සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

'මාලක දේවප්‍රිය' (ඉංග්‍රීසි: Malaka Dewapriya)යනු ශ්‍රී ලාංකීය සම්මානනීය තරුණ චිත්‍රපට තිර රචකයෙකු හා සිනමාව අධ්‍යක්ෂවරයෙකි, ගුවන් විදුලි නාට්‍ය රචකයෙකි, දෘශ්‍ය

මාලක දේවප්‍රිය

විකිපීඩියා වෙතින්
මාලක දේවප්‍රිය
උපත
කොළඹ
අධ්‍යාපනයBA (2005) MFA (2009)MA (2019)
උගත් ශාස්ත්‍රාලයඇකඩමි ෂ්ලොෂ් සොලිටියුඩ්,කැළණිය විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය, ආනන්ද විද්‍යාලය,
වෘත්තියසිනමා අධ්‍යක්ෂණය


'මාලක දේවප්‍රිය' (ඉංග්‍රීසි: Malaka Dewapriya)යනු ශ්‍රී ලාංකීය සම්මානනීය තරුණ චිත්‍රපට තිර රචකයෙකු හා සිනමාව අධ්‍යක්ෂවරයෙකි, ගුවන් විදුලි නාට්‍ය රචකයෙකි, දෘශ්‍ය කලාකරුවෙකි, කෙටි චිත්‍රපට සහ වීඩියෝ නිර්මාණකරුවෙකි.

අධ්‍යාපනය

2005 කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී විශේෂ උපාධිධාරියෙකු වන ඔහුට 2007 දී ෆිල්ම් වීඩියෝ සහ නිව්මීඩ්යා සඳහා ජර්මනියේ බාර්ඩන් වෲටන්බර්ග් ශිෂ්‍යත්වයක් හිමිවිය. ඉන් අනතුරුව 2009දී ඔහු කොරියාවේ නැෂනල් මියුසියම් ඔෆ් කන්ටෙම්පරි ආර්ට් හි දකුණු ආසියානු ෆෙලෝ ශිෂ්‍යත්වයක් දිනා ගත්තේය.

වෘතාන්ත චිත්‍රපට

පාසල් සමයේදී "සම්මාන රූ" කෙටි චිත්‍රපටයෙන් ඇරඹී සිය සිනමාකරණය තුළ කෙටි චිත්‍රපට දහයක් නිර්මාණය කරලීය. ඔහුගේ පළමුවෘතාන්ත චිත්‍රපටයවන්නේ බහුචිතවාදියාය.[Bahuchithawadiya](බොහෝ අදහස් ඇත්තා/එක් අදහසක් නැත්තා). එය 2017 5වන දෙරණ සිනමා උළෙලේ හෙට දවසේ සිනමා අංශයෙන් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගනිමින් මිලියන 5ක ‍ප්‍රචාරක අනුග්‍රහය ලබාගන්නා ලදී. .ඉන් අනතුරුව 2018 අට වන සාක් සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂණය සඳහා ජූරි සම්මානය දිනා ගත්තේය. .එය 40 මොස්කව් අන්තර් ජාතික සිනමා උළෙලේ නෙට්පැක් තරගකාරී අංශය නියෝජනය කරමින් තිරගත විය. .එමෙන්ම 35වන සරසවි සම්මාන උළෙලේදී තිරගතවීමට ඇති චිත්‍රපට අතුරින් 2016 වර්ෂය සඳහා ලෙස්ටර් ජේම්ස් පීරිස් ජූරි සම්මානය දිනා ගන්නා ලදී. එමෙන්ම 2018 ජර්මනියේ කාල්ස්රුහි පැවති බෙස්ටලර් ඉන්ඩිපෙන්ඩන්ට් චිත්‍රපට උළෙලේදී හොඳම ස්වාධීන චිත්‍රපට සඳහා හිමි සම්මානය දිනා ගන්නා ලදී. බහුචිතවාදියා තවත් අන්තර්ජාතික සිනමා උළෙලවල් කිහිපයකම ප්‍රදර්ශනය විය.

කෙටි චිත්‍රපට

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස සිටියදී ඊශ්‍රායලයේ ටෙල්-අවිව් හි10 වන ජාත්‍යන්තර ශිෂ්‍ය සිනමා උළෙලේ දී “ලයිෆ් සර්කල්” නම් කෙටි චිත්‍රපටය ප්‍රදර්ශනය කළේය.එය ශ්‍රී ලාංකීය සිසුවෙකුගේ චිත්‍රපටයක් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලකට සහභාගී වූ පළමු අවස්ථාවයි. නෙදර්ලන්තය-සිනේ ස්ටුඩ්,ඉන්දියාව-ඕෂියන් සිනේ ෆෑන්, ඇමරිකාව- නිව්යෝර්ක් චිමෙරා ආදි තවත් සිනමා උළෙලවල් කිහිපයක්ම එය නියෝජනය කරලිය. ඔහු විසින් නිර්මාණය කරන ලද “එක්ස්චේන්ජ්” නම් කෙටි චිත්‍රපටය ටෝකියෝ සිනමා උළෙලට සමගාමීව පැවැත්වෙන ශෝට්ස් ෂෝ්ට්ස් චිත්‍රපට උළෙලේ පළමු ශ්‍රී ලාංකික ප්‍රවේශයද විය. සිය "ට්‍රාන්ස්ෆරන්ස් " කෙටි චිත්‍රපටය මුම්බායි ජාත්‍යන්තර ෆිලික්ස්ට් චිත්‍රපට උළෙලේදී හොඳම “රිදී ටෙන් සම්මානය” දිනා ගත් අතර පාකිස්ථානයේ කරා සිනමා උළෙල නියෝජනය ලැබීය. ඔහු ජර්මනියේ ඇකඩමි ෂ්ලෝස් සොලිටියුඩ්හි දී සාදන ලද "ටුඩේ" කෙටි චිත්‍රපටය "ඉතාලියේ සිනමාදමාරේ සිනමා උළෙලේ අවසන් වටයට" තරග කිරීමට තෝරා ගන්නා ලදී.

රේඩියෝ නාට්‍යය

පාසල් සමයේ සිට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාට්‍ය රංග ශිල්පියෙකු, පිටපත් රචකයෙකු ලෙස සක්‍රීය වූ ඔහු විවිධ තේමාවන්හී නාට්‍ය රැසක් රචනා කර ඇත. සිය නාට්ය පිටපත් එකතුවක් ලෙස 2005දී "උගේ හිස ඉවරයි" ,2012දී "නිහොන් සැප ලැබේවා" සහ 2023 දී "බැලන්ස් බාර්එකේ බුෂ්එක බුරුල්" රේඩියෝ නාට්‍ය ග්‍රන්ථ මුද්‍රණය කර ඇත. රේඩියෝ නාට්‍ය විකල්ප ශ්‍රවන මාදිලියක් ලෙස සමාජගත කිරීම අරමුණු කරගනිමින් ඔහු විසින් 2016 දී "කණට පාරක්"" (කනට නව මාර්ගයක් නැතහොත් අවකාශයක්, ඉංග්‍රීසි: earfull of visuals- ) නමින් ප්‍රවීණ රංග ශිල්පින් අසූවක් යොදාගනිමින් රේඩියෝ නාට්‍ය 20ක් නිෂ්පාදනය කළේයහොඳම රේඩියෝ නාට්‍ය පිටපත් සඳහා අන්තර් විශ්ව විද්‍යාල සම්මාන, යෞවන සම්මාන රැසක්දිනා ඇති ඔහු 2017 පළමු රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උළෙලේදී හොඳම රේඩියෝ නාට්‍ය රචකයාට හිමි සම්මානයත් නැවත 2019 දෙවන රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උළෙලේදී හොඳම රේඩියෝ නාට්‍ය රචකයාට හිමි සම්මානයත් දිනා ගත්තේය.

වේදිකා නාට්‍ය

1989  කාලයේදි ළමා රංග ශිල්පියෙකු ලෙස වේදිකා නාට්‍ය  ක්ෂේත්‍රයට සම්බන්ධ වූ ඔහු යෞවන සම්මාන හා  රාජ්‍ය සම්මාන දිනූ 1991 "මහාමාරිය", 1992 "සෙවණැලි සහ මිනිස්සු" ,1993  "කස්පා" ,1994 "ඝාතක ස්වර " ආදී  දිගු වේදිකා නාට්‍ය මෙන්ම  කෙටි නාට්‍ය රැසක රංගනයෙන් දායකවී ඇත. ශිෂ්‍යයකු ලෙස කෙටි නාට්‍ය ගණනාවක් රචනා කොට නිෂ්පාදනය කර ඇත. 1991 "ක්ෂමාව",1992 "ගිණිකන්ද",1993 "බන්ධන",1995 "දණ්ඩන" ආදී නාට්‍ය සඳහා පාසල්, අන්තර් පාඨශාලීය, සමස්ත ලංකා, හොඳම රචනය නිෂ්පාදනය රංගනය සඳහා සම්මාන ලබා ඇත. 2001 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයේ ඉදිරිපත් කිරීමක් ලෙස හැරල්ඩ් පින්ටර්ගේ "වන් ෆෝද රෝඩ්" දිගු නාට්‍යය නිෂ්පාදනය කළ අතර එය යෞවන හා රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා තේරී පත්වී සම්මානයට පාත්‍ර විය. එමෙන්ම ධර්මසේන පතිරාජ රචනා කළ "කොරා සහ අන්දයා" නාට්‍යය 2017 නැවත නිෂ්පාදනය කරලීය.

බාහිර සබැදි

ඉහළට