සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

1983 ජුලි 23 වැනි දින ශ්‍රී ලංකාවේ ඇරඹුණු ජනවාර්ගික කලබල හැදින්වීමට බොහෝ දෙනා පාවිච්චි කරනනේ "කලු ජුලිය" යන වචනයයි.අතේ ගැසීම මෙම සිද්ධියේදී දෙමළ මිනිසුන් දාහක්

කලු ජූලිය

  • මුල් පිටුව
  • කලු ජූලිය

1983 ජුලි 23 වැනි දින ශ්‍රී ලංකාවේ ඇරඹුණු ජනවාර්ගික කලබල හැදින්වීමට බොහෝ දෙනා පාවිච්චි කරනනේ "කලු ජුලිය" යන වචනයයි.අතේ ගැසීම මෙම සිද්ධියේදී දෙමළ මිනිසුන් දාහක් පමණ මරා දමනු ලැබීය. නිවාස දස දහසක් විනාශ කරනු ලැ‍බීය. ශ්‍රී ලංකික දෙමළ ජනතාවගෙන් බොහෝ පිරිසක් වෙනත් රටවල් බලා ගියහ. මෙම කලබලය ආරම්භ වීමට හේතුවුයේ දෙමළ විමුක්ති කොටි සංවිධානය නමින් හැදින්වු ආයුධ සන්නද්ධ, දෙමල කණ්ඩායමක සැගවී සිට කරන ලද මාරාන්තික ප්‍රහාරයකින් ශ්‍රී ලංකා හමුදාවේ සෙබලුන් 13 දෙනෙකු ජීවිතක්ෂකයට පත්වීමයි.

සිංහල බහුතරයකින් යුත් ශ්‍රී ලංකා රජයත් - දෙමළ බෙදුම්වාදීනුත් අතර ආයුධ සන්නද්ධ අරගලයකට මුල පිරුවේ මෙම කලු ජුලි සිද්ධිය බව සාමාන්‍ය පිළිගැනීමයි.

පසුබිම

බෙදීම හා යටත් කිරීම් සංකල්පය අනුගමනය කළ බ්‍රිතාන්‍ය යටත් විජිත වාදීන් ශ්‍රී ලංකවේ පාලනය, අධ්‍යාපනය හා ආර්ථිකය පාලනය වැනි කටයුතු වලදී දෙමළ ජනයාට විශේෂ අනුග්‍රහයක් දැක්වීම සිංහල දමිළ ජනයා අතර ආයුධ සන්නද්ධ අරගලයක් ඇරඹීමට අනුබලයක් විය. 1956 වසරේ දී ගෙන ආ සිංහල පමණයි පනතින් දෙමළ හා ඉංග්‍රීසි භාෂා සාධාරණ මට්ටමින් භාවිතා කිරීමට මුළුමනින්ම බාධා කරන ලදී. දෙමළ ජනතාව විසින් මෙම ජනතාවට එරෙහිව සුළු වශයෙන් ආරම්භ කරනු ලැබු විරෝදතා ව්‍යාපාර සුළු කැරලි ගැසීම් 1958 කොලාහලය (හර්තාලය) දක්වා අනුක්‍රමයෙන් වර්ධනය විය.

1960 වසරේ පැවති විරෝධතා ව්‍යාපාර සහ රජයෙන් ඒවා මැඩපැවැත්වීමට ගත් ක්‍රියාමාර්ග, දෙපාර්ශවය අතර වෛරය වර්ධනය වීමට හේතු විය. 1971 දී මුස්ලිම් හා සිංහල ශිෂ්‍යයන් ට විශේෂ අනුග්‍රහයක් දැක්වීමට ක්‍රියාමාර්ග ගැනීමත් (affirmatiue action) දෙමළ ශිෂ්‍යයින් සම්බන්ධයෙන් කිසියම් ප්‍රමිති කරණයක් හා වෙනත් සීමා කිරීම් පැනවීමත් හේතු කොට ගෙන දෙමළ සිසුන් ආයුධ සන්නද්ධ දෙමළ කණ්ඩායම් කෙරේ වැඩි වශයෙන් නැඹුරු වීමට පිටි වහලක් විය. මෙම අංකුර බලවේග සම්බන්දයෙන් පොලිසීය ගත් ක්‍රියාමාර්ග දෙමළ සිවිල් ජනතාව හා රාජ්‍යය අතර විශ්වාසය පලුදු වීමට දැඩිසේ බලපෑවේය.

‘1977 කැරළි කෝලාහල’ ලෙස හැදින්වෙන ජනවාර්ගික කලබල කීපයක් එම වර්ශයේදී එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීමෙන් පසු හටගත්තේය. 1981 දී ප්‍රතිසංස්කරණය කරන ලද යාපනය මහජන පුස්තකාලය කලහකාරී පිරික් විසින් ගිනි බත් කරන ලදී. 1983 වර්ෂය වන තෙක් මේ හා සමාන සුළු ප්‍රමාණයේ සටන් හතු පිපෙන්නාක් මෙන් පැන නැගුණු දෙමළ සන්නද්ධ කණ්ඩායම් හා රජය අතර ඇති විය. මෙහිදී සැලකිය යුතු මිනී මැරුම් සංඛ්‍යාවක් අතුරුදහන් වීම් හා මේ සම්බන්ධ පැමිණිලි දෙපාර්ශවයෙන්ම කරන ලද බවට වාර්තා විය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    භික්ෂූන් වහන්සේ

  • අප්‍රේල් 05, 2026

    Respiratory system

  • මාර්තු 31, 2026

    බැක්ටීරියා

  • මාර්තු 26, 2026

    උසස් පෙළ දේශපාලන විද්‍යාව

  • මාර්තු 24, 2026

    ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට