සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සිංහල අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලංකාවේ දී අලුත් අවුරුද්ද ලෙස පොදුවේ හඳුන්වන සිංහල ජනයාගේ නව අවුරුදු උදාවයි. එය විශේෂ සැමරුමක් වන අතර සිංහලයන් විසින් පමණක් නොව බහ

සිංහල අලුත් අවුරුද්ද

  • මුල් පිටුව
  • සිංහල අලුත් අවුරුද්ද

සිංහල අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලංකාවේ දී අලුත් අවුරුද්ද ලෙස පොදුවේ හඳුන්වන සිංහල ජනයාගේ නව අවුරුදු උදාවයි. එය විශේෂ සැමරුමක් වන අතර සිංහලයන් විසින් පමණක් නොව බහුතර ශ්‍රී ලාංකිකයින් විසිනුදු සමරනු ලැබේ. දකුණු සහ අග්නිදිග ආසියාවේ බොහෝ සංස්කෘතීන්ට අදාළ මෙම නව අවුරුදු සැමරුම සිංහල ජාතිකයෝ ද එකම කාල වකවානුවක දී සමරති. මෙම උත්සවයට දෙමළ අලුත් අවුරුද්ද, තායි අලුත් අවුරුද්ද, බෙංගාලි අලුත් අවුරුද්ද, කාම්බෝජ අලුත් අවුරුද්ද, ලාඕ අලුත් අවුරුද්ද, මියන්මාරයේ තිංග්යන් හා ඉන්දියාවේ ඔරියා අලුත් අවුරුද්ද උත්සවය ආදී උත්සව සමඟ සමීප සබඳතාවක් ඇත. එ දින ශ්‍රී ලංකාවේ රජයේ නිවාඩු දිනයකි. එය සාමාන්‍යයෙන් අප්‍රියෙල් මස 13 වන දින හෝ 14 දින සමරනු ලැබේ.

සිංහල අළුත් අවුරුද්ද
නිල නාමයඅළුත් අවුරුද්ද
සමරනු ලබන්නේලොව පුරා සිංහල ජනයා
වර්ගයසංස්කෘතික උත්සව
සැමරුම්ක්‍රීඩා, පවුලේ සැම එක්වීම, එක්ව ආහාර අනුභවය, නෑගම් යෑම, යැදුම්
නිරීක්ෂණසූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ නැකත
අස්වනු නෙලීමේ කාලයේ අවසානය සනිටුවහන් කිරීම
දිනයබක් මස ඇති නක්ෂත්‍ර දිනයකි.
Frequencyවාර්ෂික
Related toහිරු මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රාන්තිවීමේ උත්සව

සිංහල නක්ෂත්‍රයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ දී නව වසර උදාවෙයි. එයින් අස්වනු නෙලීමේ කාලයේ අවසානය සනිටුවහන් කිරීම ද සිදු කෙරේ. තවද ඉර රේවති නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණය වීම සිංහල අවුරුද්ද ලෙස සැලකෙන මතයක් ද තිබේ.

නැකතට සිදුකරන අලුත් අවුරුදු සිරිත්

  • අලුත් අවුරුදු උදාව
  • නව සඳ බැලීම
  • පරණ අවුරුද්දේ අවසන් ස්නානය
  • කෑම පිසීම
  • වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර ගැනීම
  • හිස තෙල් ගෑම
  • රැකියාවට පිටත්වීම
  • අවුරුදු උත්සවය පැවැත්වීම

සිංහල සහ දමිළ ජනතාව අතර ආහාර වර්ගවල, සිරිත්වල සුළු සුළු වෙනස්කම් තිබුණත් බොහෝ කලක සිට ජාතීන් දෙක එකට අලුත් අවුරුද්ද සමරා තිබේ.[තහවුරු කර නොමැත] දහතුන දාහතර පමණක් නොව ඇතැම් අවස්ථාවල දොළහ දහතුන මෙන්ම එකොළහ දොළහ වැටුණු ස්ථාන ද ඇත. එහි දී නොනගතය පෙරටත් අවුරුදු පසුවටත් යෙදෙයි.

පැරැණි ක් සිංහල ්‍රී ලංකාවේ අලුත් අවුරුද්ද ේ සැමරීමේ දී භාවිතා කර ඇත්තේ සිංහල අලුත් අවුරුදු යන යෙදුම පමණි. නමුත් මෑත ඉතිහාසයේ දී මෙම සිංහල අවුරුදු යන යෙදුමටත් දෙමළ අවුරුද්දත් බලයෙන් යොදවා ඇත. හුදෙක් ම දකුණු ඉන්දියානු ූර්ය මංගල්‍යය ෙන්ම ශ්‍රී ලාංකික දෙමළ වැසියන් සැමරීම මෙම සිංහල දෙමළ අවුරුද්ද වූවාට සැක නැත. නමුත් ඇත්ත වශයෙන්ම දේශපාලකයන්ගේ ජනතාව ගොනාටැන්ඳීමේ අරමුණු මත වර්තමානයේ සමරන්නේ සිංහල දෙමළ අවුරුද්දකි.

ආශ්‍රිත ලිපි

  • දෙමළ අලුත් අවුරුද්ද
  • සිංහල හින්දු අලුත් අවුරුද්ද
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 20, 2026

    Emergency medicine

  • අප්‍රේල් 24, 2026

    ඩබ්ලිව්. ජයසිරි

  • අප්‍රේල් 03, 2026

    අත්ලාන්තික් සාගරය

  • අප්‍රේල් 17, 2026

    Multi-party system

  • මැයි 20, 2026

    වඩුක්කොඩෙයි ප්‍රඥප්තිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට