සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

විලියම් වර්ඩ්ස්වර්ත් (1770 අප්‍රේල් 7 – 1850 අප්‍රේල් 23) යනු ප්‍රධාන පෙලේ රොමැන්ටික් කවියෙකි. ඔහු තවත් එවැනි කවියෙකු වූ සැමුවෙල් ටේලර් කෝල්රිජ් සමග එක් වී ඉංග්

විලියම් වර්ඩ්ස්වර්ත්

විකිපීඩියා වෙතින්
විලියම් වර්ඩ්ස්වර්ත්
බෙන්ජමින් රොබර්ට් හේඩ්න් විසින් සිත්තමට නැංවුණු විලියම් වර්ඩ්ස්වර්ත්ගේ ආලේඛ්‍ය චිත්‍රයක් (ජාතික ආලේඛ්‍ය චිත්‍රාගාරය).
උපත7 අප්‍රේල් 1770(1770-04-07)
වර්ඩ්ස්වර්ත් හවුස්, කොකර්මවුත්, මහා බ්‍රිතාන්‍ය රාජධානිය
විපත23 අප්‍රේල් 1850(1850-04-23) (වයස 80)
කම්බර්ලන්ඩ්, එක්සත් රාජධානිය
වෘත්තියකවියා
උගත් ශාස්ත්‍ර ශාලාවකේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය
සාහිත්‍යමය සංවිධානයරොමැන්ටික්වාදය
සංගණ්‍ය කෘතිය(න්)ලිරිකල් බැලර්ඩ්ස්, පොයෙම්ස් ඉන් ටූ වොලියුම්ස්, දි එක්ස්කර්ෂන්, ද ප්‍රිලූඩ්

විලියම් වර්ඩ්ස්වර්ත් (1770 අප්‍රේල් 7 – 1850 අප්‍රේල් 23) යනු ප්‍රධාන පෙලේ රොමැන්ටික් කවියෙකි. ඔහු තවත් එවැනි කවියෙකු වූ සැමුවෙල් ටේලර් කෝල්රිජ් සමග එක් වී ඉංග්‍රීසි සාහිත්‍යයේ රොමැන්ටික් යුගයක් නිර්මාණය කිරීමට කටයුතු කළහ. ‘ලිරිකල් බැලඩ්’ ඔවුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශනය විය. (Lyrical Ballads)

වර්ඩ්ස්වර්ත්ගේ අගනාම කෘතිය ලෙසින් සාමාන්‍යයෙන් සළකනු ලබන්නේ ද ප්‍රෙල්‍යුඩ් (The prelude) නම් ඔහුගේ ජීවිතයේ මුල් කාල පරිච්ඡේදය ගැන ස්වයං චරිතාපදපයක් වශයෙන් ලියැවුනු කාව්‍යයයි. මෙය කතෘවරයා විසින් කිහිප විටක් සංස්කරණය කරමින් තවත් කරුණු අඩංගු කළේය. මෙය මුලදි හඳුන්වන ලද්දේ ටු කොල්රිජ් (To Coleridge) යනුවෙනි. ඔහුගේ මරණයෙන් පසුව මාතෘකාවක් යොදා ප්‍රසිද්ධියට පත් කරන ලදී. වර්ඩ්ස්බර්ත් 1843 වර්ෂයේ සිට 1850 දි සිදු වූ ඔහුගේ මරණය දක්වා එංගලන්තයේ රාජ්‍ය සම්මාන ලද කවියා ලෙස සම්මානයට පාත්‍ර වුයේය.

ඉහළට