සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සුන්නි ඉස්ලාම් ආගම යනු, ඉස්ලාම් ආගමෙහි විශාලතම ශාඛාව වන අතර; එහි භක්තිකයන් අරාබි භාෂාවෙන් හැඳින්වෙන්නේ ahl as-sunnah wa l-jamāʻah (අරාබි: أهل السنة والجماعة‎),

සුන්නි ඉස්ලාම්

විකිපීඩියා වෙතින්
ඊජිප්තුවේ, කයිරෝවේ, අල්-අස්හර් විශ්වවිද්‍යාලය. ෆාතිමිද් ෂියා වරුන් විසින් තැණුනු එය, සුන්නි ඉස්ලාම් අධ්‍යයනය පිළිබඳ වැදගත් කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇත

සුන්නි ඉස්ලාම් ආගම යනු, ඉස්ලාම් ආගමෙහි විශාලතම ශාඛාව වන අතර; එහි භක්තිකයන් අරාබි භාෂාවෙන් හැඳින්වෙන්නේ ahl as-sunnah wa l-jamāʻah (අරාබි: أهل السنة والجماعة), " මුහමද් තුමාගේ සම්ප්‍රදායය සහ උම්මා සම්මුතියට අදාළ ජනතාව " හෝ ahl as-sunnah (අරාබි: أهل السنة) ලෙසිනි. සිංහලයෙන් ඔවුන් කෙටියෙන් හැඳින්වෙන්නේ, සුන්නි මුස්ලිම්වරුන්, සුන්නිවරුන්, හෝ සුන්නින් ලෙසිනි. සුන්නි ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගමික සමූහනය වන අතර ලෝකයේ සමස්ත ආගම් අතුරින් විශාලතම ආගමික නිකාය වෙයි. ආගමෙහි, ඕර්තඩොක්ස් අනුවාදය ලෙසින්ද සුන්නි ඉස්ලාම් ආගම සමහරවිට සැලකෙයි. හදීත් කෘතීන්හී සටහන්ව ඇති ඉස්ලාමීය අනාගතවක්තෘ මුහමද්තුමාගේ කියමන් සහ ක්‍රියා සඳහා භාවිතා වන සනාහ් (අරාබි: سنة) යන පදයෙන් "සුන්නි" යන පදය බිඳි ඇති බව සැලකෙයි .

සුන්නි ඉස්ලාම් ආගමෙහි සමස්ත නීති සංග්‍රහයෙහි පදනම් සකස්වන්නේ, සුන්නි ඕර්තඩොක්ස් දෘෂ්ටිය විසින් පිළිගන්නාවූ කුතූබ් අල්-සිත්තාහ් වෙතින් සමන්විත ප්‍රාථමික සමුච්චයන් හා සමග සංගමනයවූ කුරානය සහ බැඳුම් සම්මුති වෙතිනි. කීති ව්‍යුත්පන්න කරගන්නේ මෙම මූලික මූලාශ්‍රයන් වෙතිනි; මෙයට අමතරව, සුන්නි ඉස්ලාම් ආගමෙහි නෛතික ශාස්ත්‍රාල විසින් තීන්දු ව්‍යුත්පන්න කිරීම සඳහා, තුල්‍යරූප තර්කය, මහජන සුබසාධනයෙහි විචාරණය සහ නෛතික අභිමතිය වැනි විවිධ ක්‍රම පිළිගනිති.

ඉහළට