සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ජර්නි ටු ද වෙස්ට් යනු චීන රූපවාහිනී කතාමාලාවක් වන අතර එය එම නාමයම ඇති නවකථාව ආශ්‍රයෙන් නිර්මාණය කර ඇත. මෙම කතාමාලාව අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය සිදුකරන ලද්දේ චෙං ලි

මහා වානර

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ජර්නි ට ද වෙස්ට්
ප්‍රවර්ධන පෝස්ටරයක්
ප්‍රභේදයචීන මිත්‍යා, ෆැන්ටසි, ක්‍රියාදාම
රචනය කලේවු චෙං'එන් (මුල් කථාව)
සෑං පින්ග්සි
අධ්‍යක්ෂණය කලේචෙං ලිදොං
ඉදිරිපත් කළේචෙං ලිදොං
රඟපෑමෆෙයි ෂෙන්ෂීයෑං
වික්ටර් චෙන්
ෂියේ නිං
මෝවු ‍ෆෙංබින්
ඇරඹුම් තේමාවටා ගේ ෂි ෂිං (踏歌西行) ගායනය ටෙංගර් විසිනි
අවසන් තේමාව1. වෝ ෂින් බු බියෑන් (我心不变) ගායනය ටෑන් ජිං විසිනි
2. ෂි යූ ගේ (西游歌) ගායනය ෆෙයි ෂෙන්ෂියෑං, වික්ටර් චෙන්, ෂියේ නිං සහ මෝවු ෆෙංබින් විසිනි
සම්භව රටචීනය
භාෂාව(න්)මැන්ඩරින්
කථාංග ගණන52
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)චෙං ලිදොං
ස්ථානය(න්)චීනය
ධාවන කාලයකථාංගයකට මිනිත්තු 45
ප්‍රචාරණය
මුල් නාලිකාවෂෙජියෑං සැටලයිට් TV
පළමුව ප්‍රදර්ශනය කෙරුණේ2010 පෙබරවාරි 14
ජර්නි ටු ද වෙස්ට්
සම්ප්‍රදායික චීන西遊記
සරලීකෘත චීන අක්ෂර西游记

ජර්නි ටු ද වෙස්ට් යනු චීන රූපවාහිනී කතාමාලාවක් වන අතර එය එම නාමයම ඇති නවකථාව ආශ්‍රයෙන් නිර්මාණය කර ඇත. මෙම කතාමාලාව අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය සිදුකරන ලද්දේ චෙං ලිදොං විසිනි. ෂෙන්ෂියෑං, වික්ටර් චෙන්, ෂියේ නිං සහ මෝවු ෆෙන්බින් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරයි. මෙය පළමුවරට චීනයේ ෂෙජියෑං සැටලයිට් ටීවී (ZJSTV) නාළිකාව මගින් 2010 පෙබරවාරි 14 දින විකාශය කරන ලදී. මෙම කතාමාලාව ෂෑං ජිෂොං විසින් නිෂ්පාදනය කොට 2011දී විකාශය කළ එම නාමයම ඇති කතාමාලාව සමග වරදවා වටහා නොගත යුතු ය.

කථාංග ලැයිස්තුව

# මාතෘකාවේ දළ පරිවර්තනය (සිංහලෙන්) නියම මාතෘකාව (චීන බසින්)
1වානර රජුගේ උපත猴王初问世
2මල් ඵල බර කන්දේ සහෝදරත්ව දිවුරුම花果山结义
3අශ්ව පාලක ලෙස පත්කිරීම官封弼马温
4පීච් උයනේ ආරක්ෂකයා看守蟠桃园
5මහා පඬිවරයාගේ දිව්‍ය මාලිගයේ සංහාරය大圣闹天宫
6අර්ලෑං ෂෙන් සමග යුධවැදීම大战二郎神
7යක්ෂ වානරයාට ජේඩ් අධිරජු දඬුවම් පවුණුවයි玉帝斩妖猴
8පංච මූලධාතු කන්දේ සිරකිරීම困囚五行山
9වානර රජු, ටෑං සන්ෂැංගේ පරිවාරකයෙක් බවට පත් වෙයි猴王保唐僧
10ගුවෑන්යින් විහාරයේ ගැටලුව祸起观音院
11කළු සුළං කන්දේ යක්ෂයින් වැනසීම黑风洞除妖
12උපායයක් මගින් ෂු බැජී මැඬපැවැත්වීම计收猪八戒
13යුහු වැලි ගංගාවේදී ශිෂ්‍යයකු ලැබීම流沙河收徒
14සිව් ප්‍රඥාවන්තයන්ගේ ශ්‍රද්ධා පරීක්ෂාව四圣试禅心
15සුදු අස්ථි යක්ෂයින් සමග යුද්ධ ත්‍රිත්වය三打白骨精
16සුදු අස්ථි ගුහාවේ අනතුරෙන් බේරීම白骨洞脱险
17දක්ෂ ලෙස පොළඹවන වානර රජ智激美猴王
18සුදු පක්ෂිය අමරණීයත්වයට පත් වේ白鸟化成仙
19නෙළුම් ගුයාවේ වස්තුව සොරකම් කිරීම夺宝莲花洞
20බුද්ධිය මගින් රන් සහ රිදී අං පැරදවීම智胜金银角
21රතු කොල්ලා සමග සටන大战红孩儿
22රක්ත කැකුළු රජු දමනය巧收红缨王
23සැන්ක්විං විහාරයේ ඉගැන්වීම大闹三清观
24චෙචි රාජධානියේදී මායාවන් භාවිතය施法车迟国
25මායා පරීක්ෂණයකින් තුන් අසුරයින් වැනසීම斗法降三妖
26දෙව්ලොව ගලන ගඟට හිම කුණාටුවෙන් බාධා වීම雪阻通天河
27ලා නිල් ගව අසුරයා මුණගැසීම贪遇青牛精
28ලා නිල් ගව අසුරයා සමග දිව්‍ය හමුදා සටන天兵战青牛
29කාන්තාවන්ගේ දේශයේ දී සතුට ලැබීම趣经女儿国
30ෂිමු ගංගාවේ රුධිර ස්නානය血染子母河
31ගඟට කන්නලව් කිරීම沉江祭河水
32යෝධ ගෝනුස්සා සමග ශිෂ්‍යයන් තිදෙනා සටන三徒战巨蝎
33කෝපයෙන් අවජාතක පුත්‍රයාට පහර දීම怒打不孝子
34සැබෑ සහ ව්‍යාජ වානර රජ真假美猴王
35පාතාල කන්දේ දුෂ්කර තරණය难过火焰山
36කපටිකමින් යුතුව තාල අවාන ගැනීම智取芭蕉扇
37ගව අසුර රජු සමග සටන් වැදීම大战牛魔王
38සමාධි ගින්න නිවීම扑灭三昧火
39අත්වැරදීමකින් කුඩා ලෙයින් විහාරයට ඇතුළු වීම误入小雷音
40අනතුරකින් මකුළු ගුහාව තුළට වැටීම错坠盘丝洞
41උපායයකින් කුස තුළ ඇති මුතු ලබාගැනීම计得腹中珠
42අඳුරු මගට රන් කිරණ වැටීම金光堕邪渊
43අසුරයින් හමුවීම සහ දමනය කිරීම降魔遇群妖
44සිංහ ඔටු කඳුවැටියේ අවහිරය险阻狮驼岭
45අසුර දමනයට බුදුන් වහන්සේ උපකාර කිරීම佛祖助降妖
46අත්වැරදීමකින් සුදු මීයා බේරාගැනීම错救白毛鼠
47පතුළ නැති වළට ඇතුළු වීම深入无底洞
48ඉන්දියාවේ සහසිද්ධිමය මුණගැසීම天竺蹊跷事
49ජේඩ් හාවා හඳුනාගැනීම识破玉兔精
50ආරවුලක් විසඳීම干戈化玉帛
51ගිජුලිහිණි කුළ වෙත පැමිණීම辛苦到灵山
52පාරාදීසයේ භූමිය波生极乐天

චරිත නිරූපණය

ප්‍රධාන චරිත

  • ෆෙයි ෂෙන්ෂයෑං, සුන් වුකොං ලෙස
  • වික්ටර් චෙන්, ටෑං සන්සැං ලෙස, රන් රැහැයියා
  • ෂියේ නිං, ෂු බජී ලෙස
  • මෝවු ෆෙංබින්, ෂා වුජිං ලෙස

සෙසු චරිත

වැදගත්: ඇතැම් නළුවන් චරිත කිහිපයක්ම රඟපා ඇත.
  • සසිලියා හන්, සුදු අස්ථි රාක්ෂසිය ලෙස, සුදු පක්ෂි රාක්ෂසිය/ පියෑන් පියෑන් ලෙස
  • ජොඈන් චෙන්, ගැවෑන්යින් ලෙස
  • ටෑං ගුඔක්වියැං, ජේඩ් අධිරාජයා ලෙස
  • වං ලයික්, ලා නිල් මකර අසුර රජු (ක්විංලිං) ලෙස, කාන්තාවන්ගේ රාජධානියේ පාලකයා ලෙස
  • ලියු ජියා, බටහිර මව්බිසව ලෙස, වැන්දඹු ස්ත්‍රියක ලෙස
  • ෆෑන් ෂික්වි, ටයිෂෑං ලුවෝජුන් ලෙස
  • ෂු යැන්ෆෙයි, බුදුන් වහන්සේ ලෙස
  • සේ යු, ටායිබායි ජින්ෂිං ලෙස
  • එඩී ක්වාන්, ලි ජිං ලෙස
  • කාඕ ෂිවෙන්, ගාඕ කුයිලෑන් ලෙස
  • යින් ෂ්‍යාඕටියෑන්, අර්ලෑං ‍ෂෙන් ලෙස
  • විවියන් චෙන්, ඉන්දියාවේ කුමරිය ලෙස, ජේඩ් හාවා ලෙස, සුවේ ලෙස
  • ෂු හුවෑන්ෂෑන්, සුභූති ලෙස
  • චෙං ලිදොං, ක්සිතිගර්භා ලෙස
  • දොං මෙං, ගව අසුර රජු ලෙස
  • යු නා, සුදු මීයා ලෙස
  • වු මා, ජින්චි මහල්ලා ලෙස
  • ලෝවු ක්වි, ගාඕ කායි ලෙස
  • ෂු යොංටෙං, ටෑංහි ටයිෂොං අධිරාජයා ලෙස
  • වං ෂුවායි, සුදු මකර අශ්වයා ලෙස
  • ෂ්‍යාඕහෙයි, නේෂා ලෙස
  • කිරා ලු, ජේඩ් සා සුරඟන ලෙස
  • ගුවෝ ෂ්‍යාඕවෙයි, තනි අඟැති රජු ලෙස
  • හේ ජියෑන්සේ, ටියෑන්යින් කුමරු ලෙස
  • මියාඕ හයිෂොං, සෙන්පති ටියෑන්පෙං ලෙස
  • ගියු යිං, චෑං'ඊ ලෙස
  • චෙන් සිහන්, මෛත්‍රෙය ලෙස
  • ෂෑං ක්වි, ආත්ම ස්පර්ශ ර‍ජු ලෙස
  • හන් දොං, ජිංගුවෑං පූජකයා ලෙස
  • ඩයනා පැං, බඔෂු ලෙස
  • ක්වියු යේ, සිසි ලෙස
  • යින් ෂුවෝ, මැයෑන්සි ලෙස
  • ෂුවේ ජියාවෙන්, ෂියාඕක්විං ලෙස, සුරඟනක් ලෙස
  • ලු ෂුවෙටිං, ෂියාඕහොං ලෙස,  සුරඟනක් ලෙස
  • යු ජුවෑන්, ෂියාශ්හුවා ලෙස, සුරඟනක් ලෙස
  • ජියෑං ෆෙයෑන්, ෂියාඕගාඕ ලෙස
  • ෂුඕ ෂියැනැන්, මංජුශ්‍රී ලෙස, ආයි'ආයි ලෙස
  • ගු ෂියාඕ, සමන්තභද්‍ර ලෙස
  • ෂෑං-යැං ගුවෝයර්, මහාස්ථමප්‍රාප්ත ලෙස
  • මෙං යැන්සෙන්, ගල් වඳුරා ලෙස, රතු කොල්ලා ලෙස, ෂැංකායි ලෙස
  • යැන් හොංඩිං, අපාන් ලෙස
  • සුන් හාඕ, ආනන්ද ලෙස, ගිනි තරුව ලෙස
  • සුන් ක්වියෑං, මහාකාශ්‍යප ලෙස, රන් අඟැති රජු ලෙස
  • ලියු ටියෑන්යුඒ, ෂෙන්ෂෙන් ලෙස
  • ලු ජියෙයුන්, ලියෑන්ලියෑන් ලෙස
  • හොං ෂිබින්, සුන් ෂියාඕෂියාඕ ලෙස
  • වු ටොංයු, හුයි’ආන් ලෙස
  • ෂෑං බයිජුන්, ගාඕ ආරක්ෂකයා ලෙස
  • ෂු සොංසි, ආරක්ෂක ගාඕගේ බිරිඳ ලෙස
  • ගාඕ ජුන්බාඕ, ආරක්ෂකයකු ලෙස, ජිංගුවෑං ආරාමයේ ආශ්‍රමාධිපති ලෙස
  • දායි චුන්රොං, කාන්තාවන්ගේ රාජධානියේ රාජකීය ගුරුවරයා ලෙස
  • චෞ ෂියා, කාන්තාවන්ගේ රාජධානියේ රාජකීය උපදේශක ලෙස
  • ෆෙං සොංසොං, පිපා රාක්ෂසිය ලෙස
  • මු ෂින්ටොං, කාන්තාවන්ගේ රාජධානියේ සෙන්පති ලෙස
  • මු ක්විටොං, කාන්තාවන්ගේ රාජධානියේ ආරක්ෂකයා ලෙස
  • ෂු ෆෙයිෆෙයි, කාන්තාවන්ගේ රාජධානියේ මහලු කාන්තාව ලෙස
  • ෂෑං ෂොංනිං, පිලන්පෝ බෝධිසත්ත්ව ලෙස
  • චෞ ජිවෙයි, කළු වලස් අසුරයා ලෙස
  • ලි බාඕලොං, මහී දේවතාවා ලෙස, බහු අත් ඇති වානරයා ලෙස, ෂිබා ගොං ලෙස
  • ෂෑං මිංමිං, සුදු ලෝගුව ඇඳි විද්වතා ලෙස
  • චෞ හඕදොං, කොවු ආරක්ෂකයා ලෙස
  • ලියු ෂිෆෙයි, යාඕ ආර්යාව ලෙස
  • ලි ගුවෑන්ජුන්, වානර රජු ලෙස
  • සුන් යැන්බින්, වානර රැජින ලෙස
  • වැං ගැං, චෙචිහි රජු ලෙස
  • ෂි ජපු, චෙචිහි රාජකීය උපදේශක ලෙස
  • හොවු ජියේ, ව්‍යාඝ්‍ර බලැති අමරණීයයා ලෙස, යම රජු ලෙස
  • ටියෑන් ලිචෙං, ගෝන බලැති අමරණීයයා ලෙස
  • යැං ජුන්, ඇන්ටිලෝප් බලැති අමරණීයයා ලෙස
  • චෞ ෂොං, කහ බෑවුම් ලෙස, අකුණු අධිපති ලෙස
  • චෙන් රොංවෙයි, රිදී අඟැති රජු ලෙස, ජුලිං ෂෙන් ලෙස
  • යින් යූටිං, සූක්ෂ්ම භූතයා ලෙස, ග්වාංමූ ලෙස, කඳු දේවතාවා ලෙස, පණිවිඩ කාර්යාලයේ ප්‍රධානියා ලෙස
  • වැං-යැං ෂියාඕහන්, කවට මකුණා ලෙස, මෝ ලිහොං ලෙස
  • ෆෙං ෂියාඕක්වින්, දුෂ්ට මිත්තණිය ලෙස
  • හන් යින්ලොං, නැගෙනහිර මුහුදේ මකර රජු ලෙස
  • ෂු ෂියාඕමිං, උතුරු මුහුදේ මකර රජු ලෙස
  • චෙන් චාඕ, දකුණු මුහුදේ මකර රජු ලෙස, තනි අඇති යක්ෂ රජු ලෙස
  • ටෑං ගැං, බටහිර මුහුදේ මකර රජු ලෙස, ලා නිල් සිංහ රජු ලෙස
  • ලියු ෆෙං, කහ දත් ඇති අලියා ලෙස, සර්ප සෙන්පති ලෙස
  • ෂු ජියෑංහුවා, මහා පෙං අසුරයා ලෙස, බෝට්ටුකරු ලෙස
  • හන් බෝ, මෝ ලික්විං ලෙස, කාං සෙන්පති ලෙස
  • ෂෑං සේ, මෝ ලිහායි ලෙස, පැටලලි සහගත අසුර රජු ලෙස, ගුවැංෂි ලෙස
  • ෂියේ සොංචෙන්, මෝ ලිෂූ ලෙස, ලොම් හිස් තරුව ලෙස
  • මෙං ෂිචෙං, ෂියාඕහුවාන්ෆෙං ලෙස
  • වුන් බින්, ජිරුහුවෝ ලෙස
  • ලුඕ ලයිහෙං, කුවායිරුෆෙං ලෙස
  • යැන් රුයිපෙං, අමරණීය රුයි ලෙස
  • ලි ජුන්, පූජකයා ලෙස
  • චෞ මින්ග්යෑං, ලියු බොක්වින් ලෙස, අරහත් ෆුහු ලෙස, මීදුමේ මිනිසා ලෙස
  • ටියෑව් ෂිපිං, පාවහන් නොපැළැඳි අමරණීයයා ලෙස
  • ෂෑං හැයිපිං, ෂු ජින්යෑං ලෙස
  • ලූ වැංක්විං, පිරිමි දරුවා ලෙස
  • ෂෙන් යේජුන්, ගුවෑංයි ලෙස, ෂුයි බෝ ලෙස
  • ලි නා, සුරඟනක් ලෙස, බාඔෂියෑංහි දියා ලෙස
  • ලියු චෞ, සුරඟනක් ලෙස
  • ගුඕ ජින්යිං, සුරඟනක් ලෙස, යකඩ අවානැති කුමරියගේ සේවකයා ලෙස, අකුණුගේ මව ලෙස
  • කාඕ යුවෑන්යුවෑන්, සුරඟනක් ලෙස
  • ලි ෂෙංග්රොං, බාඕෂියෑංහි රජු ලෙස
  • ලි යුලින්, බාඕෂියෑංහි රැජින ලෙස
  • යේ එර්ජියෑං, ඉන්දියාවේ රජු ලෙස
  • ෂාඕ නා, ඉන්දියාවේ රැජින ලෙස
  • ෆැං චෙන්හුවා, රන්වන් ආලෝක ද්වාරය ලෙස
  • ෂියේ රුයිලියෑං, රිදී හිසැති ද්වාරය ලෙස
  • චෞ ෂින්, කොට්ටම් අමරණීයයා ලෙස
  • ජියෑං ෂුයිං, මකර දැරිය ලෙස
  • රෙන් ෂුවේහායි, ලිංජි බෝධිසත්ත්ව ලෙස
  • ලියු චාඕ, පුල්ලි මත්ස්‍යයා ලෙස
  • වං යි, ජේඩ් මුහුණැති නරි දෙන ලෙස
  • ක්වි ෂෙංලින්, චෙන් ක්විං ලෙස
  • යු ෂිකුවෑන්, චෙන් චෙං ලෙස
  • චෞ ෂුවෑන්, යිපෙංජින් ලෙස
  • චෞ ජියා'නැන්, චෙන් ගුවැන්බාඕ ලෙස
  • සුන් ජියාලි, ළමා යිපෙංජින් ලෙස
  • ලියු ෂි, යකඩ අවානැති කුමරිය ලෙස
  • ෆෙං ජියාඕ, යකඩ අවානැති කුමරියගේ සේවකයා ලෙස
  • වෙයි සි, කැස්බෑ සෙන්පති ලෙස
  • යාඕ ෂියාඕලොං, ‍ගෙලෙහි රන් මකරා ලෙස
  • ෂෙන් ෂූහි, දීපංකර බුදුන් වහන්සේ ලෙස
  • වැං ජිචාඕ, දැවෙන කන්දේ භූමි දේවතාවා ලෙස, අරහත් ෂියෑංලොං ලෙස
  • ආන් රුයියුන්, චෙන්හැයි ආශ්‍රමයේ අධිපති ලෙස, අමරණීය ජින්දිං ලෙස
  • යැං ලෙයි, ෂිටුවෝහි රජු ලෙස
  • ෂෑං චාඕ, ෂෑං සෙන්පති ලෙස
  • ජියා ලියෑන්ක්වියැං, යාඕ සෙන්පති ලෙස
  • ෂෑං යැං, ලි සෙන්පති ලෙස
  • ලි ක්විංෂි, ගුවෝ ෂෙන් ලෙස
  • සොං යුජියාඕ, සිජියෑන් ලෙස
  • ෆු ටියැන්වු, විනිසුරු ලෙස
  • වැං ෆෙං, ගව හිසැති ආරක්ෂක ලෙස
  • ෂුයි ජියාජුන්, අශ්ව හිසැති ආරක්ෂක ලෙස
  • ෂෑං ෂුවෑන්, ඉස්තාලය බලාගන්නා ලෙස
  • ලි සොංෂියෑන්, ඉස්තාලය බලාගන්නා ලෙස
  • ෂි චෙන්ෆෙයි, කුඩා ෂෑං කිරුළහිමි කුමරු ලෙස
  • ෂාඕ ෂෙන්ඩොං, කහ වස්ත්‍රය ඇඳි සොරා ලෙස
  • මාඕ ජියෑන්පිං, සුළං මිත්තණිය ලෙස
  • චෙං ජියෑන්ෆැන්, වලාකුළු තල්ලු කළ දරුවා ලෙස

විස්තරාත්මක ගී ලැයිස්තුව

  • ටැගේ ෂිෂිං (踏歌西行; බටහිර වෙත ගමනේදී ගැයුම), ආරම්භක තේමා ගීතයයි. මෙය ගායනය කරන්නේ ටෙංගර් විසිනි.
  • වෝ ෂින් බු බියෑන් (我心不变; මගේ හද නොවෙනස් ය), අවසන් තේමා ගීතය, ගායනය ටෑන් ජිං විසිනි.
  • ෂි යූ ගේ (西游歌; බටහිර වෙත ගමනේ ගීතයක්), විකල්ප අවසන් තේමා ගීතයකි, ගායනය ෆෙයි ෂෙන්ෂියෑං, වික්ටර් චෙන්, ෂියේ නිං සහ මෝවු ෆෙංබින් විසිනි.
  • ගුවෝසේ ටියෑන්ෂියෑං ජින්සායි ෂිලියෑං (国色天香尽在西凉; සියලු රූමතියන් ෂිලියෑංවලයි) ගායනය බ්ලැක් ඩක්ස් කණ්ඩායම (黑鸭子组合) විසිනි.
  • රැන්ඩෙං ෂි ගේ (燃灯之歌; පහනක් දැල්වීමේ ගීතය) ගායනය වැං ලයික් විසිනි.
  • ෂින් සි ලියැන්හුවා කායි (心似莲花开; පිබිදෙන නෙළුමක් මෙන් හද විවර වේ) ගායනය වික්ටර් චෙන් විසිනි.

අන්තර්ජාතික විකාශය

  • ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව තුළ, මෙය ජාතික රූපවාහිනී නාළිකාව ඔස්සේ 2016 වර්ෂයේ සැප්තැම්බර් මස සිට සිංහලෙන් හඬකවා මහා වානර යන තේමාව ඔස්සේ විකාශය අරඹන ලදී.

මේවාත් බලන්න

  • ජර්නි ටු ද වෙස්ට් (2011 රූපවාහිනී කතාමාලාව)
ඉහළට