සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මනෝගතික මනෝ ප්‍රතිකාරය එක්තරා ගැඹුරු මනෝ විද්‍යාවකි. එහි ප්‍රාථමික අරමුණ පුද්ගලයකුගේ මනසේ ආතතිය සමනය කිරීමට දරණ ප්‍රයත්නයේ දී ඔහුගේ මනසේ ඇති අවිඤ්ඤානික ප්‍රීතිය

Psychodynamic psychotherapy

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
විශ්ලේෂණාත්මක මනෝප්‍රතිකාරය
Intervention
MeSHD064889

මනෝගතික මනෝ ප්‍රතිකාරය එක්තරා ගැඹුරු මනෝ විද්‍යාවකි. එහි ප්‍රාථමික අරමුණ පුද්ගලයකුගේ මනසේ ආතතිය සමනය කිරීමට දරණ ප්‍රයත්නයේ දී ඔහුගේ මනසේ ඇති අවිඤ්ඤානික ප්‍රීතිය හෙළි කිරීමටය. මේ අයුරින් එය මනෝ විශ්ලේෂණයට සමානය. කෙසේ වුවද මනෝගතික ප්‍රතිකාරය මනෝ විශ්ලේෂණයට වඩා කෙටි වූ ද තීව්‍රතාවෙන් අඩු වු ද එකක් සේ පෙනේ. ප්‍රවේශය අතින් බලන විට මෙවැනි ප්‍රතිකාරයන් අනෙක් ඒවාට වඩා සාර්ථක බව පෙනී යයි. මෙහිදී මැදහත් වීමේ එකම ක්‍රමයක් මත විශ්වාසය නොතබා විවිධ මූලාශ්‍රවලින් ශිල්පී ක්‍රම ඇද ගැනීමයි. එය පෞද්ගලික මනෝ ප්‍රතිකාරයන් හි ද, සමූහ මනෝ ප්‍රතිකාරයෙ හි ද, පවුල් ප්‍රතිකාරයෙ හි ද ආයතන හා සංවිධාන සම්බන්ධ වැඩ අව‍බෝධ කර ගැනීමට භාවිතා කර ඇත.


ඉතිහාසය


මනෝ ගතිකයේ මූලධර්ම පළමුවෙන් හඳුන්වා දෙන ලද්දේ 1874 කායික විද්‍යා දේශන නැමැති ප්‍රකාශනයකින් අර්නස්ට් විල්හෙල්ම් බ්‍රෑක් (Ernst Wilhelm von Brücke) නැමැති ජර්මන් විද්‍යාඥයා විසිනි. බෲක් තාපගති විද්‍යාවෙන් ඉඟියක් ගෙන යෝජනා කළේ සියළු ජීවීන් ශක්ති සංරක්ෂණ මූලධර්මය මඟින් පාලනය වෙන ශක්ති විශේෂයන් බවය. එම වසරේම බෲක් වියනා විශ්ව විද්‍යාලයේ සිග්මන්ඩ් ප්‍රොයිඩ් නැමැති වෛද්‍ය ශිෂ්‍යයාගේ පරීක්ෂකයා විය. ප්‍රොයිඩ් පසුව ගතික කායික විද්‍යාව නැමැති මේ අලුත් නිර්මාණය මිනිස් සිත මනෝභාවගත කිරීමේ කාර්යයට උදවු පිණිස යොදා ගති. පසුව මනෝගතිකය පිළිබඳ සංකල්පය හා භාවිතය වැඩි දුරටත් වර්ධනය කරන ලද්දේ කාර්ල් ජුන්ග් , ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් හා මෙලනි ක්ලේන් විසිනි.

ආශ්‍රිත ලිපි

  • Anna Freud
  • Malan triangles
  • Models of abnormality
  • Psychodynamic Diagnostic Manual
ඉහළට