සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

බෙරෙනිස් I (ග්‍රීක: Βερενίκη; ක්‍රි.පූ. 340 පමණ – 279 සහ 268 අතර දක්වා) යනුවෙන් හැඳින්වෙන්නේ ග්‍රීක මැසිඩෝනියානු වංශවත් කාන්තාවකි. ඇය ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ

බෙරෙනීස් I

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
බෙරෙනිස් I
ඊජිප්තුවේ රැජින
"ප්‍රොම්ප්ටුවාරී අයිකොනම් ඉන්සිග්නියෝරම්"හි දැක්වෙන Iවන බෙරෙනිස්ගේ රුව
උපතක්‍රි.පූ. 340 පමණ
මැසිඩෝනියාව
මරණයක්‍රි.පූ. 279 සහ 268 අතර
ඊජිප්තුව
වල්ලභයාෆිලිප්, මැසිඩෝනියානු වංශවතා
ටොලමි I සෝටර්
දරුවන්ෆිලිප්ට දාව:
මේගස් සිරිනියේ රජ
ඇන්ටිගනි (පසුව එපිරසයේ රැජින)
තියෝෂේනා
ටොලමි I සෝටර්ට දාව: ආර්සිනෝයි II
ෆිලෝටේරා
ටොලමි II ෆිලඩෙල්ෆස්
රාජවංශයටොලමයික
පියාමේගස්
මවඇන්ටිගනි

බෙරෙනිස් I (ග්‍රීක: Βερενίκη; ක්‍රි.පූ. 340 පමණ – 279 සහ 268 අතර දක්වා) යනුවෙන් හැඳින්වෙන්නේ ග්‍රීක මැසිඩෝනියානු වංශවත් කාන්තාවකි. ඇය ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ ටොලමි I සෝටර් සමග විවාහ වී ඔහුගේ දෙවන රැජින බවට පත්වූවා ය. ඔහුගේ පළමු රැජින වූයේ යුරිඩිස් නැමැත්තියයි‍.

පවුල

බෙරෙනිස්ගේ සම්භවය ඉයෝර්ඩියාහි සිදු විය. ඇය අප්‍රකට ප්‍රාදේශික වංශවතකු වූ මේගස්ගේ සහ ඇන්ටිගනිගේ දියණියයි. ඇගේ මාතෘ පාර්ශ්වීය මුත්තණුවන් ඇලෙක්සැන්ඩර්ගේ අධිරාජ්‍යයේ අනුරාජයා වූ ඇන්ටිපේටර්ගේ සොහොයුරා වූ කැසැන්ඩර් නැමැති වංශවතෙකි. මේ නිසා මවගේ පාර්ශ්වයෙන් ඇය එම පවු‍ලේ ඥාතියකු විය.

පළමු විවාහය

ක්‍රි.පූ. 325දී බෙරෙනිස් අප්‍රකට ප්‍රාදේශික වංශාධිපතියකු සහ යුධ නිලධාරියකු වූ ෆිලිප් සමග විවාහ විය. පෙර විවාහකයකු වූ ෆිලිප්ට වෙනත් දරුවන් ද විය. පළමු විවාහයෙන් ඇය ෆිලිප්ට දාව සිරිනියේ මේගස් රජු, ඔහුගේ සොයුරිය වූ ඇන්ටිගනි සහ තියෝෂේනා නැමැති දියණිය ඇතුළු දරුවන් බිහිකළා ය. ඇන්ටිගනි පසුව එපිරසයේ පයිරස් රජුගේ රැජින බවට පත් විය.

ඇපොලෝ පූජකවරයා වශයෙන් කටයුතු කරන සමයේ මේගස් විසින් තමන් සහ සිය පියාණන් වෙනුවෙන් ශිලාලේඛනයක් ඉදිකොට ඇත. පයිරස් විසින් ඇගේ නාමය ඇසුරෙන් බෙරෙනිකිස් ලෙස නව නරගයක් නම්කරන ලදී.

ක්‍රි.පූ. 318 අවට කාලයේ ෆිලිප් මරණයට පත් විය.

ටොලමි සමග විවාහය

IIවන ටොලමි සහ ඔහුගේ මව වූ Iවන බෙරෙනිස්ගේ හිස

සිය පළමු සැමියාගේ මරණින් පසු, බෙරෙනිස් සිය දරුවන් සමග ඊජිප්තුව කරා සංක්‍රමණය වූවා ය. එහිදී ඇය Iවන ටොලමිගේ භාර්යාව මෙන්ම සිය මවගේ පළමු නෑනණ්ඩිය ද වූ යුරිඩිස්ගේ පරිවාර ස්ත්‍රියක ලෙස කටයුතු කළා ය. Iවන ටොලමි යනු මහා ඇලෙක්සැන්ඩර්ගේ සෙන්පතියකු වූ අතර ඔහු විසින් පුරාතන ඊජිප්තුවේ ටොලමියානු රාජවංශය පිහිටුවන ලදී. Iවන ටොලමිගේ නෙතගැටීමට ලක්වූ බෙරෙනිස්, ක්‍රි.පූ. 317දී ටොලමි විසින් විවාහ කරගන්නා ලදී. බෙරෙනිස්, Iවන ටොලමිට දාව දියණියන් දෙදෙනකු සහ පුත්‍රයකු වැදුවා ය. දියණියන් දෙදෙනා IIවන ආර්සිනෝයි, ෆිලෝටේරා ලෙස නම් කෙරුණු අතර, පුත්‍රයා ටොලමි II ෆිලඩෙල්ෆස් නම් විය.

හඳුනා නොගත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දී ඇය විසින් රථ ධාවන අංශයේ ශූරතාවය හිමි කරගෙන තිබේ. යුරිඩිස්ගේ දරුවන් සිටියදී, Iවන ටොලමි විසින් සිය අනුප්‍රාප්තිකයා ලෙස IIවන ටොලමිව නම් කරන ලදී. සිය රාජ්‍ය සමය තුළ දී, IIවන ටොලමි විසින් රතු මුහුදේ වරායයක් ඉදිකොට එය සිය මවගේ නම ඇසුරෙන් බෙරෙනිස් ලෙස නම්කරන ලදී. ඇගේ මරණින් පසු IIවන ටොලමි සහ පසුව ටොලමි IV ෆිලො‍පේටර් විසින් ඇයට දිව්‍යමය ගෞරව සහිත ආඥාවක් නිකුත් කොට තිබේ. (තියෝක්‍රිටස්, Idylls xv. සහ xvii.).

ඉහළට