සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශාස්ත්‍රානුකූලව අඩි 15 ක විශ්කම්භයකින් හා අඩි 10 ක ගැඹුරකින් යුක්තව සකස් කරනු ලබන ඌරා වල යනු අංගම් ශාස්ත්‍රයේ විවිධ සුවිශේෂී අවස්ථාවලදී සටන් ශිල්පීන් දෙදෙනෙකු හ

ඌරා ළිඳ

  • මුල් පිටුව
  • ඌරා ළිඳ

ශාස්ත්‍රානුකූලව අඩි 15 ක විශ්කම්භයකින් හා අඩි 10 ක ගැඹුරකින් යුක්තව සකස් කරනු ලබන ඌරා වල යනු අංගම් ශාස්ත්‍රයේ විවිධ සුවිශේෂී අවස්ථාවලදී සටන් ශිල්පීන් දෙදෙනෙකු හෝ වැඩි ප්‍රමාණයක් ශාස්ත්‍රානුකූල සිරිත් විරිත් සමුදායකට පසුව නියමිත පිණුමකින් පැන එකිනෙකා සටන් කොට තම ශාස්ත්‍රීය නිපුණතාව පෙන්වීමට යොදාගන්නා පෞරාණික සම්ප්‍රදායකි. මෙහි පැවැත්වෙන සටන් ඌරා වලේ සටන් ලෙස හඳුන්වනු ලැබේ.

වඳන්

“ඌරා ළිඳ යනු ගල්පිලකවූ වතුර වළියි. වතුර බීමට එහි යන ඌරාට ගල් මූනත ඔප නිසා වළෙන් ගොඩ ඒමට බැරිවෙයි. ඌරා ළිඳේ සටන් කිරීම මෙසේ ය. සරඹශාලාවේ කවර ශිෂ්‍යෙයකු තමා අනිත් සගයනට වඩා සමත් යැයි සිතයි නම්, තම නම පිළිගන්නා මෙන් සිය ගුරුවරයා ගෙන් හා මුහන්දිරම්ගෙන් ඉල්ලා සිටිනු ඇත. මෙවැනි තවත් ඉල්ලීමක් ඇතිවූ පසු ඒ දෙදෙනා පොර වැටීමේ යොදනු ලැබේ. රියන් 30ක් දික්වුවද රියන් 7ක් ගැඹුරවූද ඌරා ළිඳ නමින් හැඳින්වෙන එම වල ඇතුලට දෙදෙන පිවිසෙන තෙක් උනුනොවුන් කවුදැයි සටන්කරවෝ නොදනිති....“

සටන් කරන ආකාර

ඌරා ළිඳේ සටන් කරන ආකාර කීපයකට සටන් කරනු ලබයි.

  1. අයෙකු අඩපණ වන තෙක් සටන් කිරීම
  2. අයෙකුගේ මරණය තෙක් සටන් කිරීම
  3. පැයක් ඇතුළත් වැඩි දක්ෂතා මත ජයග්‍රහණය තීරණය කිරීම
  4. පරාජය භාර ගන්නා තෙක් සටන් කිරීම

මෙහිදී දෙදෙනා එකඟ වන ඕනෑම ආකාරයකට සටන් කිරීම සිදු කළ හැකිය.

බාහිර සබැඳුම්

  1. [uralinda.blogspot.com],
  2. [සිංහල තාස්‍යජනක ක්‍රීඩා - ප.එ.ප. දැරණියගල], 7 වන පිටුව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    Carl Linnaeus

  • අප්‍රේල් 04, 2026

    මහා බ්‍රිතාන්‍යය

  • අප්‍රේල් 03, 2026

    නිශ්ශංක විජයරත්න

  • අප්‍රේල් 08, 2026

    මැණික් කුරුකුලසූරිය

  • අප්‍රේල් 10, 2026

    විලියම් කුමරු, වේල්සයෙහි කුමරු

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට