| භට්ටිප්‍රෝලු අක්ෂර | |
|---|---|
![]() ක්‍රි.පූ. 3වන සියවසට අයත් යැයි විශ්වාස කෙරෙන භට්ටිප්‍රෝලු කැනීම්වලින් හමුවූ 6වන ශිලා ලේඛනය | |
| වර්ගය | අබුගිඩා |
| භාෂා | ප්රාකෘත |
| කාල වකවානුව | ක්‍රි.පූ. 3වන සියවස - 1වන සියවස |
මාතෘ ක්‍රම | |
සහෝදර ක්‍රම | දෙමළ-බ්රාහ්මී කාදම්බ අක්ෂර ගුප්ත සිංහල තෝචාරියානු |
| බ්රාහ්මීය අක්ෂර මාලා |
|---|
| බ්රාහ්මී අක්ෂර මාලාව සහ ඉන් පැවතෙන්නන් |


භට්ටිප්‍රෝලු අක්ෂර යනුවෙන් හැඳින්වෙන්නේ දක්ෂිණ භාරතයේ ආන්ධ්‍ර ප්‍රදේශ් හි ගුන්ටූර් දිස්ත්‍රික්කයේ පිහිටි භට්ටිප්‍රෝලු නම් කුඩා ගම්මානයකින් හමුවූ පැරණි ශිලා ලේඛනවල හමුවන බ්රාහ්මී අක්ෂර ප්‍රභේදයකි. මෙය පිහිටියේ සශ්‍රීක ක්‍රිෂ්ණා ගංගා ඩෙල්ටාවේ සහ ගංගාව බෙංගාල බොක්ක හමුවන මෝය ප්‍රදේශයේ ය.
මෙහි අභිලේඛන ක්‍රි.පූ. 3වන සිට 1වන සියවස දක්වා කාලයට අයත් යැයි සැළකේ. ඒ අනුව මෙම අක්ෂර දකුණු ඉන්දියාවෙන් හමුවන පැරණිතම බ්රාහ්මී ලේඛන අතුරින් එකක් වේ.
භට්ටිප්‍රෝලු අක්ෂර අශෝකානු බ්රාහ්මී අක්ෂරවලින් වෙනස් වන්නේ කරුණු දෙකක් නිසා ය. පළමුව, ඝ, ජ, ම, ල, ස යන අක්ෂර "බෙහෙවින් වෙනස් ය": ම යන්න බ්රාහ්මී හා සැසඳීමේ දී උඩු යටිකුරු වී ඇත; එසේම ඝ අක්ෂරය ග අක්ෂරයෙන් ව්‍යුත්පන්න වී ඇති ආකාරයක් පෙනී යයි. දෙවනුව, අන්තර්නිහිත ස්වර නොසලකා හැර ඇත: පිල්ලම් රහිතව ලියනු ලබන අක්ෂර මගින් ව්‍යඤ්ජනාක්ෂරය හැඟවේ. මෙය මුල්කාලීන භාරතීය අක්ෂර ක්‍රම හා සැසඳීමේ දී භට්ටිප්‍රෝලු වලට අනන්‍ය ලක්ෂණයකි.
- A History of Indian Buddhism: From Sakyamuni to Early Mahayana, p. 241, Akira Hirakawa, Motilal Banarsidass Publ.
- Salomon (1998), p. 34f. cites one estimate of "not later than 200 BC", and of "about the end of the 2nd century B.C."
- The Bhattiprolu Inscriptions, G. Buhler, 1894, Epigraphica Indica, Vol.2
- Buddhist Inscriptions of Andhradesa, Dr. B.S.L Hanumantha Rao, 1998, Ananda Buddha Vihara Trust, Secunderabad
- Richard Salomon (1998) Indian Epigraphy: A Guide to the Study of Inscriptions in Sanskrit, Prakrit, and the other Indo-Aryan Languages