ශ්‍රී ලංකාවට ආවේණික නිර්විශ සර්ප විශේෂයකි. කුඩා සර්ප විශේෂයක් වන මොවුන් කුහර වල ජීවත්වේ. මධ්‍ය කඳුකරයේ ජීවත්වේ. ගම්මඩුව, මොණරාගල, පබුකැලේ, නුවරඑළිය, හරස්බැද්ද, පූඩලු ඔය, මැද මහනුවර, ලොන්ග්ටස් වතුයාය, නානුඔය, සීතා එළිය, පට්ටිපොල, හග්ගල, හෝර්ටන් තැන්න, නමුණුකුල, රදැල්ල, රම්බොඩ හා දියතලාව අාදී මුහුදු මට්ටමේ සිට මීටර 750 සිට 2100 දක්වා පරාසයේ වාර්තා වී ඇත.හිස ගෙල වෙන්ව දැකිය නොහැකි සිලින්ඩරාකාර දේහයකි. පාර්ශ්විකව ඉරි හා අඳුරු පෘෂ්ඨිය ලප පේලි 2-3ක් පමණ වේ. කලු-දුඹුරු පැහැයේ සිට රතු පැහැයට හුරු දුඹුරු වර්ණ ආදී විවිධ පරාසයන්හි සතුන් දැකිය හැක.බිම් පණුවන් හා කුහුඹුවන් ආහාරයට ගන්නා මොවුන් කෘෂිකාර්මික ප්‍රදේශ වල, හියුමස් පසේ හා කොළරොඩු අතර දැකිය හැක.වරකට 16 x 25mm ප්‍රමාණයේ බිත්තර 4-12 දක්වා ගණනක් දමයි.
ශ්‍රී ලංකාවට ආවේණික නිර්විශ සර්ප විශේෂයකි. කුඩා සර්ප විශේෂයක් වන මොවුන් කුහර වල ජීවත්වේ. මධ්‍ය කඳුකරයේ ජීවත්වේ. ගම්මඩුව, මොණරාගල, පබුකැලේ, නුවරඑළිය, හරස්බැද්ද,