
පලෑර්මෝ ශිලාව යනු, පුරාතන ඊජිප්තුවෙහි පැරණි රාජධානියෙහි රාජකීය විස්තර ලෙසින් හැඳින්වෙන ලිපි ටැඹක දැනට නිරුප්‍රදිතව ඇති කොටස් හත අතුරින් එකකි. පළමුවන රාජවංශයෙහි සිට පස්වන රාජවංශයෙහි මුල් කොටස දක්වා ඊජිප්තුවේ රජවරුන්ගේ ලැයිස්තුවක්ද ඔවුන්ගේ රාජ්‍ය කාලයෙහි එක් එක් අවුරුදු වල වැදගත් සිදුවීම්ද මෙම ලිපි ටැඹෙහි සඳහන් කර තිබිණි. එය බොහෝවිට පස්වන රාජවංශයෙහිදී (දළවශයෙන් ක්‍රියුපෙ 2392–2283) තැනෙන්නට ඇත. පලෑර්මෝ ශිලාව තැන්පත් කර ඇත්තේ, ඉතාලියෙහි, පලෑර්මෝ නගරයෙහි, අන්තෝනියෝ සලීනාස් ප්‍රාදේශීය පුරාවිද්‍යාත්මක කෞතුකාගාරයෙහි වන අතර, එම කරුණු අනුසාරයෙන් එහි නම ව්‍යුත්පන්න වී ඇත.
කයිරෝ සහ ලන්ඩන යන කෞතුකාගාර වල තැන්පත් කර ඇති කැබලි ඇතුළු, රාජකීය විස්තර වල නිරුපද්‍රිතව ඇති සමස්ත කැබලි හතටමද සමහරවිට "පලෑර්මෝ ශිලාව" යන පදය යෙදෙයි. මෙම කැබලි සඳහා සමස්තයක් වශයෙන් "කයිරෝ විස්තර ශිලාව" යන පදය සමහරවිට යෙදෙන මුත්,කයිරෝවෙහි දැනට ඇති රාජකීය විස්තර කැබලි වලට පමණක් "කයිරෝ ශිලාව" යන පදය යෙදීමද සිදු වෙයි.
පලෑර්මෝ ශිලාව සහ රාජකීය විස්තර ටැඹෙහි අනෙකුත් කැබලි තුලින්, පුරාතන ඊජිප්තුව පිළිබඳ බොහෝ විට පැරණිතම ඓතිහාසික ලේඛය නිරුපද්‍රිතව ආරක්ෂණය වී ඇති අතර, පැරණි රාජධානියෙහි ඊජිප්තියානු ඉතිහාසය සඳහා එය ප්‍රධාන මූලාශ්‍රයක් වෙයි.
විස්තරය
පලෑර්මෝ ශිලාව කොටසක් වූ රාජකීය විස්තරය ලිපි ටැඹ, මූලාරම්භයෙහිදී 60 සෙමී උස සහ 2.1මී පමණ පළල වන්නට ඇත. කැබලි සැදී ඇත්තේ ඝන දැඩි කාල වර්ණ ශිලා වර්ගයකින් වන අතර, එය බොහෝ විට බැසෝල්ට් නම් කළු ආග්නේය පාෂාණ වර්ගයක් විය හැක.
පලෑර්මෝ ශිලාව අවිධිමත් පළිහ-හැඩැති කැබැල්ලක් වන අතර, 43.5 සෙමී උස, 25 සෙමී පළල සහ 6.5 සෙමී ඝනකම (උපරිම මාන) සහිත වෙයි.
- ඩොඩ්සන්, එයිඩ්න් (2004) ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ ඒන්ෂන්ට් ඊජිප්ට්, පි.62. තේම්ස් හා හඩ්සන්, ISBN 0-500-05128-3.
- ඩොඩ්සන්
- පුරාතන ඊජිප්තියානු රජවරුන්ගේ ලැයිස්තු
- පුරාතන ඊජිප්තියානු ලිපි ටැම්
- ඊජිප්තුවේ පස්වන රාජවංශය
- ක්‍රිපූ 25වන-සියවසෙහි ලිපි ටැම්
- ක්‍රිපූ 3වන-සහස්රයෙහි ලිපි ටැම්
- ක්‍රිපූ 25වන-සියවසෙහි කෘතීන්