සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කර්නැක් දෙවොල අමුන් දෙවියන් (මිසරයන්ගේ මහා දෙවියෙක්) හට කැප කර ඇත. මෙය අමුන් ගේ පවුලේ උදවියගේ නිවාසය විය. මේ දෙවොලට නැගෙනහිර පැත්තේ ඇති දෙවොල අමුන් පුත්‍රයා වන

කාර්නැක් දෙවොල

  • මුල් පිටුව
  • කාර්නැක් දෙවොල

කර්නැක් දෙවොල අමුන් දෙවියන් (මිසරයන්ගේ මහා දෙවියෙක්) හට කැප කර ඇත. මෙය අමුන් ගේ පවුලේ උදවියගේ නිවාසය විය. මේ දෙවොලට නැගෙනහිර පැත්තේ ඇති දෙවොල අමුන් පුත්‍රයා වන ඛොන්සු දෙවියන්(මිසර වැසියා ඇදහූ චන්ද්‍ර දෙවි) හට කැප කර ඇත. අමුන් දෙවියන්ගේ ස්ත්‍රීවල්ලභිය වූ මුට් දෙවගන වෙනුවෙන් ඉදි කල දෙවොල දකුණන් පිහිටා ඇත. මේ දෙවොල පසු කලෙක ආමෙන්-රේ දෙවියන් හට කැප කරන ලදී.ලොව විශාලතම පුරාණ ආගමික ගොඩනැගිල්ල වෙන මේ දෙවොල ඉදි කිරීම I අමෙන්හොටෙප්,II තුත්මෝස් සහ හැට්ෂෙප්සුට් රැජින විසින් සිදු කරන ලදී. හැට්ෂෙප්සුට් රැජින විසින් ඔබෙලික්ස් ශිලා ස්ථම්භ දෙකක් ඉදි කලාය. I තුත්මෝස් රජ විසින් දිගින් අඩි 120 හා පලලින් අඩි 76 වූ වැවක් ඉදි කලේය. Ill අමෙන්හොටෙප් විසින් දේවස්ථානයට තවත් ඉදි කිරීම් එකතු කල අතර ඒ අතරින් බැටලු හිස් සහිත ස්ෆින්ක්ස් ප්‍රතිමා සහිත මාර්ගය ප්‍රධාන වේ. I රැම්සිස් රජු විසින් විශාල කුලුණු මත ඉදි කරන ලද ශාලාවේ අවසන් ඉදි කිරීම් I සෙටි රජු විසින් කරන ලදී. ඒ ශාලාවේ කණු පේලි දහ හතරක් ඇත. ඒවා මැද ඇති පේලි දෙකේ කුලුණු හිස් පැපිරස් මල් ආකාරයට සාදා ඇත. අනෙක් කුලුණු වල හිස් පැපිරස් පොහොට්ටු වැනිය. සමහර කුලුණු වල හිස් මත මිනිසුන් 100කට පමණ සිටීමට හැකිය.මෙම කුලුණු වල උස අඩි 69 පමණ වන අතර විශ්කම්භය අඩි 12 ක් පමණ වේ. මේ දෙවොල තුල I තුත්මෝස් ,III තුත්මෝස් ,II රැම්සස්,III රැම්සස් සහ ටුටන්කාමන් සහ ඔහුගේ බිරිඳ වූ අන්කෙස්නමෙන් යන රජවරුන්ගේ හා බිසෝ වරුන්ගේ ප්‍රතිමා ඇත. තවද මේ දෙවොල ඉදි කිරීම සඳහා මිනිසුන් 81322 පමණ වැඩ කලහ. මිසරයේ ශ්‍රේෂ්ඨතම පාරාවෝ කෙනෙක් වූ lll තුත්මෝස් රජු විසින් මේ දෙවොලට අලුත් දෙවොලක් ඉදි කලේය.එහි ඔහු ආසියාව ආක්‍රමණය කල කාලයේදි දුටු ශාක ආදී විවිධ දේවල් කැටයම් කර ඇත. Ill රැම්සස් රජ දවස සමෘද්ධියෙන් ආඪ්ය පැවති මේ දෙවොලේ ප්‍රධාන පූජකයා පරිහානි යුගයේ දී මිසරයේ පාරාවෝ බවට පත්විය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 16, 2026

    මහාසේන රජ

  • මැයි 23, 2026

    සිංහලයන්ගේ දෙවිවරු

  • අප්‍රේල් 18, 2026

    වින්ස්ටන් චර්චිල්

  • ජූනි 15, 2026

    Ficus benghalensis

  • මැයි 31, 2026

    Lunisolar calendar

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට