සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අංග වැසියන් ගැන මුලින්ම පැහැදිලි ව සදහන් වන්නේ ආතර්ව වේදයේ (V.22.14) හිදී මගධ වරුන්, ගාන්ධාර වරුන් සහ මුජාවාත වරුන් හා සමග වන අතර, පෙනෙන ආකාරයට ඔවුන් සියල්ල නීච

අංග වැසියන්

  • මුල් පිටුව
  • අංග වැසියන්

ලිඛිත ඉතිහාසය

අංග වැසියන් ගැන මුලින්ම පැහැදිලි ව සදහන් වන්නේ ආතර්ව වේදයේ (V.22.14) හිදී මගධ වරුන්, ගාන්ධාර වරුන් සහ මුජාවාත වරුන් හා සමග වන අතර, පෙනෙන ආකාරයට ඔවුන් සියල්ල නීච ලෙසින් ගර්භා කොට සැලකූවන් වූහ.

මහා ග්‍රන්ථ අනුව අංග වැසියන්ගේ, කාලිංග වැසියන්ගේ, වංග වැසියන්ගේ, පුන්ද්‍ර වැසියන්ගේ (හෝ පුන්ද්‍ර රාජධානිය - සමහරක් කොටස් වර්තමානයේ නැගෙනහිර බිහාරයේ, බටහිර බෙංගාලයේ සහ බංග්ලාදේශයේ අයත් වෙති), විදර්භ වැසියන්ගේ, සහ වින්ධ්‍යා-වාසීන්ගේ ජනපද පිහිටා තිබුනේ පූර්ව-දක්ෂිණ කොට්ඨාශයෙහිය.

අංග රාජධානියෙහි මුල් රජවරුන් කිහිප දෙනෙකු පිළිබඳවද මහා ග්‍රන්ථ දක්වා සිටියි. මහාගෝවින්ද සුත්තන්ත හි අංග රාජධානියෙහි ධතරත්ත රජ ගැන සඳහන් කරයි. ජෛන ග්‍රන්ථ අතර ධාධිවාහන සඳහන් වන්නේ අංග රාජධානියේ පාලකයා ලෙසිනි. මහා ග්‍රන්ථ සහ හරිවංශය ඔහු දක්වන්නේ රාජධානියේ අපිනාමික ස්ථාපකයා වන අංග ගේ ප්‍රත්‍රයා සහ අනන්තර අනුප්‍රාප්තිකයා ලෙසිනි. ජෛන ජනශ්‍රැතිය ප්‍රකාර ඔහු ජීවත්වූයේ ක්‍රිස්තු යුගයට පෙර හයවන සියවසෙහි මුල් භාගයෙහිදීය.

ජෛන ප්‍රජනනයේ අංගා වරැන් හා වංගා වරැන් ආර්යය මනුෂ්‍යයන්ගේ මුල්ම කණ්ඩයමට වර්ග කරයි. මහා භාරකයට අනුව අංගා පිහිටා තිබුණෙත් දළ වශයෙන් බගාපු, බිහාරයේ මොන්ගිර් සහ බෙන්ගාලයේ ඇතැම් ප්‍ර‍දේශ වලය. චම්පා නදිය මගධ වල බටහිර මායිමත් අංගා වල නැගෙනහිර මායිමත් වෙන්කරන ලදි. අංගා වල උතුරැ මායිම වුයේ ද ගංගා නදියයි. කලින් මාලිනි ලෙස හදුන්වන ලද එහි අගනගරය වූ චම්පා චම්පා නදිය හා ගංගා නදිය හමුවන ස්ථානයට නුදුරින් ගංගා නදියේ දකුණු ඉවුරේ පිහිටා තිබුණි. එය ආදි කාලීන ඉන්දියාවේ තිබූ ශක්තිමත් ම හා ප්‍රධාන නගර 6 න් එකක් විය. එය වෙළද වා වානිජ කටයුතු සදහා ප්‍රධාන මධ්‍යස්ථානයක් වු අතර එහි වෙළන්දන් ඈත පිහිටි ස්වර්ණභූමියට යාත්‍රා කරන ලදි. බිම්බිසාර රාජ්‍යය යටතේ අංග, මගධ රාජ්‍යයේ කොටසක් විය.

ආශ්‍රිත

  1. The Garuda Purana 55.12; V.D. I.9.4; the Markendeya Purana 56.16-18
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 29, 2026

    ඉන්දියානු අධිකරණය

  • අප්‍රේල් 04, 2026

    Short story

  • අප්‍රේල් 04, 2026

    මුටසීව රජ

  • අප්‍රේල් 05, 2026

    මූල භාෂාව

  • මැයි 18, 2026

    සම්මා ආජීව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට