සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

1965 වර්ෂයේ නොවැම්බර් මස දෙවෙනි දින උපත ලැබූ ෂාරුක් ඛාන් බොලිවුඩ් සිනමා සක්විති ලෙසින්ද හඳුන්වනු ලබයි. ෂාරුක් ඛාන් බොලිවුඩ් සිනමා රංගන ශිල්පි‍යෙක් වන අතරම, බොලි

ශාරුක් ඛාන්

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ෂාරුක් ඛාන්
Shahrukh interacting with the media
උපත
ෂාරුක් ඛාන්

2 නොවැම්බර් 1965 (1965-11-02) (වයස 60)
නව දිල්ලිය, ඉන්දියාව
අධ්‍යාපනයHansraj College, දිල්ලි විශ්ව විද්‍යාලය
වෘත්තියsචිත්‍රපට නළු, චිත්‍රපට නිෂ්පාදක , රූපවාහිනී සත්කාරක
සක්‍රීය වසර1988–වර්තමානය තෙක්
වල්ලභගෞරි ඛාන් (වි. 1991)
දරුවන්3
අත්සන

1965 වර්ෂයේ නොවැම්බර් මස දෙවෙනි දින උපත ලැබූ ෂාරුක් ඛාන් බොලිවුඩ් සිනමා සක්විති ලෙසින්ද හඳුන්වනු ලබයි. ෂාරුක් ඛාන් බොලිවුඩ් සිනමා රංගන ශිල්පි‍යෙක් වන අතරම, බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයෙකුද රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නකුද වේ.

ෂාරුක් ඛාන් සිය රංගන දිවිය 1980 දශ‍කයේ රූපවාහිනී වැඩසටහන් මාලාවන් අතුරින් ආරම්භ කරනු ලබනු අතර ඔහු සිය සිනමා දිවිය ආරම්භ කරනු ලබන්නේ "දීවානා" (Deewana - 1992) චිත්‍රපටියෙනි. එතැන් සිට වාණිජ සිනමාවේ වාණිජ අතින් සාර්ථක චිත්‍රපට ගණනාවක් සඳහා අග්‍රගන්‍ය මෙහෙයක් ඉටුකරමින් සිටිනු ලබන මොහු, ඔහුගේ රංගන කුසලතාවන් සඳහා විචාරක ප්‍රතිචාර රැසක් හිමිකරගෙන ඇත. මොහුගේ රංගන දිවිය තුළ ඔහු "ෆිල්ම් ෆෙයාර්" සම්මාන උළෙලේ (Filmfare Awards) සම්මාන දහතුනක් හිමිකරගෙන ඇති අතර, එයින් හතක්ම ඔහු හිමිකරගෙන ඇත්තේ "හොඳම නළුවා" අංශයෙනි.

දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ (1995), කුච් ‍කුච් ‍හෝතා හේ (1998), චක් ‍දේ ඉන්දියා (2007), ඕම් ශාන්තී ඕම් (2007) සහ රබ් නේ බනා ඩි ජෝඩී (2008) යන ඉහත කී චිත්‍රපටි ෂාරුක් ඛාන්ගේ රංගන දිවියේ අමතක නොවන සටහන් අතර අග්‍රගණ්‍ය රංගන ප්‍රතිභාවන් පෙන්නුම් කෙරෙන චිත්‍රපටි අතර වේ. එමෙන්ම කබි කුෂි කබි ගම් (2001), කල් ‍හෝ නා හෝ (2003), වීර්-සාරා 2004) සහ කබි අල්විදා නා කෙහෙනා (2006) යන ඔහු රංගන දායකත්වය දැක්වූ චිත්‍රපටි ඒ ඒ වර්ෂවලදී වැඩිම ආදායම් ඉපැයූ ඉන්දියානු චිත්‍රපටි අතර ප්‍රමුඛස්ථානයක් ගනී. 2000 වර්ෂයේ සිට ෂාරුක් ඛාන් රංගධාරියකු වශයෙන් පමණක් නොව චිත්‍රපටි නිෂ්පාදකයෙකු සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වශයෙන් කරළියට පැමිණේ. ඔහු මේ වන විට "ඩ්‍රීම්ස් අන්ලිමිටඩ්" සහ "රෙඩි චිලීස්" යන ආයතනයන් දෙකෙහි හිමිකාරත්වය දරනු ලබයි. 2008 වර්ෂයේදී නිව්ස් වීක් සඟරාව ඔහු ලොව බලවත්ම පුද්ගලයින් 50දෙනා අතරට නම් කරනු ලබයි.


මුල් ජීවිතය සහ පවුල

Shah Rukh Khan standing beside his wife Gauri at a party in 2012
ෂාරුක් ඛාන් 2012 දී සාදයකදී තම බිරිඳ ගෞරි ඛාන් සමඟ

1965දී මුස්ලිම් පතන් ජාතික දෙමාපියන්ට දාව ඉන්දියාවේ නවදිල්ලි නග‍රයේ උපත ලබන ෂාරුක් ඛාන්ගේ පියා ඉන්දියානු නිදහස වෙනුවෙන් සටන් කරන ලද නිදහස් සටන්කාමියෙකු වූ ටජ් මොහොමඩ් ඛාන් නම් වේ. ෂාරුක් ඛාන්ගේ විස්තරයට අනුකූලව, ඔහුගේ පියාගේ සීයා ඇෆ්ගන් ජාතිකයෙකු වේ. ‍සුභාෂ් චන්ද්‍රබෝෂ්ගේ ඉන්දියානු ජාතික හමුදාවේ ජංජුවා රාජ්පුත් සංවිධානයේ මේජර් ජනරාල් වරයෙකු වූ ෂවාස් නවාස් ඛාන් විසින් හදා වඩා ගත් දියණියක වන ලතීෆ් ෆාතිමා, ෂාරුක් ඛාන්ගේ මෑණියන් වේ. ෂාරුක් ඛාන්ගේ පියා ඉන්දියාව වෙන් කිරීමට පෙර පෙෂ්වාර්හී, ක්වීසා ඛවානි බසාර් ප්‍රදේශයෙන් නව දිල්ලියට පැමිණියකු වන අතර. මව රාවල්පිණ්ඩි ප්‍රදේශයේ ජීවත් වන්නියක් විය. ෂාරුක් ඛාන්ගේ වැඩිමහල් සොහොයුරියගේ නම ෂෙනාස් නම් වේ.

ක්‍රීඩා, නාට්‍ය හා අධ්‍යාපන යන ක්ෂේත්‍ර තුනෙන්ම සිය පාසල් දිවියේ දස්කම් පෑ ෂාරුක් ඛාන්ගේ මුල් පාසල වූ‍යේ ශාන්ත කොලුම්බා පාසලයි. පාසල නියෝජනය කරමින් පාසලේ ගෞරවය වෙනුවෙන් කැපවන පාසල් ශිෂ්‍යයෙකුට වාර්ෂිකව ලබා දෙනු ලබන ගෞරවනීය අසිපත සම්මානය ඔහු එම පාසලේ අධ්‍යාපනය ලබද්දී හිමි කරගැනීමට සමත් විය.

ෂාරුක් ඛාන් ඉන්පසු, හන්සරාජ් විද්‍යාලයට (1985-1988) ඇතුළත් වන අතර ආර්ථික විද්‍යා උපාධිය හිමිකරගනු ලබන අතර ඒත් සමඟම ජමියා මිලියා ඉස්ලාමියා විද්‍යාලයෙන් ජන සන්නිවේදන අංශයෙන් උසස් උපාධිය හිමි කරගනී. ඉන් අනතුරුව ඔහු සිය බොලිවුඩ් රංගනශිල්පියෙකු වශයෙන් කලා දිවිය අරඹනු ලබයි.

සිය දෙමව්පියන්ගේ මරණයෙන් අනතුරුව ෂාරුක් ඛාන් 1991 වර්ෂයේදී මුම්බායි නගරයට පැමිණෙයි. එම වසරේදීම, ඔහු ඔහුගේ කිසිදු චිත්‍රපටියක් නිකුත් වීමටද පෙර හින්දු ජාතික ගෞරී චිබ්බර්ව සම්ප්‍රදායික හින්දු විවාහ උත්සවයක් සමඟින් 1991 ඔක්තෝබර් 25වෙනි දින විවාහ කරගනු ලබන අතර, ඔහු පුත් ආර්යන් (උ: 1997) සහ දියණිය සුහානාගේ (උ: 2000) පිය පදවිය ලබයි. දැඩි අල්ලාහ් දේව භක්තිකයෙකු වන ෂාරුක් ඛාන් සිය බිරිඳගේ ආගමික විශ්වාසයටද ගරු කරයි. නිවසේදී, ඔහුගේ දරු දෙදෙනා එක ළඟ තබනු ලැබූ කුරානය හා හින්දු දෙවියන් සමඟින් ඉස්ලාම් ආගම හා හින්දු ආගම යන ආගම් දෙකම අදහයි.

2005 වර්ෂයේදී, නස්රීන් මුනි කබීර් විසින් ෂාරුක් ඛාන්ගේ ජීවන චරිතය අළලා 2004 ටෙම්ප්ටේෂර් සංදර්ශන චාරිකාවද උපයෝගී කරගනිමින් දි ඉනර් ඇන්ඩ් අවුටර් වර්ල්ඩ් ඔෆ් ෂාරුක් ඛාන් (ෂාරුක් ඛාන්ගේ පිටත හා ඇතුළත ලෝකය) නමින් වාර්තාමය චිත්‍රපටියක් කොටස් දෙකකින් යුතුව නිර්මාණය කරනු ලබයි. ෂාරුක් ඛාන්ගේ ඇතුළත ලෝකය ලෙසින් ඔහුගේ බිරිඳ හා දරුවන් ලෙසත්, පිටත ලෝකය ලෙස ඔහුගේ රංග කලා වැඩකටයුතුද එම වාර්තාමය චිත්‍රපටිය හරහා ලෝකයා වෙත ‍විවෘත කරන ලදී. ෂාරුක් ඛාන්ගේ පවුල් ජීවිතය අළලා ලියැවුනු ස්ටිල් රීඩිං ඛාන් පොත 2006 වසරේදී වෙළඳපොළ වෙත නිකුත්විය. එම පොතේ කර්තෘ වන අනුපම් චොප්රාගේම තවත් පොතක් වන කින්ග් ඔෆ් බොලිවුඩ්: ෂාරුක් ඛාන් ඇන්ඩ් ද සිඩක්ටිව් වර්ල්ඩ් ඔෆ් ඉන්දියන් සිනෙමා (බොලිවුඩ් පුරවරයේ රජු: ෂාරුක් ඛාන් සහ චිත්තාකර්ශනීය ඉන්දියානු සිනමාව) යන පොත 2007 වර්ෂයේ නිකුත් විය. ‍ෂාරුක් ඛාන්ගේ ජීවිතය හරහා බොලිවුඩ් පුරවරය අත්විදීම යන අර්ථයෙන් එම පොත ලියැවී තිබිණ.

ෂාරුක් ඛාන් වර්තමානය වන විට විවිධ වූ සම්මානයට පාත්‍ර වී ඇත. පද්ම ශ්‍රී සම්මානයෙන් ඉන්දියාවේ සිව්වැනි පුරවැසියා සම්මානයෙන් ඉන්දීය ආණ්ඩුව ෂාරුක් ඛාන් වෙත සිය සම්මාන පුදකරන ලද්දේ වර්ෂ 2005දී ය. 2007 වර්ෂයේදී, ඉටිවලින් නිමැවුනු ඔහුගේ අනුරුවක් මැඩම් ටුසෑඩ් ඉටි රූ කෞතුකාගාරයේ ස්ථාපනය කරන ලදී. තවත් ඉටි අනුරුවක් පැරීසියේ Musée Grévin හිදී එම වසරේදීම ස්ථාපනය කරන ලදී. 2009 වසරේදී ඔහු බෙඩ්ෆෝෂයර් විශ්වවිද්‍යාලයෙන් කලාව හා සංස්කෘතිය පිළිබඳ ගෞරව උපාධියක් හිමි කරගන්නා ලදී.

රංගන වෘත්තිය

1988-1992: රූපවාහිනිය සහ චිත්‍රපට රංගනය

ඛාන්ගේ පළමු චරිතය රඟපෑවේ 1988 දී රූගත කිරීම් ආරම්භ කළ ලේක් ටැන්ඩන්ගේ රූපවාහිනී කතා මාලාවේ දිල් දාරියා චිත්‍රපටයේ ය. එහෙත් නිෂ්පාදන ප්‍රමාදයන් නිසා රාජ් කුමාර් කපූර් විසින් අධ්‍යක්ෂණය කරන ලද 1989 කතා මාලාව ෆවුජි ඔහුගේ රූපවාහිනී රංගනය බවට පත්විය.

1993-1994: ප්‍රති-වීරයා

1993 දී නිකුත් කළ චිත්‍රපට අතර ඛාන් බොක්ස් ඔෆිස් වාර්තා දෙකක ජනප්‍රිය චරිත නිරූපණය කිරීම සඳහා වඩාත්ම අගය කොට සලකනු ලැබීය.

1995-1998: ආදර භූමිකාවන්

Shah Rukh Khan hugs Kajol
ඛාන් 2014 දී සම-නළු කාජල් සමඟ සති 1000 ක් අඛණ්ඩව ඔවුන්ගේ දිල්වලේ දුල්හානියා ලේ ජයෙන්ගේචිත්‍රපටය ප්‍රදර්ශනය කළේය.

1995 දී ඛාන් චිත්‍රපට හතකට රංගනයෙන් දායක වූ අතර, ඉන් පළමුවැන්න රාකේෂ් රොෂාන් ගේ තනු නිර්මාණය කළ කරන් අර්ජුන් ය.

1999-2003: වෘත්තීය අභියෝග

2004-2009: නැවත නැඟිටීම

2010–2014: මගේ නම ඛාන් සහ ක්‍රියාදාමයට හා හාස්‍යයට ව්‍යාප්ත වීම

2015 - වර්තමානය: වෘත්තීය උච්චාවචනයන්

වෙනත් වැඩ

චිත්‍රපට නිෂ්පාදනය සහ රූපවාහිනී සත්කාරකත්වය

වේදිකා කාර්ය සාධනය

අයිපීඑල් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකාරිත්වය

2008 දී ඛාන්, ජුහි චව්ලා සහ ඇගේ සැමියා වන ජේ මේතා සමඟ එක්ව, විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියානු ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 75.09 කට කොල්කටා නියෝජනය කරන ඡන්ද බලය සඳහා හිමිකාරිත්වය අත්පත් කර ගත් අතර කණ්ඩායම කොල්කටා නයිට් රයිඩර්ස් (කේකේආර්) ලෙස නම් කළේය.

මාධ්‍ය තුළ

ෂාරුක් ඛාන්ට ඉන්දියාවේ සැලකිය යුතු මාධ්‍ය ආවරණයක් ලැබෙන අතර එය බොහෝ විට හැඳින්වෙන්නේ "කිං ඛාන්", "බොලිවුඩයේ බාඩ්ෂා" හෝ "බොලිවුඩයේ රජ" යනුවෙනි.

සම්මාන හා පිළිගැනීම්

ඛාන් යනු බොලිවුඩයේ වඩාත් අලංකාර නළුවෙකි.ඔහුට නාම යෝජනා 30 කින් ෆිල්ම් ෆෙයාර් සම්මාන 14 ක් සහ විශේෂ සම්මාන 281 ලැබී ඇත.

සිනමා වෘත්තිය

සිනමා දිවිය

Actor

වර්ෂය චිත්‍රපටිය චරිත විශේෂ සටහන්
1992දීවානාරාජා සහායිජයග්‍රාහක, ෆිල්ම්ෆෙයාර් හොඳම ආධුනික නළු සම්මානය
ඉඩියට්පවන් රඝුජාන්
චමත්කාර්සුන්දර් ශ්‍රීවාස්තව්
රාජු බන් ගයා ජෙන්ට්ල්මන්රාජු (රාජ් මාථූර්)
දිල් ආශ්නා හේ' කරන්
1993මායා මෙම්සාභ්ලලිත් කුමාර්
කින්ග් අන්කල්අනිල් භන්සාල්
භාසිගර්අජේ ශර්මා/විකී මල්හෝත්‍රාජයග්‍රාහක, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
ධර්රාහුල් මෙහ්රානිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම දුෂ්ටයා සම්මානය
කබි හා කබි නාසුනිල්ජයග්‍රාහක, ෆිල්ම්ෆෙයාර් හොඳම රංගනය වෙනුවෙන් හිමිවන විචාරක සම්මානය
නිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
1994අංජාම්Vijay AgnihotriWinner, Filmfare Best Villain Award
1995කරන් අර්ජුන්Arjun Singh/Vijay
Zamana DeewanaRahul Malhotra
ගුඩ්ඩGuddu Bahadur
Oh Darling! Yeh Hai IndiaHero
දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේRaj Malhotraජයග්‍රාහක, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
Ram JaaneRam Jaane
Trimurti Romi Singh
1996English Babu Desi MemVikram/Hari/Gopal Mayur
ChaahatRoop Rathore
Army Arjunආරාධිත රංගනය
Dushman Duniya KaBadru
1997Gudgudeeආරාධිත රංගනය
KoylaShankar
යස් බොස්Rahul Joshiනිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
Pardes Arjun Saagar
දිල් තො පාගල් හේ Rahulජයග්‍රාහක, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
1998Duplicate Bablu Chaudhry/Manu DadaNominated, Filmfare Best Villain Award
AchanakHimselfආරාධිත රංගනය
දිල් සේAmarkant Varma
කුච් කුච් හෝතා ‍හේRahul Khannaජයග්‍රාහක, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
1999BaadshahRaj Heera/BaadshahNominated, Filmfare Best Comedian Award
2000Phir Bhi Dil Hai HindustaniAjay Bakshi
හෙ රාම්Amjad Ali Khan
Josh Max
Har Dil Jo Pyar KaregaRahulආරාධිත රංගනය
MohabbateinRaj Aryan MalhotraWinner, Filmfare Critics Award for Best Performance
නිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
ගජ ගාමිණිHimselfආරාධිත රංගනය
2001One 2 Ka 4Arun Verma
Asoka Asoka
Kabhi Khushi Kabhie GhamRahul Raichandනිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
2002Hum Tumhare Hain SanamGopal
දේව්දාස් දේව්දාස් මුකර්ජීජයග්‍රාහක, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
Shakti: The Power Jaisinghආරාධිත රංගනය
SaathiyaYeshwant RaoCameo
2003Chalte Chalte Raj Mathur
කල් හෝ නා හෝAman Mathurනිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
2004Yeh Lamhe Judaai Ke Dushant
MEIN HOON NAMaj. Ram Prasad Sharmaනිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
වීර්-සාරාVeer Pratap Singhනිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
ස්වදේශ්Mohan Bhargavaජයග්‍රාහක, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
2005Kuch Meetha Ho JaayeHimselfආරාධිත රංගනය
Kaal කාල් ධමාල් ගීතය සඳහා ආරාධිත රංගනය
සිල්සිලාSutradharජබ් ජබ් දිම් මිලේ ගීතය සඳහා ආරාධිත රංගනය
පහේලීKishenlal/The Ghost
The Inner and Outer World of Shah Rukh KhanHimself (Biopic)Documentary directed by British-based author and director Nasreen Munni Kabir
2006AlagSpecial appearance in song Sabse Alag
කබි අල්විදා නා කෙහෙනාDev Saranනිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
Don - The Chase Begins AgainVijay/DonAsian Film Award for Best Actor
අයි සී යූසුබා සුබා ගීතය සඳහා ආරාධිත රංගනය
2007Chak De IndiaKabir Khanජයග්‍රාහක, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
Heyy BabyyRaj Malhotraමස්ත් කලන්දර් ගීතය සඳහා ආරාධිත රංගනය
ඕම් ශාන්තී ඕම් Om Prakash Makhija/Om Kapoorනිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
2008Krazzy 4බ්‍රේක් ෆ්‍රී ගීතය සඳහා ආරාධිත රංගනය
BhoothnathAditya Sharmaආරාධිත රංගනය
රබ් නේ බනා ඩි ජෝඩීසුරින්දර් සාහ්නි/රාජ්නිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
2009ලක් බයි චාන්ස්Himselfආරාධිත රංගනය
බිල්ලුSahir Khan
Dulha Mil GayaPost-production"Dulha Mil Gaya nearing completion".
2010මයි නේම් ඉස් ඛාන්Rizwan KhanFilming
Koochie Koochie Hota HainRockyFilming
ඉහළට