සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඩොමීනියන් රාජ්‍යයන් යනු, 19වන සියවසෙහි අවසන් භාගයෙහි සිට, නාමික වශයෙන් කිරීටය යටතේ පැවති සහ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සහ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය සැදූ, ස්වත

ඩොමීනියන් රාජ්‍යය

  • මුල් පිටුව
  • ඩොමීනියන් රාජ්‍යය

ඩොමීනියන් රාජ්‍යයන් යනු, 19වන සියවසෙහි අවසන් භාගයෙහි සිට, නාමික වශයෙන් කිරීටය යටතේ පැවති සහ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සහ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය සැදූ, ස්වතන්ත්‍ර දේශපාලන තන්ත්‍රයන් වූහ. ඒවා අතර, කැනඩාව, ඕස්ට්‍රේලියාව, පකිස්තානය, ඉන්දියාව, ලංකාව (ශ්‍රී ලංකාව), නවසීලන්තය, නිව්ෆවුන්ඩ්ලන්ඩ්, දකුණු අප්‍රිකාව සහ, අයර්ලන්ත නිදහස් රාජ්‍යය වූහ. 1926බැල්ෆෝර් ප්‍රකාශනය වෙතින් ඩොමීනියන් රාජ්‍යයන් පිළිගනුලැබුනේ "බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුල ස්වතන්ත්‍ර ප්‍රජාවන්" ලෙසින් වන අතර, ඉන්පසු දශකයන් තුලදී, ඩොමීනියානු රාජ්‍යයන්, එක්සත් රාජධානිය වෙතින් පූර්ණ ස්වෛරී විය. ජාතීන්ගේ පොදු රාජ්‍ය මණ්ඩලය තුල ස්වෛරී ව්‍යවස්ථාදායක රාජාණ්ඩු බවට පත්වී, පූර්ණ ස්වෛරීත්වයට පෙර පැවති රාජ පෙළපත සහ රාජ උරුමක්‍රමය, ස්වීය රාජ පෙළපත සහ රාජ උරුමක්‍රමය ලෙසින් පවත්වාගෙන ගියේ නම්, වසර 1953 ට පසුව ඒවා, පොදු රාජ්‍ය මණ්ඩල අධිකාර ක්ෂේත්‍රයන් ලෙසින් හැඳින්විණි.

කිසියම් බල ප්‍රදේශයක් හැඳින්වීමට, පෙරදී "ඩොමීනියන් රාජ්‍යය" යන පදය භාවිතය, 16වන සියවස තරම් ඈත අතීතයට විහිදෙන අතර, 1535 සිට 1800 පමණ දක්වා, වේල්සය විස්තර කිරීමට සමහරවිට භාවිතා කෙරිණි.

අර්ථදැක්වීම

 
දහනවවන සියවසෙහි අවසානයේදී වික්ටෝරියා රැජින යටතේ පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සිතියම. "ඩොමීනියන් රාජ්‍යයන්" ලෙසින් හැඳින්වෙනුයේ කිරීටයට අයත්වූ සියළු බල ප්‍රදේශයන් වෙති.

ඉංග්‍රීසි පොදු නීතිය ප්‍රකාර, බ්‍රිතාන්‍ය කිරීටයෙහි ඩොමීනියන් රාජ්‍යයන් යනු, කිරීටයේ අධිකාරිය යටතේ පැවති සියළු අධිකාර ක්ෂේත්‍රයන් සහ බල ප්‍රදේශ වෙති. නිදසුනක් වශයෙන්, 1914 දී සයිප්‍රස දිවයින ඇඳා ගනිමින් නිකුත් කෙරුණු රාජසභා ආඥාව විසින් ප්‍රකාශනය කෙරුණේ, නොවැම්බර් 5 දින සිට, දිවයින:

"රාජෝත්තමයාණන් වහන්සේගේ ඩොමීනියන් රාජ්‍යයන්ට ඈඳා ගනු ලබන අතර ඒවායේ කොටසක් වෙයි".

කිසියම් බල ප්‍රදේශයක් හැඳින්වීමට, පෙරදී "ඩොමීනියන් රාජ්‍යය" යන පදය භාවිතය, 16වන සියවස තරම් ඈත අතීතයට විහිදෙන අතර, 1535 සිට 1800 පමණ දක්වා, වේල්සය විස්තර කිරීමට සමහරවිට භාවිතා කෙරිණි: නිදසුනක් වශයෙන්, වේල්සයේ නීති 1535 පණත යන්න යෙදෙන්නේ ඩොමීනියන් රාජ්‍යය, සාමන්ත රාජ්‍යය සහ වේල්ස ප්‍රාන්තය වෙතය.වර්ජීනියා යටත් විජිතය වෙත 1660දී පමණද, නිව් ඉංග්ලන්ඩ් ඩොමීනියන් රාජ්‍යය වෙත 1686දී පමණද ඩොමීනියන් රාජ්‍යය යන්න නිල අභිධානයක් ලෙසින් පවරන ලදි. මෙම ඩොමීනියන් රාජ්‍යයන් කිසි දිනෙක ස්වයං-පාලන තරාතිරම් නොවූහ. කෙටි-කාලීන නිව් ඉංග්ලන්ඩ් ඩොමීනියන් රාජ්‍යය තැනීම සැලසුම් කෙරුණේ– පසුකාලීන ඩොමීනියන් රාජ්‍යයන්ගේ අරමුණට පටහැනි වශයෙන් – රාජකීය පාලනය දැඩි කරගැනුමට සහ යටත් විජිතයේ ස්වයං-පාලනය දුර්වල කිරීමටය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    අභිප්‍රේරණය

  • මාර්තු 24, 2026

    මුඛ සංසර්ගය

  • මාර්තු 18, 2026

    බ්‍රහස්පති ග්‍රහයා

  • මාර්තු 10, 2026

    සිංහල භාෂාව

  • මාර්තු 25, 2026

    සුනාමි

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට