සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලොකුපතිරගේ ජනක් ප්‍රේමලාල් (ඉංග්‍රීසි: Janak Premalal; උපත 1959 මැයි 15), යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. රූපවාහිනි නාට්‍ය කලාවේ ආධිපත්

ජනක් ප්‍රේමලාල්

  • මුල් පිටුව
  • ජනක් ප්‍රේමලාල්

ලොකුපතිරගේ ජනක් ප්‍රේමලාල් (ඉංග්‍රීසි: Janak Premalal; උපත 1959 මැයි 15), යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. රූපවාහිනි නාට්‍ය කලාවේ ආධිපත්‍යය දැරූ බහුවිධ නළුවෙකු වන ඔහු රූපවාහිනී කතාමාලා 250 කට වැඩි ගණනක රඟපා ඇත.

ජනක් ප්‍රේමලාල්
උපත
ලොකුපතිරගේ ජනක් ප්‍රේමලාල්

මැයි 15, 1959 (1959-05-15) (වයස 66)
කරන්නාගොඩ, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයහොරණ ශ්‍රිපාලී විද්‍යාලය
විද්‍යාරත්න විද්‍යාලය, හොරණ
උගත් ශාස්ත්‍රාලයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
වෘත්තියsනළුවෙක්, නාට්‍යකරුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, ගුරුවරයෙක්
සක්‍රීය වසර1983–වර්තමාන
දේශපාලන පක්ෂයජාතික නිදහස් පෙරමුණ
Awardsහොඳම නළුවා

පටුන

පෞද්ගලික ජීවිතය

ඔහු 1959 මැයි 15 වැනිදා කරන්නාගොඩදී උපත ලැබීය. ඔහුගේ පියා සිරිසේන ප්‍රේමලාල් පිටපත් රචකයෙකු වන අතර 1952 වසරේ සේවය කළ ගෝවින්න ජේෂ්ඨ විද්‍යාලයේ ගුරුවරයෙකි. මව දයා වීරක්කොඩි ද ගෝවින්න ප්‍රාථමික විද්‍යාලයේ සේවය කළ ගුරුවරියකි. ඔහු මුලින්ම ගෝවින්න ප්‍රාථමික විද්‍යාලයටත් පසුව හොරණ ශ්‍රිපාලි විද්‍යාලයටත් අධ්‍යාපනය ලැබුවා. අනතුරුව 8 ශ්‍රේණියේ සිට අධ්‍යාපනය සඳහා ගියේ හොරණ විද්‍යාරතන විද්‍යාලයටය. ඔහුට හමුදා නිලධාරියෙක් වන එක් සහෝදරයෙක් සිටී.

ප්‍රේමලාල් වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ පීඨයට තේරී පත් විය. ඔහු දේපල පරිපාලනය සහ තක්සේරු විද්‍යාවෙන් උපාධිය සම්පූර්ණ කළේය. 1982 දී ඔහු වරිපනම් සහ බදු දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරියෙකු ලෙස පත් කරන ලදී. 1984 දී ඔහු හොරණ විද්‍යාරතන විද්‍යාලයේ ආර්ථික විද්‍යා ගුරුවරයකු ලෙස සම්බන්ධ විය. ඔහු 2014 දී විශ්‍රාම යන තෙක් වසර තිහක් එම වෘත්තියේ නිරත විය.

ඔහු විවාහ වී සිටින්නේ ඔහුගේ දිගුකාලීන සහකරු ඥානෝත්‍රා සමඟයි. මෙම යුවළට සසිකලා නම් එක් දියණියක් සහ ගයන්ජිත් නම් පුතෙක් සිටී. ගයන්ජිත් මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උපාධිධාරියෙකි. සසිකලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා උපාධිධාරිනියකි.

වෘත්තීය ජීවිතය

වයස අවුරුදු 18 දී පාසලේ සිටියදී ප්‍රේමලාල් නාට්‍ය ජීවිතය ආරම්භ කළේ ආරියපාල පතිරාජ නිෂ්පාදනය කළ ‘‘කතාවක් අතර හදක්’’ වේදිකා නාට්‍යයේ රඟපාමිනි. 1976 දී සමස්ත ලංකා නාට්‍ය තරගයෙන් ද එම නාට්‍යයට ප්‍රථම ස්ථානය හිමි විය. ඔහුගේ රූපවාහිනී නාට්‍ය ජීවිතය ආරම්භ වූයේ "හත්පාන" කතාමාලාවේ සුළු චරිතයකින් පසුව "සිව් මංසල" සමඟිනි. රූපවාහිනියේ ඔහුගේ ප්‍රථම ප්‍රධාන චරිතය පැමිණියේ 1993 වසරේ කතා මාලාව හරහාය. ඔහුගේ මංගල සිනමා රංගනය 1993 දී විජය දර්ම ශ්‍රී විසින් අධ්‍යක්ෂණය කරන ලද ගුරු ගෙදර චිත්‍රපටය හරහා සුළු නොසැලකිලිමත් භූමිකාවක් සමඟින් පැමිණියේය.

තෝරාගත් වේදිකා නාට්‍ය

  • කතාවක් අතර හදක්
  • අඹු සැමියෝ
  • මහගිරි දඹය
  • නුබ විතරක් තල එලලුයි

ටෙලි නිර්මාණ

  • අඟපිපි මල්
  • ආදර වැස්ස
  • උතුවන්කන්දේ සරදියෙල්
  • එක ඉත්තක මල්
  • එළිය කන්ද
  • කටු ඉඹුල
  • කප නස්නා සමය
  • කලුවර ගෙදර
  • කොළඹ ඉතාලිය
  • ගිරිකුල
  • චල අචල
  • දම්සාරී
  • නීල පබලු
  • පිත්තල කොන්ඩෑරුම
  • බට්ටි
  • මානික්කාවත
  • යුග විලක්කුව
  • රන්තරු
  • රන් සමනලයෝ
  • වීදි පහන්
  • ස්වයංජාත
  • සබඳ එලියස්
  • සඳගිරි පව්ව
  • සඳ නොදුටු සඳ
  • සුළඟ
  • හිරු තනිවෙලා

රංගනයෙන් ඔබ්බට

1984 දී ඔහු සිය ප්‍රථම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළ "අබුද්දස්ස කෝලම" යොවුන් නාට්‍ය උළෙලේදී සම්මාන රැසක් දිනා ගත්තේය. 1984 වසරේ ජාතික තරුණ සේවා සභාව මගින් පවත්වන ලද සමස්ත ලංකා නාට්‍ය තරගයෙන් ‘‘අබුද්දස්ස කෝලම’’ සම්මාන හතක් දිනාගත්තා. ඉන්පසුව 1988 දී “රාජ කපුරු” සහ 2000 වසරේ “රජගහේ නාඩගම” වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළේය.රාජ කපුරු ජපානයේද වේදිකාගත විය. ඒ වගේම 1988 දී ‘‘රාජ කපුරු’’ සමස්ත ලංකා නාට්‍ය තරගයෙන් සම්මාන තුනක් දිනාගත්තා. 2004 දී ඔහු සක්වල කැළඹිලා නාට්‍යය අධ්‍යක්ෂණය කළේය.

චිත්‍රපටකරණය

වසර චිත්‍රපටය භූමිකාව Ref.
1993 ගුරු ගෙදර අවමංගල්‍ය සහ මංගල උත්සවයට සහභාගි වන්නා
1999 බහු භාර්යා
2000 ඉන්ද්‍රකීලය
2002 සලෙලු වරම සුරේන්ගේ අයියා
2010 සුවඳ දැනුනා ජීවිතේ රවීගේ පියා
2012 වස්සානයේ සෙනෙහස සමරසේකර
2017 ආලෝකෝ උදපාදි ප්‍රාදේශීය සිංහල රජතුමා
2017 කාල හීන් කුරුට්ටාගේ අයියා
2018 නිදහසේ පියා ඩී.එස් ඊ. ඩබ්ලිව් පෙරේරා
2020 සුපර්ණා මාස්ටර්
TBD තානාපතිලගේ ගෙදර
TBD නිම් හිම්

සම්මාන

ඔහු "ස්වයංජාත" රූපවාහිනී කතාමාලාවේ චරිතය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය දිනා ගත්තේය. 2006 දී, ඔහු රයිගම් ටෙලීස් සහ සුමති සම්මාන හිදී කටු ඉඹුල චරිතය වෙනුවෙන් හොඳම නළුවා සම්මාන දෙකක් දිනා ගත්තේය. ඉන්පසුව 2008 වසරේ සිග්නීස් සම්මාන උලෙළේදී සහ රයිගම් ටෙලීස් හිදී කළුවර ගෙදර චිත්‍රපටයේ හොඳම නළුවාට හිමි සම්මානය හිමිවිය.

රයිගම් ටෙලීස්

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
201 ස්වයංජාත හොඳම ටෙලිනාට්‍ය නළුවා දිනාගති
2006 කටු ඉඹුල හොඳම ටෙලිනාට්‍ය නළුවා දිනාගති
2008 කරුවල ගෙදර හොඳම ටෙලිනාට්‍ය නළුවා දිනාගති

සුමති සම්මාන

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2006 කටු ඉඹුල හොඳම ටෙලිනාට්‍ය නළුවා දිනාගති
2015 ගිරිකුල හොඳම ටෙලිනාට්‍ය නළුවා දිනාගති

සිග්නීස් සම්මාන

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2008 කරුවල ගෙදර හොඳම නළුවා දිනාගති

රාජ්‍ය නාට්‍ය උළෙල

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2012 ස්වයංජාත හොඳම නළුවා දිනාගති
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 13, 2026

    චතුරාර්ය සත්‍යය

  • අප්‍රේල් 09, 2026

    භූගෝලීය ඛණ්ඩාංක පද්ධතිය

  • මාර්තු 28, 2026

    මනෝ විශ්ලේෂණවාදය

  • අප්‍රේල් 05, 2026

    දෙමළ ඊළම

  • අප්‍රේල් 06, 2026

    බේරුවල වරාය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට