සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සම්මා සම්බුද්ධ, පසේ බුද්ධ, අරහත් යන තුන්තරා බෝධියට පමුණුවන ලෝකෝත්තර කුසල ධර්ම දස පාරමිතා නම් වෙති. ලෞකික සැප සම්පත් පතා කරන කුසලයෙන් ලෞකික සැප සම්පත්ම පමණක් ලබා

පාරමිතා

  • මුල් පිටුව
  • පාරමිතා

දස පාරමිතා

සම්මා සම්බුද්ධ, පසේ බුද්ධ, අරහත් යන තුන්තරා බෝධියට පමුණුවන ලෝකෝත්තර කුසල ධර්ම දස පාරමිතා නම් වෙති. ලෞකික සැප සම්පත් පතා කරන කුසලයෙන් ලෞකික සැප සම්පත්ම පමණක් ලබා දෙනු මිස සම්බෝධියට නො පමුණුවනු ලැබේ.එ බැවින් ඒ කුසලයෝ පාරමී සංඛ්‍යාවට නො ගැනෙති. සම්බෝධිය හෝ නිවන හෝ පතා කරන කුසලයෝ පාරමී සංඛ්‍යාවට අයත් වෙති.

"දානං සීලඤ්ච නෙක්ඛම්මං - පඤ්ඤා විරියෙන පඤ්චමං ඛන්ති සච්චමධිට්ඨානං - මෙත්තුපෙක්ඛාතිමා දස"

යනුවෙන් මෙම ගාථාවේ සදහන් වන පරිදි එම දස පාරමිතා මෙසේය,

  1. දාන පාරමිතාව - වෙස්සන්තර / සිවි /සස ජාතකය
  2. ශීල පාරමිතාව- සීල විමංසා ජාතකය
  3. නෙක්ඛම්ම පාරමිතාව - මාකදේව ජාතකය
  4. ප්‍ර‍ඥා පාරමිතාව - උම්මග්ග ජාතකය
  5. වීර්‍ය්‍ය පාරමිතාව - වන්නුපත ජාතකය
  6. ක්ෂාන්ති පාරමිතාව - ක්ශාන්තිවාදී ජාතකය
  7. සත්‍ය පාරමිතාව - වට්ටක ජාතකය
  8. අධිෂ්ඨාන පාරමිතාව - තේමිය ජාතකය
  9. මෛත්‍රී පාරමිතාව - මහාකපි / මග මානවක
  10. උපේක්ෂා පාරමිතාවය (ලෝමහංස ජාතකය) යි පාරමිතා දසයෙකි. (උපුටා ගැනීම, මහාචාර්ය පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි- බෞද්ධයාගේ අත්පොත)

සය පාරමිතා

1. දාන

2. ශීල

3. ඛන්ති

4. වීර්ය

5. ධ්‍යාන

6. ප්‍රඥා

පාරමිතාවක් යනු පරිසමාප්ත කිරීමයි. බුද්ධ ධර්මයේදි පාරමිතා නම් වන්නේ යහපත් ගුණධර්ම සම්පුර්ණ කර ගැනීමයි. පාරමිතා පිරීම මඟින් තම කර්ම ප්‍රහීනකර නිර්වාණය අවබෝධ කර ගත හැක.

ථේරවාදි බුදු දහමේ දැක්වෙන පාරමිතා

ථේරවාදි බුදු දහමේ බුද්ධ වංශය, ජාතක පොත යන ග්‍රන්ථවල පාරමිතා පිළිබඳ සඳහන් වේ. එමනිසා පාරමිතා මුල් බුදු දහමේ අංගයක් ලෙස සැලකෙන නමුත් සූත්‍ර පිටකයේ පාරමිතා පිළිබඳ සඳහන් නොවීම නිසා මෙය අර්ධ මහායාන මතයක් බවට අදහසක් පවතී.

  • දාන-පරිත්‍යාගශීලිත්වය , මනසින් අත් හැරීම
  • ශීල-යහපත් හැසිරීම ,
  • නෙක්කම්ම-අභිනිෂ්ක්‍රමණය
  • ප්‍රඥා-විදර්ශනාව
  • වීර්ය-නොපසුබසින උත්සාහය
  • ඛන්ති-ඉවසීම
  • සච්ච-සත්‍යය
  • අධිට්ඨාන-අධිෂ්ඨානය
  • මෙත්තා-මෛත්‍රිය
  • උපේක්ෂාව-ශාන්තභාවය හා උපේක්ෂාව

අවසානයට සඳහන් මෙත්තා හා උපේක්ඛා සතර බ්‍රහ්ම විවරණයේද කොටසකි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 15, 2026

    විජිත දහතුන

  • අප්‍රේල් 14, 2026

    සක්කර සූත්තර

  • අප්‍රේල් 28, 2026

    රෙනේ ඩෙකාට්

  • මැයි 21, 2026

    Solar System

  • ජූනි 24, 2026

    Wikisource:On Chorea

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට