සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

   අපේ රටේ මෙන් නොව ජපානය සතුව ඍතු හතරක් ඇත. සිත් ගන්නා සකුරා මලින් බර වසන්තය මෙන්ම ගස්වල කොළ රතු , තැඹිලි , කහ පාටින් බබළන හේමන්තය ජපාන සංචාරකයන් අතර ජනප්‍රිය

කෘතිම වෙරළ

  • මුල් පිටුව
  • කෘතිම වෙරළ

      හිරු නැගෙන දේශයේ කෘතිම වෙරළ

   අපේ රටේ මෙන් නොව ජපානය සතුව ඍතු හතරක් ඇත. සිත් ගන්නා සකුරා මලින් බර වසන්තය මෙන්ම ගස්වල කොළ රතු , තැඹිලි , කහ පාටින් බබළන හේමන්තය ජපාන සංචාරකයන් අතර ජනප්‍රිය ය. නමුත් රත් වුණ වැලි දැඩි සුළඟින් ගහන දිනක , දැඩි සුළඟ සමඟ වැසි වැටෙන දිනක මුහුදු වෙරළක විනෝද වීම පිළිබඳ ඔබට සිතා ගැනීමටවත් පුලුවන් ද?

හපන් ජපනුන් එයටත් පිළියමක් සොයාගෙන. ඒ තමයි ලොව විශාලතම ගෘහස්ථ වෙරළ තීරය වන ඕෂන් ඩොම්. ටෝකියෝ සිට සැතපුම් 1200 ක් දකුණින් , ජපානයේ කියුෂූ දූපතේ පිහිටා ඇති ඕෂන් ඩොම් මීටර් 300ක් දිගින් හා මීටර් 100ක් පළලින් යුතු අතර මීටර් 38ක් උස වෙනවා.

වරකට මිනිසුන් 10,000කට නවාතැන් ගතහැකි මෙම ගෘහස්ථ වෙරළ තීරය සතුව ලොව විශාලතම විවෘත කළහැකි වහලය ද පවතිනවා. සුවපහසු උණුසුමකින් යුත් මෙම කෘතිම වෙරළ කිරිගරුඬ චිප්ස් ටොන් 600ක් යොදාගෙන නිර්මාණය කර ඇති අතර මුහුදු රැළි සඳහා ලවන රහිත ජලය ටොන් 13,500ක් යොදාගන්නවා. මිට්සුබිෂි හෙච් විසින් නිර්මාණය කරන ලද ඕෂන් ඩොම් 1993 ජුලි මාසයේදී ඩොලර් බිලියන දෙකක ආදායමක් උපයා තිබෙනවා.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 10, 2026

    කොන්ක්ලෙව් කුටිය

  • අප්‍රේල් 06, 2026

    Hong Kong

  • අප්‍රේල් 26, 2026

    රජිත හිරාන්

  • ජූනි 11, 2026

    ඉන්හ්යොන් අගබිසව

  • අප්‍රේල් 18, 2026

    ඔපෙරා මිනි

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට