සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කපිලවස්තු නුවර පාලනය කල සුද්ධෝදන රජතුමා, කෝලිය වංශික කුමාරියක වූ මහමායා කුමාරිය හා විවාහ වී සිටියේය. ඔවුන් දැහැමෙන් සෙමෙන් රට පාලනය කල අතර රට වැස්සෝද ඔවුන්ට ආදර

සිදුහත් කුමරු

  • මුල් පිටුව
  • සිදුහත් කුමරු

පසු කලෙක ගෞතම සම්මා සම්බුද්ධ නමින් සම්මා සම්බුදු පදවියට පත්වූයේ මෙම කුමරාය.

සිද්ධාර්ථ කුමරු
ගොනුව:Head of Emaciated Siddhartha, Pakistan, Gandharan region, 2nd or 3rd century" at Chicago Art Institute.jpg
සිද්ධාර්ථ කුමරුගේ සිරස නිරූපිත ගාන්ධාර මූර්තියක්
පෞද්ගලික තොරතුරු
උපතසිද්ධාර්ථ
563 පොයුපෙ හෝ 480 පොයුපෙ
ලුම්බිණි සල්උයන, ශාක්‍ය ජනපදය
මරණය 483 පොයුපෙ හෝ 400 පොයුපෙ (වයස 80)
කුසිනාරා නුවර, මල්ල ජනපදය
පවුල
කලත්‍රයායශෝදරා දේවිය
දෙමව්පියෝසුද්ධෝදන රජු (පියා) ,මායා දේවිය (මව)
දරුවෝරාහුල
Queen Māyā miraculously giving birth to Siddhārtha. Sanskrit palm leaf manuscript. Nālandā, Bihar, India. Pāla period

පටුන

මවුකුස පිළිසඳ ගැනීම

කපිලවස්තු නුවර පාලනය කල සුද්ධෝදන රජතුමා, කෝලිය වංශික කුමාරියක වූ මහමායා කුමාරිය හා විවාහ වී සිටියේය. ඔවුන් දැහැමෙන් සෙමෙන් රට පාලනය කල අතර රට වැස්සෝද ඔවුන්ට ආදරය කළහ. ඔවුන් දරුවෙකු බලාපොරොත්තුවෙන් දීර්ඝ කාලයක් බලා සිටියහ.

එක් පෝය දිනක මහමායා දේවිය අපූරු සිහිනයක් දුටුවේය. එනම්, "ඇය නිදා සිටි ඇඳ දෙවිවරු සතරදෙනෙක් විසින් ඔසවාගෙන හිමාලය වනයේ වූ අනෝතත්ත අසලට ගෙන ගියේය. ඉන්පසු ඇය එම විලෙන් ස්නානය කල පසු එම දෙවිවරු ඇය ඉතා සිනිදු සළු පිළි හැන්දුවේය. ඉන්පසු සුදු පාට ඇත් පැටවෙක් සුදු නෙළුම් මලක් හොඬයෙන් ගෙන ඇය නිදා සිටි ඇද වට තුන් වරක් පැදකුණු කර දකුණු පසින් තම කුසතුලට ඇතුලු වනු ඇය දුටුවාය."

පසු දින ඇය මේ බව රජතුමාට පැවසුවාය. එවිට රජතුමා සිහින පලාඵල දත් බමුණන් කැඳවා සිහිනය විමසූ අතර ඔවුන් පැවසුවේ "දේවිය පිළිසඳ ගෙන ඇති බවත්, දේවිය ඉතාමත් පින්වත් කුමරෙකු බිහි කරන් බවත්ය". එය ඇසූ රජ හා දේවිය බොහෝ සේ ප්‍රීතියට පත්විය.

උපත

මාස දහයකට පසු එක දිනක මහමායා දේවිය දරුවා ලැබීම සඳහා තම දෙමාපියන් හමුවීමට යෑමට සුදානම්=== මවුකුස පිළිසඳ ගැනීම === කපිලවස්තු නුවර පාලනය කල සුද්ධෝදන රජතුමා, කෝලිය වංශික කුමාරියක වූ මහමායා කුමාරිය හා විවාහ වී සිටියේය. ඔවුන් දැහැමෙන් සෙමෙන් රට පාලනය කල අතර රට වැස්සෝද ඔවුන්ට ආදරය කළහ. ඔවුන් දරුවෙකු බලාපොරොත්තුවෙන් දීර්ඝ කාලයක් බලා සිටියහ.

එක් පෝය දිනක මහමායා දේවිය අපූරු සිහිනයක් දුටුවේය. එනම්, "ඇය නිදා සිටි ඇඳ දෙවිවරු සතරදෙනෙක් විසින් ඔසවාගෙන හිමාලය වනයේ වූ අනෝතත්ත අසලට ගෙන ගියේය. ඉන්පසු ඇය එම විලෙන් ස්නානය කල පසු එම දෙවිවරු ඇය ඉතා සිනිදු සළු පිළි හැන්දුවේය. ඉන්පසු සුදු පාට ඇත් පැටවෙක් සුදු නෙළුම් මලක් හොඬයෙන් ගෙන ඇය නිදා සිටි ඇද වට තුන් වරක් පැදකුණු කර දකුණු පසින් තම කුසතුලට ඇතුලු වනු ඇය දුටුවාය."

පසු දින ඇය මේ බව රජතුමාට පැවසුවාය. එවිට රජතුමා සිහින පලාඵල දත් බමුණන් කැඳවා සිහිනය විමසූ අතර ඔවුන් පැවසුවේ "දේවිය පිළිසඳ ගෙන ඇති බවත්, දේවිය ඉතාමත් පින්වත් කුමරෙකු බිහි කරන් බවත්ය". එය ඇසූ රජ හා දේවිය බොහෝ සේ ප්‍රීතියට පත්විය.වූවාය. සුද්ධෝදන රජතුමා ඒ සඳහා අවශ්‍ය සියලුම දේ සකස් කර දුන් පසු මහමායා දේවිය තම පියාගේ රාජධානියට යන්නට පටන් ගත්තාය.

මෙලෙස බොහෝ දුරක් ගිය පසු ඇය සල් ගස් පිරුණු, කුරුල්ලන් ගී ගයන මනරම් උයනක් දැක්කාය. ඇය විඩා නිවා ගැනීමට එහි නතර වූවාය. එහි නතර වූ ඇයට ටික වෙලාවකින් විළිරුදා දැණුනි(විළිරුදා යනුවෙන් සඳහන් කළද සැබෑවටම මවට සහ දරුවාට වේදනාවක් නොවීය). රාජ සේවිකාවෝ ඇය වට තිර රෙදි ඇද්දාහ. ටික වේලාවකින් පින්වත් කුමරෙකු මෙලොවට බිහි විය. (ක්‍රි.පූ 623 ) එම දිනය වෙසක් පොහොය ලෙස හඳුන්වයි.

උපත් ලැබූ සිදුහත් කුමරා සත් පියවරක් ඉදිරියට තබා ,
අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
ස‌ෙට්ඨෝ හමස්මි ලෝකස්ස
ආය මන්තිමා ජාති නත්ථි දානි පුනර්භවෝ
යනුවෙන් පැවසීය.

සිද්ධාර්ථ කුමාරයා

පළමු වර වැඳීම හා නම් තැබීම..

 
සිදුහත් කුමරුගේ උපත (2-3 ශතවර්ෂය)

එකල සුද්ධෝදන රජුගේ ගුරුවරයෙකු වූ කාල දේවල නම් බ්‍රාහ්මණයෙක් සිටියේය. මිනිසුන් ඔහුව හැඳින්වූයේ "අසිත බමුණා" යන නමිනි. ඔහු වනයට වී තපස් වඩමින් සිටි තාපසයෙකි. කුමරු ඉපදුණු බව අසා පසු දින ඔහු සුද්ධෝදන රජතුමාගේ මාලිගයට පැමිණියේය.

එවිට රජතුමා කුමාරයා ගෙනවිත් බමුණාට පෙන්වූයේය. බමුණා පාද යට අතට සිටින සේ කුමාරයා ගත් නමුත් එකවරම පාද ඉහලට එසවිණි. එවිට අසිත බමුණා කුමාරයාගේ යටි පතුල් පරීක්ෂා කර බලා එහි වූ මඟුල් සලකුණු දැක "මේ කුමාරයා යම් දිනෙක මේ තුන් ලෝකෙටම උතුම් වූ ගුරුවරයෙක් වෙතැයි" පැවසීය. එසේ පවසා අසිත බමුණා කුමාරයාට වැන්දේය. මෙය දුටු සුද්ධෝදන රජතුමාද කුමාරයාට වැන්දේය. මේ පළමුවර වැඳීමයි.

කුමරු ඉපදී දවස් පහකට පසු රජතුමා කුමාරයාට නම් තැබීමේ උත්සවය පැවැත්වීය. මේ සඳහා ශිල්ප ශාස්ත්‍ර දත් බමුණන් 108 දෙනෙක් කැඳවීය. එහි පැමිණි බමුණන් කුමාරයාගේ ශරීරයෙහි වූ සලකුණු දැක "මේ කුමාරයා ගිහි ගෙයි සිටියොත් සක්විති රජ වන බවත්, මහණ වුවොත් තුන් ලොවටම අග්‍ර වූ උතුම් වූ බුද්ධත්වය ලබන බවත්" පැවසීය. එවිට එහි සිටි ලාබාළම කොණ්ඩඤ්ඤ බමුණා කුමාරයාගේ නළලෙහී දකුණට කැරකුණු ඌර්ණ රෝම ධාතුව දැක එක ඇඟිල්ලක් ඉහලට ඔසවා "මේ කුමාරයා මතු යම් දිනෙක ගිහි ගෙයින් නික්මී බුද්ධත්වයම ලබන බව" පැවසීය.

ඉන්පසු එම බමුණන් තුන් ලොවටම යහපතක් කරන තැනැත්තා යන අර්ථයෙන් සිදුහත් (සිද්ධාර්ථ ) යන නම තැබීය.

මවු බිසව කළුරිය කිරීම

සිදුහත් කුමරු ඉපදී දවස් හතකට පසු මවු දේවිය වූ මහමායා දේවිය මිය ගියාය. ඒ වනවිට සිදුහත් කුමරු කුඩා ළමයෙකු වූ හෙයින් ඔහුව රැකබලා ගැනීම සිදුහත් කුමාරයාගේ සුළුමව වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවියට පැවරුණි.ප්‍රජාපතී ගෝතමී දේවිය සිද්ධාර්ථ කුමරුන්ටත් සිය කුසින් උපන් දරුවන් දෙදෙනා වූ නන්ද කුමරුන්ටත් සුන්දරී නන්දා කුමරියටත් එකසේ ආදර සැලකිලි දැක්විය.මියගිය මහමායා දේවිය දෙව්ලොව මාතෲ දිව්‍යරාජයා නමින් උපත ලැබුවාය.

පිය රජු දෙවන වර වැදීම (වප් මඟුල් උත්සවය )

ටික කලකට පසු කුඹුරු සී සෑමේ කාලය ලඟා වුණි. මෙය ආරම්භ වන්නේ රජතුමා සහභාගී වන රාජකීය උත්සවයකිනි. එම උත්සවය වප් මඟුල් උත්සවය නමින් හඳුන්වයි. කුමරුට පස් මසක් වන විට වප්මඟුල් උත්සවය සංවිධානය කෙරුණි. කුමාරයාගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය හා අනෙකුත් කිරිමවුවරුන්ද, සේවිකාවන්ද උත්සවයට සහභාගී වූහ. සේවිකාවන්ද කුමාරයාට හිරුරැස් නොවැටෙන සේ තිර රෙදිවලින් ආවරණය කර උත්සවය බැලීම පිණිස ගියහ.

වටපිට බැලූ සිදුහත් කුමාරයාට දැක ගැනීමට හැකිවූයේ තමන් පමණක් සිටින බවත්, අවට කිසිවෙකුත් නැති බවත්ය. එවිට කුමාරයා සංසාරික පුරුද්දට අනුව තමන් පුරුදු පුහුණු කල ආනාපාන සති භාවනාව වඩන්නට වූහ. ටික වෙලාවක් යද්දී ධ්‍යානයක් උපදවා ගත් කුමාරය අහසේ පලක් බැඳ භාවනා කරන්නට විය.

ටික වෙලාවකින් එහි පැමිණි කිරිමවුවරුන් සහ සේවිකාවන් දුටුවේ අහසේ පලක් බැඳ භාවනා කරන කුමාරයාය. ඔවුන් වහා ගොස් රජතුමාට මේ සිද්ධිය සැළකලෝය. එවිට රජතුමා මහ පිරිවර සමඟින් මේ විශ්මිත දර්ශනය බැලීමට පැමිණියෝය. එහි පැමිණි රජතුමා භාවනා කරන කුමාරයා දැක මේ මාගේ දෙවන වැඳීමයි යනුවෙන් පවසා දෙවෙනි වරටද තම පුතුණුවන් වැන්දේය.

නව යොවුන්විය

 
සිදුහත් කුමරු ළමාකාලයේදී දිය නෑම ගාන්ධාරය 2 වන ශතවර්ෂය

බමුණන් විසින් සිදුහත් කුමාරයා යම් දිනෙක ගිහි ගෙය හැර යන බව පැවසීම නිසා ඒ පිළිබඳව බියෙන් පසුවූ සුද්ධෝදන රජතුමා කුමාරයාට ඉතා සැපවත් ජීවිතයක් ගත කිරීමට ඉඩ පහසුකම් සැලසුවේය. සුදුසු කල පැමිණි කල්හි ශිල්ප ශාස්ත්‍ර හැදැරීමට යවා සියලුම ක්ෂේත්‍රයන්හි කෙළ පැමිණියෙක් බවට පත්කලේය. ඔහු මේ සියල්ලම කලේ යම් දිනෙක තමාගෙන් පසු කිඹුල්වත්පුර රාජධානිය ඔහුට පවරා දීමේ අරමුණිනි. එසේම සරත්, ශීත සහ වැසි යන සෘතු තුනේදී විසීම සඳහා රම්‍ය, සුරම්‍ය, සුභ නමින් මාලිගා තුනක්ද තනා දුන්නේය.

එසේම කොණ්ඩඤ්ඤ සහ අසිත බමුණන් විසින් කුමාරයා යම් දිනෙක මහල්ලෙක් හෝ ලෙඩෙක් හෝ මළමිනියක් හෝ පැවිදි රුවක් හෝ දුටුවොත් ගිහි ගෙයින් නික්මෙන බව පැවසූ නිසා රාජධානියේ සිටි කිසිම මහල්ලෙකුට, ලෙඩෙකුට හෝ පැවිදි අයෙකුට මාළිගවට ඇතුළු වීම තහනම් කලේය. එසේම මිනිසුන්ට ලෙඩ පිළිබඳව, මරණය පිළිබඳව, පැවිදි විම පිළිබඳව කතා කිරීමද තහනම් කලේය. රජතුමා මේ සියල්ලම කලේ ඔහුව ගිහි ගෙයිම රඳවා ගැනීමේ බලාපොරොත්තුවෙනි.

විවාහය

කුමාරයා සතුටෙන් තැබීම පිණිස විවාහයක් කර දිය යුතුයැයි පඬිවරු පැවසීය. ඒ අනුව රජතුමා සිදුහත් කුමාරයාට සොළොස් වසක් වූ කල (දහසය අවුරුද්දක් ) කුමාරයා විවාහ කර දිමට තීරණය කලේය. ඒ අනුව කෝලිය වංශික යශෝධරා කුමාරියව සරණ පාව දීමට තීරණය කෙරුණි.

නමුත් සිදුහත් කුමාරයා පිළිබඳව ඔවුන් හොඳන් නොදැන සිටියහ. කුමාරයා ශිල්ප ශාස්ත්‍ර හැදැරූ බවක්වත් ඔවුන් නොදැන සිටියහ. එම නිසා යශෝධරා කුමාරියගේ පියාණන් වන සුප්‍රබුද්ධ රජතුමා තම දියණිය සිදුහත් කුමාරයාට සරණ පාවා දීම ප්‍රතික්ෂේප කළේය.

ඉන්පසු සිදුහත් කුමාරයා තම නෑ සියන්ගේ අනවබෝධය දුරු කිරීම සඳහා ශිල්ප ශාස්ත්‍ර (12)

දැක්වීය. එයින් සතුටට පත් සුප්‍රබුද්ධ රජතුමා තම දියණිය වන යශෝධරා දේවියව සිදුහත් කුමාරයාට සරණ පාවා දුන්නේය.

සතර පෙර නිමිති දැකීම

ඉන්පසු සුද්ධෝදන රජතුමා කුමාරයාගේ මාලිගාව සහ උද්‍යානය වටවන පරිදි විශාලා තාප්පයක් තැනුවේය. රජතුමා මේ සියල්ලම කලේ යම් දිනෙක මේ සැප සම්පත් සියල්ලම හැර දමා මහණ වෙතැයි ඇතිවූ බිය නිසාමය. කෙසේ වෙතත් සිදුහත් කුමාරයාට මෙලෙස සිරකාරයෙක් මෙන් ජීවත් වීම අප්‍රිය විය. ඔහු නිතරම සෙවුයේ මේ ජීවිතයේ අර්ථය කුමක්ද යන්නයි.

දිනක් කුමාරයා රජතුමා හමුවට ගොස් තමන් මාළිගයෙන් පිටතට ගොස් අනෙක් ජනතාව ජීවත් වන්නේ කෙසේදැයි සෙවීමට අදහස් කරන බව පැවසීය. රජතුමා එවිට කුමාරයට මඳ වේලාවක් නවතින්න යැයි පවසා තමන්ගේ සේවකයන් ලවා නුවර සම්පූර්ණයෙන්ම සරසා කුමරුට යන්නැයි පැවසුවේය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 10, 2026

    දුටුගැමුණු රජ

  • අප්‍රේල් 04, 2026

    පරමාණුක ක්‍රමාංකය

  • අප්‍රේල් 03, 2026

    Portuguese language

  • මාර්තු 24, 2026

    ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුව

  • අප්‍රේල් 03, 2026

    රිටිපන්න ක්‍රමය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට