ ය.ඉන් පසු රජයේ නීතීඥවරයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුණු ඔහු නීතිපතිවරයා ලෙස පත්වීමට පෙර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල් සහ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යන තනතුරු හෙබවී ය. ජයසූරිය ඉගෙන ගත්තේ මලියදේව විද්‍යාලයේ ය.
- සිංහල ජනයා
- ජීවමාන ජනයා