සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බගෝල යාන්ත්‍ර විද්‍යාවෙහි, කෙප්ලර් කක්ෂයක් (හෝ කෙප්ලරියානු කක්ෂයක්) විසින්, ත්‍රිමාන අවකාශයෙහි ද්විමාන කක්ෂීය තලයක් සදන සහ, ඉලිප්සයක්, පරාවලයක්, හෝ බහුවලයක් ආකා

කෙප්ලර් කක්ෂය

  • මුල් පිටුව
  • කෙප්ලර් කක්ෂය

බගෝල යාන්ත්‍ර විද්‍යාවෙහි, කෙප්ලර් කක්ෂයක් (හෝ කෙප්ලරියානු කක්ෂයක්) විසින්, ත්‍රිමාන අවකාශයෙහි ද්විමාන කක්ෂීය තලයක් සදන සහ, ඉලිප්සයක්, පරාවලයක්, හෝ බහුවලයක් ආකාරයෙන් කක්ෂගත වන්නාවූ වස්තුවක චලනය විස්තර කරයි. (කෙප්ලර් කක්ෂයක් විසින් සරල රේඛාවක ආකාරය හෝ ගත හැකිය.) වස්තූන් දෙකක් අතර ලක්ෂ්‍යාකාර ගුරුත්වාකර්ෂණය පමණක් මෙහිදී සැලකිල්ලට ගැනෙන අතර, අනෙකුත් වස්තූන් හා ගුරුත්ව අන්තර්ක්‍රියාවන් නිසා වන, වික්ෂෝභයන්, වායුගෝලීය රෝධය, සූර්ය විකිරණ පීඩනය, ගෝලාකාර-නොවන මධ්‍ය වස්තුවක්, ආදිය නොසලකා හැර ඇත. වස්තු-දෙකෙහි ගැටළුවෙහි විශේෂ අවස්ථාවක් ලෙසින් සැලකෙන, කෙප්ලර් ගැටළුවෙහි විසඳුමක් ලෙස එබැවින් එය සැලකෙයි. සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවෙහි සිද්ධාන්තයක් ලෙසින්, සාමාන්‍ය සාපේක්ෂතාවෙහි ආචරණද එය විසින් සැලකිල්ලට නොගනියි. කෙප්ලරියානු කක්ෂ, විවිධ ආකාරයෙන් කක්ෂීය අවයව හයක් වෙත පරාමිතිකරණය කල හැක.

විවිධ ආකාරයෙහි කෙප්ලර් කක්ෂ සහ ඒවායේ උත්කේන්ද්‍රියතාවයන් දැක්වෙන රූපසටහනකි. නිල් පැහැයෙන් දැක්වෙන්නේ බහුවලයික පථයකි (e > 1). කොළ පැහැයෙන් දැක්වෙන්නේ පරාවලයික පථයකි (e = 1). රතු පැහැයෙන් දැක්වෙන්නේ ඉලිප්සාකාර පථයකි (0 < e < 1). අළු පැහැයෙන් දැක්වෙන්නේ වෘත්තාකාර පථයකි (e = 0).
මෙය හා වඩාත් ගැඹුරින් බැඳි ගණිතමය ප්‍රවර්ධන සඳහා වස්තු-දෙකෙහි ගැටළුව මෙන්ම, ගුරුත්වාකර්ෂණ වස්තු -දෙකෙහි ගැටළුව සහ, කෙප්ලර් ගැටළුව බලන්න.

බොහෝ භාවිතයන්හීදී, විශාල මධ්‍ය වස්තුවක් ඇති අතර, එහි ස්කන්ධ කේන්ද්‍රය, මුළු පද්ධතියෙහිම ස්කන්ධ කේන්දුය ලෙසින් උපකල්පනය කෙරෙයි. විසංයෝජනය ප්‍රකාර, සමරූපි ස්කන්ධයන් සහිත වස්තූන් දෙකක කක්ෂ, ඒවායේ ස්කන්ධ කේන්ද්‍රය වන, ඒවායේ පොදු ස්කන්ධ කේන්ද්‍රය වටා කෙප්ලර් කක්ෂ ලෙසින් විස්තර කල හැක.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 26, 2026

    චෙස් ක්‍රීඩාව

  • ජූනි 01, 2026

    James Buchanan

  • මැයි 31, 2026

    මට්ටක්කලප්පු මාන්මියම්

  • අප්‍රේල් 05, 2026

    බඹරු ඇවිත්

  • මැයි 04, 2026

    BRIC රටවල්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට