ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි.
| ගාලු කොටුව | |
|---|---|
| ගාල්ල, ශ්‍රී ලංකාව | |
![]() | |
![]() ගාලු කොටුව | |
| ඛණ්ඩාංක | 6°01′33″N 80°13′03″E / 6.025833°N 80.2175°E |
| වර්ගය | ආරක්ෂක බලකොටුවක් |
| විස්තර | |
| පාලනය | ශ්‍රී ලංකා රජය |
| මහජන නැරඹීමට විවෘත භාවය | විවෘතයි |
| තත්වය | භාවිතයේ නොපවතී |
| ඉතිහාසය | |
| ඉදිකිරීම | 1584 සහ 1684 |
| ඉදිකලේ | පෘතුග්‍රීසින් සහ ලන්දේසීන් |
| ඉදිකිරීම් ද්‍රව්‍ය | ග්‍රැනයිට් පාෂාණ සහ කොරල් |
| යුද්ධ/ගැටුම් | ගාලු කොටුව වටලෑම (1640) සහ වෙනත් යුධ ගැටුම් කිහිපයක් |
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
| නිල නාමය | Old Town of Galle and its Fortifications |
| වර්ගය | Cultural |
| උපමානය | iv |
| නාමෝද්දේශනය | 1988 (10th session) |
| නිර්දේශ අංකය | 451 |
| Region | Asia-Pacific |
පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක | |
වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ. රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. නමුදු මේ වන විට ඒවා ටිකින් ටික ඉවත් කරමින් පවතී. ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ නිරිතදිග මුහුදු තීරයේ ය. එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූවකි. පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී. එය පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි. ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් යුක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත. එය ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය පිලිබඳ කදිම නිදසුනකි. ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස ද හදුන්වයි. ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි. ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප්‍රදේශයකි. එය ශ්‍රී ලංකාවට ඇති වාස්තුවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයකි.

