සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විහාරයේ වාස්තු ලක්ෂණ සැලකීමේදී ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පය කැපී පෙනුනද ඉන්දියානු, තායිලන්ත හා චීන යන රටවල වාස්තු ලක්ෂණද මෙහි දැක ගත හැකිය.

ගංගාරාම විහාරය

  • මුල් පිටුව
  • ගංගාරාම විහාරය

ගංගාරාමය ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටි පන්සලකි.

ගංගාරාමයේ බුදු පිළිමය
බේරෙ වැව මත වූ සීමාමාලකය
බේරෙ වැව සහ ගංගාරාම විහාරය

පටුන

වාස්තු නිර්මාණය

විහාරයේ වාස්තු ලක්ෂණ සැලකීමේදී ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පය කැපී පෙනුනද ඉන්දියානු, තායිලන්ත හා චීන යන රටවල වාස්තු ලක්ෂණද මෙහි දැක ගත හැකිය.

සෞම්‍ය හා රමණීය භූමියක පිහිටි මෙම විහාරයේ සමහර ඉදිකිරීම් බේරෙ වැව මතුපිටට වන්නටද ඉදිකොට තිබේ. විහාරස්ථිනයේ මූලිකාංග ලෙස චෙත්‍යය (දාගැබ), බෝධිය, විහාර මන්දිරය, සීමා මාලකය සහ ධාතු මන්දිරය දැක ගත හැකියි. තවද කෞතුකාගාරයක්, පුස්ථකාලයක්, තෙමහල් පිරිවෙනක්, අධ්‍යාපන ශාලාවක් සහ දාන ශාලාවක්ද විහාර භූමියේ ඉදි කොට පවතී.

විහාරයේ කැපී පෙනෙන වාස්තු ඉදි කිරීමක් වූ සීමා මාලකයේ නිර්මාණය මුස්ලිම් ආධාරකරුවෙකුගේ ආධාරයෙන් ගොඩගැසී නිර්මානය සිදු කර ඇත්තේ ජෙෆ්රි බාවා විසිනි.

විහාරයේ පසිඳු හිමිවරුන්

ගංගාරාම විහාරය, විද්‍යාර්ථ පඬිවරුන් වූ රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමි, වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි, වැලිගම ශ්‍රී සුමංගල හිමි, වැලිවිටියේ ධර්මරතන නාහිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසකට සෙවණ සලසා තිබේ.

ඉතිහාසය

19 වන සියවසේ ප්‍රසිද්ධ නාවුක වෙලෙන්දෙකු වූ දොන් බැස්ටියන් (ද සිල්වා ජයසූරිය ගුණවර්ධන) මුදලි විසින් මාතර ශ්‍රී ධර්මාරාම නාහිමියන්ට විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා මෙම ඉඩම මිලට ගෙන විශාල වියදමක් දරා භූමිය සකස් කොට දාගැබ, මකර තොරණ සහ ප්‍රව්ශ්ඨ දොරටුවේ සඳකඩ පහන ඉදිකරණ ලදී. විහාරයේ රෝපිත, අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ අංකුරයක් වූ බෝධීන් වහන්සේද රෝපනය කොට ඇත්තේද මෙම මුදලිතුමා විසිනි. මීට අමතරව තෙමහල් දම් සභයක් හා විහාරය වටා වැටක්ද ඔහු විසින් ඉදි කෙරිණි.

වර්ථමාන කටයුතු

වර්ථමානයේ ගංගාරාම විහාරය වන්දනා කරණ ස්ථානයක් පමණක්ම නොව ධහම් අධ්‍යාපනය ලබා දෙන ස්ථානයක් හා බෞද්ධ සුබ සාධන මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියා කරයි. විදෙස් රටවල් වෙතට ද බෞද්ධ ධර්මය ගෙන යාමේ අරමුණින් ඇමරිකාවේ නිව්යෝක්, නිව්යෝක් බෞද්ධ විහාරය, ස්ටැටන් අයිලන්ඩ් බෞද්ධ විහාරය, චිකාගො - චිකාගො බෞද්ධ විහාරය, ඇරිසෝනා - ඇරිසෝනා ජාතයන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානය, මහා බ්‍රිතාන්‍යයේ බමිංහැම් බෞද්ධ විහාරය සහ අප්‍රිකා මහාද්වීපයේ [ටැන්සානියාව] බෞද්ධ මධ්‍යස්ථාන පිහිටුවීමට ද මෙම විහාරය දායක වී තිබේ.ඒ හැරුණ විට, ඉන්දියාව, ස්වීඩනය, ඇමරිකාව, බ්‍රසීලය, මහා බ්‍රිතාන්‍ය ආදි රටවල පිහිටි බෞද්ධ දහම් මධ්‍යස්ථාන බොහොමයක සේවය කරනුයේ ගංගාරාමස්ථ ශ්‍රී ඥානේශ්වර පරිවේණස්ථානයෙහි ආදි ශිෂ්‍යයන් ය.

භාහිර සබැදි

  • Gangaramaya Temple
  • Gangaramaya Podi Hamuduruwo - Monk with a Purpose සංරක්ෂණය කළ පිටපත 2013-01-22 at archive.today
  • Gangaramaya Nawam Maha Perahera 2013 සංරක්ෂණය කළ පිටපත 2013-04-09 at archive.today
  • Navam Maha Perahera සංරක්ෂණය කළ පිටපත 2011-08-05 at the Wayback Machine
  • Don Bastian de Silva Jayasuriya Goonewardane සංරක්ෂණය කළ පිටපත 2016-03-15 at the Wayback Machine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 22, 2026

    නුවරඑළිය

  • මැයි 30, 2026

    Gulf War

  • මාර්තු 31, 2026

    කොවිඩ්-19

  • මැයි 17, 2026

    අන්තරාසර්ග පද්ධතිය

  • ජූනි 07, 2026

    Michael Faraday

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට