සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

කොකු පණුවා යනු බල්ලෙකු, බළලෙකු, හෝ මිනිසෙකු වැනි ක්ෂීරපායී ධාරකයන්ගේ කුඩා බඩවැලෙහි ජීවත්වන පරපෝෂිත වට පණුවෙකි. Necator amaricanus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්ව

කොකු පණුවා

විකිපීඩියා වෙතින්

කොකු පණුවා යනු බල්ලෙකු, බළලෙකු, හෝ මිනිසෙකු වැනි ක්ෂීරපායී ධාරකයන්ගේ කුඩා බඩවැලෙහි ජීවත්වන පරපෝෂිත වට පණුවෙකි. Necator amaricanus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කොකු පණුවා Animalia රාජධානියේ නෙමටෝඩා වංශයට අයත් පරපෝෂිත සීලෝමික සත්ත්වයෙකි.

ව්‍යුහය

මෙම වංශයේ ජීවීන් තුළ පැහැදිලිව ලිංගික ද්‍විරූපීතාව දැකිය හැක. ගැහැණු සතා පිරිමි සතාට වඩා දිගින් වැඩිවන අතර සතුන් දෙදෙනාගේ ම පූර්ව කෙළවර විශාල මෞඛ ප්‍රාවරය වේ. එතුල ඝන මුවහත් කැපුම් ඵලක යුගලක් හා දතක් පිහිටයි. මෙම දත මගින් මිනිස් කුඩා අන්ත්‍ර ශ්ලේෂමලකය කපා රුධිරය මත පරපෝෂී වේ. රුධිර කැටිගැසීම වළක්වා ස්‍රාව නිකුත් කරන ග්‍රන්‍ථි යුගලයක් ද මෞඛ ප්‍රාවරයට විවෘත වේ. දිගටි සිලින්ඩරාකාර පණු ආකාර හැඩයක් ගනී. සුහුඹුල් පණුවාගේ දේහය අළු පැහැති ය. ගැහැණු සතා 10-13mm වන අතර විෂ්කම්භය 0.6mm ද පිරිමි සතා 08-11mm වන අතර විශ්කම්භය 0.4mm පමණ වේ.

ප්‍රත්‍යාස්ථ රළු උච්චර්මයකින් දේහය ආවරණය වී ඇත. පූර්ව කෙළවර උල් ස්‍වභාවයක් ගනී. ගැහැණු සතාගේ උල් අපර කෙළවර ගුදය යි. ජායා ප්‍රජනක විවරය දේහයේ උදරීය මධ්‍ය ප්‍රදේශයේ ඇත. පිරිමි අපර කෙළවර වක්‍රවී ඇති අතර අපර කෙළවර උච්චර්මය දික්වී සෑදුණු පෞච්ඡ පියල වේ.

ජීවන චක්‍රය

බිත්තර

සුහුඹුල් ගැහැණු හා පිරිමි සතුන් අභ්‍යන්තර සංසේචනයෙන් සුහුඹුල් ගැහැණු සතා වරකට බිත්තර රාශියක් දමයි. අණ්ඩාකාර ය. පාරදෘශ්‍ය කවචයක් සහිතයි. මේ තුළ සෛල 4 අවස්ථාවේ පවතින විකසන කළල වේ. ඒවා ධාරක මළ සමග බාහිරට පිවිසේ.

L1 කීටයා

සුදුසු පාරිසරික තත්‍ව යටතේ පැය24-48 අතර බිත්තර පුපුරා L1කීටයා පිටවේ. දිග මයික්‍රොමීටර 300ක් පමණවන බල්බාකාර අන්නසෝත්‍රයක් ඇති අන්වීක්‍ෂීය කීටයෙකි. මළ මිශ්‍රිත ද්‍රව්‍ය ආහාරයට ගෙන වර්ධනය වී හැවහලා L2 කීටයා බවට පත් වේ.

L2 කීටයා

දිග මයික්‍රොමීටර 400ක් පමණ වන අන්වීක්‍ෂීය කීටයෙකි. මළවල කාබනික ද්‍රව්‍ය ආහාරයට ගෙන වර්ධනය වී හැවහලා L3 කීටයා බවට පත්වේ.

L3 කීටයා

මෙය කොකුපණුවාගේ අසාදිත අවස්ථාවයි. L2 කීටයාගේ හැව මොවුන් වටා අතිරේක ආවරණයක් ලෙස පවතී. මොවුන් ඍණ ගුරුත්‍වාවර්තී ය. තෙත පසේ මතුපිට සිටී. තාප සංවේදී ය. ආහාර නොගන්නා අතර මාස 1½ක් පමණ අක්‍රීයව සිටිය හැක.

රෝග ලක්‍ෂණ

  • ආසාදිත අවස්ථාව ඇඟිලිකරු අතර සම සිදුරු කිරීමෙන් කැසීම ඇතිවීමත් ඉන් තුවාල වීමත් සිදු වේ.
  • ආසාදිත කීටයන් ශ්වාසනාලය දිගේ ග්‍රසනිකාවට පිවිසෙනවිට වියළි කැස්ස ඇති වේ.
  • සුහුඹුලන් කුඩාඅන්ත්‍ර ශ්ලේෂ්මලකය මත රුධිර පරපෝෂිතයන්වීම නිසා රක්තහීනතාව ඇති වේ.
  • L3 කීටයන් ශ්වාසනාලය දිගේ ග්‍රසනිකාවට පැමිණීමේදී ඇතිවන කැස්සත් සමග අඟුරු, හාල් ආදිය සැපීමටත් මන්දෝත්සාහී භාවයත් ඇති වේ.
  • පරපෝෂී සංසරණයෙන් පණුලප ඇති වේ.

මර්දනය

  • පරපෝෂිතයා මැරීමට ඖෂධ භාවිතය.
  • එළිමහනේ ඇවිදිනවිට පාවහන් පැළඳීම.
  • පස ආශ්‍රිත කටයුතුවලදී අත්ආවරණ භාවිතය.
  • තැන්තැන්වල මළපහ නොකිරීම හා ක්‍රමවත් වැසිකිළි නිසිආකාරව භාවිතය.
  • මිනිස් මළ පොහොර ලෙස යොදා නොගැනීම.
  • රෝග ආසාදන ආකාර පිළිබඳ මහජනයා දැනුවත් කිරීම.
ඉහළට