iPhone (උසුරුවනුයේ /ˈaɪfoʊn/, EYE-fohn) යනු Original iPhone,අයිෆෝන් 2ජී හෝ අයිෆෝන් EDGE ලෙස හැඳින්වෙන්නේ ඇපල් සමාගම මගින් නිර්මාණය කර බෙදාහරින ප්‍රථම පරම්පරාවේ අයිෆෝන යයි.අයිෆෝන් 3ජීවෙළඳපොලට පැමිණියේ ඉන්පසුවයි. එය 2007 ජනවාරි 9 වන දින එළිදක්වන ලදී .එය යුරෝපියානු වෙළෙඳපොලේ එළිදැක්වීමට පෙර ඇමරිකා එක්සත් ජනපදයේදී 2007 ජුනි 29 වන දින නිකුත්කරන ලදී.එය සිවු-කලාප(quad-band) ජී.එස්.එම්(GSM) ,ජී.පී.ආර්.එස්(GPRS) සහ එජ්(EDGE) තාක්ෂණයන්ගෙන් සමන්විතය.
![]() | |
|---|---|
![]() Apple අයිෆෝන් | |
| Developer | Apple Inc. |
| Manufacturer | Foxconn (OEM) |
| Release date | ජුනි 29, 2007 |
| Units sold | 6.1 million |
| Operating system | iOS 3.1.3 (build 7E18) Released පෙබරවාරි 2, 2010 OS no longer supported by Apple; third party operating systems available |
| Power | Built-in rechargeable li-ion battery 3.7 V 1400 mAh |
| CPU | Samsung 32-bit RISC ARM 1176JZ(F)-S v1.0 620 MHz Underclocked to 412 MHz |
| Storage capacity | 4 GB, 8 GB or 16 GB flash memory |
| Memory | 128 MB eDRAM |
| Display | 3.5-inch screen (diagonally) 320-by-480-pixel resolution at 163 ppi 2:3 aspect ratio 18-bit (262,144-color) LCD |
| Audio | Two speakers TRRS headphone jack, 20 Hz to 20 kHz frequency response (internal, headset) Microphone |
| Input | Multi-touch touchscreen display 3-axis accelerometer Proximity sensor Ambient light sensor Microphone Headset controls |
| Connectivity | Quad-band GSM/GPRS/EDGE (850 900 1800 1900 MHz) Wi-Fi (802.11 b/g) Bluetooth 2.0 USB 2.0/Dock connector |
| Online services | App Store, iTunes Store, MobileMe, Safari (Web Browser) |
| Dimensions | 115 mm (4.5 in) (h) 61 mm (2.4 in) (w) 11.6 mm (0.46 in) (d) |
| Weight | 135 g (4.8 oz) |
| Successor | iPhone 3G |
| Related articles | iPad, iPod Touch (Comparison) |
| Website | Apple – iPhone |
මෙම අයිෆෝනය සඳහා තවදුරටත් ඇපල් හි මෘදුකාංග යාවත්කාලීනයන් ලබාදෙනු නොලැබේ
ඉතිහාසය
ප්‍රවර්ධනය
iPhoneහි ප්‍රවර්ධනය ආරම්භ වන්නේ ඇපල් සමාගමේ, ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් ජොබ්ස් ගෙනි.ඔහු විසින් තිරයමත යතුරුලියනය කලහැකි බහු-ස්පර්ශ ස්පර්ශතිරයක අදහස ඉදිරිපත් කරන ලදී. මෙහිදී ප්‍රධාන වශයෙන්ම ටැබ්ලට් පරිගණකයකට සමාන වන පරිදි යතුරුපුවරුව සහ මවුසය ඉවත් කරනු ලැබේ.
ජොබ්ස් විසින් මෙම අදහස පිලිබඳව පර්යේෂණය කිරීමේ උප ව්‍යාපෘතිය සඳහා ඇපල්හි නවක ඉංජිනේරුවන්ගේ සහය ලබාගන්නා ලදී. ජොබ්ස් විසින් මූලාකෘතිය සහ එහිපරිශීලක අතුරුමුහුණත පිළිබඳ විචාරනය කළවිට,ජංගම දුරකතන තුල මෙම තාක්ෂණ ක්‍රියාවට නැංවීමේ අදහස පහල විය.
ඇපල් විසින් පෙරාතුව Cingular Wireless ලෙස හැඳින්වූ AT&T සමග අයිෆෝනය පිළිබඳව රහස් සහයෝගිතාවයක් ඇතිකරගන්නා ලදී.මෙම සහයෝගිත්වය සඳහා වන ප්‍රවර්ධනය පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 150 ලෙස ඇස්තමේන්තු කරන ලදී.
over a thirty-month period. ඇපල් rejected the "design by committee" approach that had yielded the Motorola ROKR E1, a largely unsuccessful collaboration with Motorola. ඒවෙනුවෙන්, Cingular Wireless විසින් අයිෆෝනයේ දෘඩාංග සහ මෘදුකාංග වැඩි දියුණු කිරීමට අවසරය ඇපල් සමාගමටලබාදෙන ලදී.
2007 ජනවාරි 9 වන දින කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි Moscone West හි පැවති Macworld Conference & Expo හිදී ස්ටීව් ජොබ්ස් විසින් ප්‍රථම අයිෆෝනය හඳුන්වාදෙන ලදී.
ජොබ්ස් විසින් ඔහුගේ කථාවේදී, "මම මෙ අදහස පිළිබඳව වසර දෙකහමාරකට ආසන්න කාලයක් තිස්සේ ඇඟිලිගනිමින් සිටියෙමි ", "අද, ඇපල් විසින් දුරකතනය නැවත වරක් නිපදවීමට සූදානම්." ලෙස ප්‍රකාශ කරන ලදී.
ජොබ්ස් විසින් අයිෆෝනය "ස්පර්ශ පාලක සහිත පුළුල්තිර අයිපොඩයක් "; "පෙරළිකාර ජංගම දුරකථනයක් "; සහ "වේගවත් අන්තර්ජාල සන්නිවේදකයක්" යන උපාංග තුනෙහි එකතුවක් ලෙස හඳුන්වන ලදී.
නිකුත් කිරීම
2007 ජුනි මස 29 වන දින අයිෆෝනය නිකුත් කිරීමට පෙරදින සිට සියගණනක් දෙනා ඇපල් සහ AT&T හි වෙළඳසැල් ඉදිරියේ පෙළගැසී සිටින ලදී. පැයක් ඇතුලතදී බොහෝ ස්ථාන වල තොග සියල්ල විකිණී අවසන් විය.ප්ලේස්ටේෂන් 3 නිකුත් කිරීමේදී සිදුවූ ආකාරයේ සොරකම් සහ වෙඩිතැබීම් වැලැක්වීම සඳහා වෙළඳසල් අසල රාත්‍රීකාලයේ සිටම පොලිස් රැකවල් යොදා තිබුණි.එක්සත් රාජධානිය, ප්‍රංශය, කැනඩාව සහ ජර්මනිය යන රටවල්වල අයිෆෝනය එළිදක්වන ලද්දේ 2007 නොවැම්බර් මස වන අතර , අයර්ලන්තය සහ ඔස්ට්‍රියාව යන රටවල 2008 වසන්තය සෘතුවේදී එළිදක්වන ලදී .
පසුකාලීන නිකුත් කිරීම්
සන්නිවේදන,අන්තර්ජාල පහසුකම සහ අයිෆෝනයෙහි අතුරු මුහුණත සහිත, එහෙත් දුරකතනයක් නොවන ඇපල්හි අයිපොඩ් ටච් ස්පර්ශ තිර උපකරණය 2007 සැප්තැම්බර් 5 නිකුත් කරන ලදී.ඒ සමගම ,ඇපල් විසින් ගි.බ.8 මාදිළියේ මිල අඩුකර ගි.බ.4 මාදිළිය නිකුත්කිරීම නවතන ලදී. ඇපල් විසින් ඊට දින 5කට පසු,එනම් ප්‍රථම නිකුතුවෙන් දින 74කට පසු අයිෆෝන මිලියනයක් විකුණන ලදී.
ගි.බ.16 මාදිළිය 2008 පෙබරවාරි මාසය 5 නිකුත් කරන ලදී. ඇපල් විසින් අයිෆෝනයෙහි මෘදුකාංග ප්‍රවර්ධන කට්ටලය(SDK) 2008 මාර්තු 6 නිකුත්කරන ලදී.එමගින් මෘදුකාංග ප්‍රවර්ධකයින්ට අයිෆෝනය සඳහා මෘදුකාංග තැනීමට අවස්ථාව ලබා දෙන ලදී. අයිෆෝන් 3ජී හි බෙදාහැරීම ජුලි 11 සිට අරඹන බව,ජුනි 9 දින ඇපල් විසින් නිවේදනය කරනලදී. ඒ වන විට ප්‍රථම අයිෆෝනය වෙළඳපොළට නිකුත් කිරීම නවතා තිබුණු අතර එතෙක් නිකුත්කල ඒකක සංඛ්‍යාව 6,124,000ක් විය.
නිර්මාණය
ප්‍රථම නිකුතුවේ අයිෆෝනයේ සැලැසුම 3.5 අඟල් (89 mm) වීදුරු බහු-ස්පර්ශ ස්පර්ශතිරය කේන්ද්‍රීයව නිර්මාණය කරන ලදී.
ප්‍රථම අයිෆෝනය බොත්තම් 5කින් සමන්විත වූ අතර එය නව මාදිළි වලද නොවෙනස්ව පවතී. (iPhone X - 2017 වලින් පසු Home බොත්තම ඉවත් විය. ) එලෙසම මෙය ක්‍රෝමියම් ආලේපිත ලෝහ රාමුවකින් සමන්විතය.පසුපස කොටස කළු ප්ලාස්ටික් මූලික කරගත් ඔපදමන ලද ඇලුමිනියම් වලින් නිමවා ඇත.මෙයට හේතුව වන්නේ ලෝහ මගින් දුරකතන සහ Wi-Fi සංඥා වලට බාධා කරන බැවිනි.
අයිෆෝනයේ පසුපස, වම්පස උඩ කෙලවරේ කැමරාව පිහිටා ඇත.මෙහි ඉස් බණු (headphone) socket ආවරණය තුලට ගිල්ලවා ඇති බැවින් , අනුවර්තකයක්(adapter) නොමැති බොහෝ (headsets) සඳහා නොගැළපේ.අනිකුත් මාදිළි වල මෙම ගැටළුව නොමැත.
විවිධ වර්ණ වලින් ලබාගත නොහැකි එකම අයිෆෝනය වන්නේද මෙම "ඔරිජිනල් අයිෆෝනය"යි.අයිෆෝන් 4 හැරුණුකොට අන් සියලුම අයිෆෝන කළු සහ සුදු යනන වර්ණයන්ගෙන් ලබාගත හැකිය.
මෘදුකාංග
නිකුත්කිරීම් අතරතුර,අයිෆෝනයෙහි"OS X" මෙභෙයුම් පද්ධතිය ධාවනය වන බව පවසන ලදී.නමුත් මෙභෙයුම් පද්ධතියේ නම iPhone 2.0 SDK බව පසුව තහවුරු කරන ලදී.ඇපල් විසින් ප්‍රථම අයිෆෝන ඒකක සමඟ ලබා දෙන නිකුතුවද ඇතුලුව අයිෆෝන් හි ප්‍රධාන මෘදුකාංග අනුවාද 4ක් නිකුත් කර තිබේ.
දැනට මෙම අයිෆෝනය සඳහා මෘදදුකාංග යාවත්‍කාලීන කිරීම් සිදුනොකෙරේ. කෙසේවෙතත් , බලපත්‍ර රහිත තෙවන පාර්ශව විසින් අයිෆෝනය සඳහා වෙනස්කරන ලද ස්ථීරාංග(custom firmwares) නිකුත්කරනු ලැබේ.උදාහරණයක් ලෙස අයිෆෝනය ඇන්ඩ්‍රොයිඩ් මෙභෙයුම් පද්ධතිය මගින් ක්‍රියාකලහැකි ලෙස සැකසීම දැක්විය හැක.
මෘදුකාංග වල ඉතිහාසය
මූලික මෙභෙයුම් පද්ධති නිකුතුවේදෘශ්‍ය වොයිස්මේල්(Visual voicemail), බහු-ස්පර්ශ අභිනයන්(multi-touch gestures), HTML විද්‍යුත් තැපෑල, සෆාරි web browser,threaded කෙටි පණිවිඩ (threaded text messaging), and යූ ටියුබ් යන අංග ඇතුලත්වේ.කෙසේ වෙතත් එම්.එම්.එස්(MMS), තෙවන පාර්ශව යෙදුම් , පිටපත් කිරීම හා ඇලවීම යන බොහෝ අංග සඳහා මෙම නිකුතුව සහය නොදක්වන ලදී.මෙවැනි අංග අඩංගු නොවී තිබීම හැක් කරන්නන් අයිෆෝනය "ජේල්බ්‍රේක් " කිරීම සඳහා පොළඹවන ලදී.ඇපල් සමාගම සෙමින් මෙම අංග මෘදුකාංග යාවත්කාලීනයන්ට ඇතුලත් කරන ලදී.
අයිෆෝන් මෙහෙයුම් පද්ධතිය 2.0 (2008 ජුලි 11 නිකුතුව) තෙවන පාර්ශව යෙදුම් ,හුවමාරු සහය, විද්‍යුත් තැපැල් push සහ තවත් නව උපාංග හඳුන්වාදෙන ලදී.
අයිෆෝන් මෙහෙයුම් පද්ධතිය 3.0 (2009 ජුනි 17 නිකුතුව) පිටපත් කිරීම ,ඇලවීම සහ යූ ටියුබ් උපාංගය හඳුන්වාදෙන ලදී. අයිෆෝන් මෙහෙයුම් පද්ධතිය 3.0 හි සියලුම උපාංග සඳහා ප්‍රථම නිකුතුවේ අයිෆෝන සහය දක්වන්නේ නැත.
ප්‍රථම නිකුතුවේ අයිෆෝන සඳහා අයිෆෝන් මෙහෙයුම් පද්ධතිය 3.0 දෘඩාංගවල නොගැලපීම හේතුවෙන් අයිෆෝන් මෙහෙයුම් පද්ධතියේ 4 මෘදුකාංග යාවත්කාලීනය ලබා නොදෙන ලදී.
බලපත්‍ර රහිත තෙවන පාර්ශව මෘදුකාංග සහ ජේල් බ්‍රේක් කිරීම
අයිෆෝනයේ මෙභෙයුම් පද්ධතියේ ධාවනය කළ හැක්කේ ඇපල් සමාගම විසින් අනුමත කරන ලද cryptographic මුද්‍රාව සහිත මෘදුකාංග පමණි. දුරකතනය "ජේල්බ්‍රේක්" කිරීම මගින් මෙම තහනම ඉවත්කලහැක. මෙමගින් අයිෆෝනය ස්ථීරාංග මුද්‍රා පරීක්ෂාව සිදුනොකරන පරිදි සුලු ලෙස විකෘති කරනලද අනුවාදයකට ප්‍රතිස්ථාපනය කරයි.මෙය ඇපල්හි තාක්ෂණික ආරක්ෂණ ක්‍රියාමාර්ගය මඟ හැරීමට හේතුවක් වේ.
අයිෆෝන් ජේල්බ්‍රේක් කිරීම පද්ධ්ති මෘදුකාංග වල වෙනස්කිරීමක් බැවින් එය ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස ඇපල් සමාගම විසින් තම අයිතිවාසිකම් ඉදිරිපත් කරන බව ඇමෙරිකානු ප්‍රකාශන හිමිකම් කාර්‍යාලය වෙත නිවේදනය කරන ලදී.
ජේල්බ්‍රේක් කරන ලද අයිෆෝන පරිගණක වෛරස වලට හසුවීමට ඉඩ තිබේ,එහෙත් වාර්තාවී තිබෙන්නේ එවැනි සිද්ධි කිහිපයක් පමණි.කෙසේ වෙතත් ජේල්බ්‍රේක් කරන්නන්ට චෝදනා එල්ල නොකරන බවට ඇමෙරිකානු ප්‍රකාශන හිමිකම් කාර්‍යාලය විසින් ප්‍රකාශ කර තිබේ.
සම්මාන
ද නිව්යෝක් ටයිම්ස් සහ ද වෝල් ස්ට්‍රීට් ජර්නල් විසින් අයිෆෝනය පිලිබඳ ධනාත්මක එහෙත් අවවාදාත්මක සමාලෝචනයක් පළ කරන ලදී.ඔවුන්ගේ ප්‍රධානතම විවේචනය වූයේ AT&T ජාලයේ මන්දගාමී වේගය සහ 3ජී සේවාව ඔස්සේ සම්බන්ධ විය නොහැකි වීමයි.
ද වෝල් ස්ට්‍රීට් ජර්නල්හි තාක්ෂණ තීරු ලේඛකයෙකු වන, වෝල්ට් මොස්බර්ග් විසින් "සමහර අංග කිහිපයක් අඩුකිරීම හැරුණුකොට, අයිෆෝනය යනු සමබර,අලංකාර අතේගෙනයාහැකි පරිගණකයක්" ලෙස ප්‍රකාශ කරන ලදී.
ටයිම් සඟරාව විසින් අයිෆෝනය "2007 වසරේ නිපැයුම" ලෙස නම් කරන ලදී. .
කාලයත් සමග අයිෆෝන මාදිලිවල වෙනස් වීම
