සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සත්තුභත්ත ජාතකය පදනම් කරගනිමින් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් (1448 ත් 1449 අතර) රචිත පද්‍ය කාව්‍යය කාව්‍යශේඛරය ලෙස සැළකේ. කාව්‍යශේඛරය කව් 887 කින් හා සර්

කාව්‍යශේඛරය

  • මුල් පිටුව
  • කාව්‍යශේඛරය

සත්තුභත්ත ජාතකය පදනම් කරගනිමින් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් (1448 ත් 1449 අතර) රචිත පද්‍ය කාව්‍යය කාව්‍යශේඛරය ලෙස සැළකේ. කාව්‍යශේඛරය කව් 887 කින් හා සර්ග 15 කින් යුක්තව ප්‍රබන්ධනය කොට තිබේ.

මෙහි "ශේඛරය" යන්නෙන් උසස්, ශේෂ්ඨ, මුදුන් වැනි අරුතක් දේ. තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණෝ විසින් මෙහි තමන් වහන්සේ හඳුන්වනුයේ, "දෙමටාන ගම කඳවුරු, තොටගමු වැසි සොඳුරු, උතුරුමුළ මහ තෙරිඳු මුනුබුරු" යනුවෙනුයි. උන් වහන්සේ තොටගමුවේ විජයබා පිරිවෙන්පති ව විසූ බව මෙහි එන විජයබා පිරුවන කියන බණ මේ අසව් සතොසින යන කියමනෙන් තහවුරු කරයි. ග්‍රන්ථයේ ආරම්භයේ VI පරාක්‍රමබාහු රජු ගැන සඳහන් කරමින් රාජප්ප්‍රාප්ත වර්ෂය "බුදු වසිනෙක් දහස, නවසිය අටපනස් වස" යැයි කියැවේ. ඒ, ක්‍රි. ව. 1414 පමණ වන බැවින් එය රජු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී කිරුළු පලන් වර්ෂය විය යුතු ය. මෙම කෘතිය ලියැවුණු වර්ෂය 'පැරකුම්බා නිරිඳු, සිව්තිස් වනු මෙ හවුරුදු' යනුවෙන් ග්‍රන්ථ අවසානයේ පවසයි. එබැවින් මෙම ග්‍රන්ථය ක්‍රි.ව. 1448-49 කාලයේ රචිත බව තහවුරු කළ හැකිය.

පටුන

වස්තු බීජය

කාව්‍යශේඛරය රචනයට පදනම්ව ඇත්තේ පන්සිය පනස් ජාතක පොතෙහි 400වන ජාතක කථාව වන සත්තුභත්ත ජාතකය යි. මේ බණ පොත රචනා වී ඇත්තේ සය වන පරාක්‍රමබාහු රජුගේ දියණිය වූ උලකුඩය කුමරියගේ ආරාධනයෙන් බව 'උලකුඩය දේවී සඳ, උතුම් මෙබිසෝ සඳ' වැකියෙන් තහවුරු වේ.

 
විකිමූලාශ්‍ර සතුව මෙම ලිපියට අදාල මුල් පිටපත පවතී:
කාව්‍යශේඛරය

ආශ්‍රිත ලිපි

  • කව් සිළුමිණ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 13, 2026

    ජී‍.බී. සේනානායක

  • අප්‍රේල් 03, 2026

    ශක වර්ෂ

  • අප්‍රේල් 04, 2026

    ගෝඨාභය රජ

  • මාර්තු 10, 2026

    කොළඹ

  • මාර්තු 31, 2026

    දියවැඩියාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට