| Anxiety disorder | |
|---|---|
![]() | |
| The Scream (Norwegian: Skrik) a painting by Norwegian artist Edvard Munch | |
| විශේෂඥතාව | Psychiatry, clinical psychology |
| රෝග ලක්ෂණ | Worrying, fast heart rate, shakiness |
| සංකූලතා | Depression, trouble sleeping, poor quality of life, suicide |
| සාමාන්‍ය ආරම්භය | 15–35 years old |
| කාලය | > 6 months |
| හේතූන් | Genetic and environmental factors |
| අවදානම් සාධක | Child abuse, family history, poverty |
| රෝග විනිශ්චය ක්‍රමය | psychological assessment |
| වෙනත් විනිශ්චයන් | Hyperthyroidism; heart disease; caffeine, alcohol, cannabis use; withdrawal from certain drugs |
| ප්‍රතිකාර | Lifestyle changes, counselling, medications |
| ඖෂධ | Antidepressants, anxiolytics, beta blockers |
| සංඛ්‍යාතය | 12% per year |
කාංසා අක්‍රමතාවය (ඉංග්‍රීසි: Anxiety disorder) ආශ්රිත රෝග යනු විවිධාකාර අසාමාන්‍ය සහ ව්‍යාකූල සිතෙහි නොසන්සුන් බව , බිය, භීතිකාව හඳුන්වන පොදු යෙදුමකි. එය ස්නායු පද්ධතියේ තර්කාන්විත නොවන , සාක්ෂි මත පදනම් නොවන රෝගයක් ලෙස හැඳින්විය හැක.
කාංසාව සහ බිය පුදුමාකාර හැඟීම් වෙයි. මේවාට විශේෂිත විද්‍යාත්මක අර්ථ දැක්වීම් පැවතිය ද පොදු භාවිතය නිසා මෙහි අර්ථයන් එකිනෙක හුවමාරු වන සුළුය. උදාහරණ ලෙස DSM-IV මුද්‍රණයට අනුව හේතු විරහිත බිය යනු සිතෙහි ඇති වන එක් නොසන්සුන් බවකි. බිය යනු හඳුනාගත් බාහිර තර්ජනයන්ට චෛතසික ලෙස හා කායිකව දක්වන ප්‍රතිචාර ලෙස පෙන්වා දිය හැක. සිතෙහි ඇති වන භීතිකාව යනු බාහිර ප්රභවය හඳුනා ගැනීමට අපහසු වූ එමගින් සිතෙහි ඇතිවන ව්‍යාකූලතාවයයි. බොහෝ විට එය කායික විද්‍යාත්මක රෝග ලක්ෂණ සමඟ බැඳී පවතින අතර එමඟින් පුද්ගලයා විඩාවට පත්වීමට ද ඉඩ ඇත. හඳුනාගත් බාහිර තර්ජනකාරී ප්‍රභවයන් ද මෙයට සමාන මානසික ව්‍යාකූලතා සහ කායික වෙනස්කම් ඇති කරන නිසා රෝගීන් බිය සහ භීතිකාව සමාන ලෙස හැඳිනීමට පෙළඹේ. සිතෙහි නොසන්සුන්භාවයෙහි රෝග එකිනෙකට වෙන්කර හඳුනා ගැනීම වඩා හොඳ ප්‍රතිකාරයන්ට මුල පිරීමට හැක. ඇමරිකානු ජාතිකයින් 30% පමණ චිත්ත ව්‍යාකූලතා රෝගවලින් පෙළෙයි.
ආශ්රිත
- Anxiety disorder
