කෘත්‍රිම කන්‍යාපටල යනු කෘත්‍රිමව නිර්මානය කල ව්‍යාජ කන්යාපටලයකි. එමගින් කන්‍යාභාවය ව්‍යාජව ලබාගත හැක.
භාවිතයන්
මෙම කෘත්‍රිම කන්‍යාපටලය යෝනි මාර්ගයේ තැන්පත් කලවිට සංසර්ගයේදී එය තුල ඇති රුධිරයට සමාන ද්‍රාවණයක් පිටවේ. මෙම ක්‍රමය මගින් කන්‍යාභාවය ව්‍යාජව ඔප්පුකල හැක.
මතභේද
මෙම උපකරණය අන්තර්ජාලය හරහා අලෙවි කරනු ලැබිණි. එහෙත් පසුව මෙම උපකරණය ඇතැම් රටවල තහනමට ලක්විය.
මෙමගින් ව්‍යාජ කන්‍යාභාවයක් පෙන්වමින් තවෙකෙකු රැවටීමට ලක්වන බව ඇතමුන් තර්ක කළහ. එහෙත් වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ ඇතැම් කාන්තාවන්ට උපතින්ම කන්‍යාපටලය අහිමිව උපත ලබන බවයි. එම නිසා රුධිර පරික්ෂාව මගින් කන්‍යාභාවය පරික්ෂා කිරීම අවිද්‍යාත්මක මෙන්ම මිථ්‍යා විශ්වාසයක් පමණක් බවයි.
මේවාත් බලන්න
- කන්‍යාපටල ප්‍රතිස්ථාපන සැත්කම්
- Vaginal tightening